black balloons at Sri Lanka High Commission in UK

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරය 2021 පෙබරවාරි 22දා ආරම්භ විය. ඒ නිමිති කරගෙන ලන්ඩනයේ දෙමළ ක්‍රියාකාරිකයන් විසින් දියත් කරන ලද කළු බැලුන් විරෝධතාවක ඡායාරූප කිහිපයක් ටැමිල් ගාඩියන් වෙබ් අඩවියෙහි පළ කර තිබිණි. ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රචාරණ පාඨය වන So Sri Lanka අනුකරණය කරමින් සකස්කරන ලද I am SriContinue Reading

Ranjan Ramanayaka

රන්ජන් රැකගැනීම සඳහා අප සටන් කළ යුතුය. අද මෙන්ම හෙට ද ඔහු තනි නොකළ යුතුය. ඔහු නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කළ යුුතුය. ඔහු විසින් නියෝජනය කරන ලද අරගලවල සංකේතයක් ලෙස ඔහු ප්‍රවර්ධනය කළ යුතුය. රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි. Continue Reading

Uwathenne Sumana Himi

මෙහි ඊළඟ පියවර හිරු රූපවාහිනිය අයත් රෙනෝ සිල්වාගේ සහෝදරයා වන, මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීම යයි බොහෝ අය විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ විරෝධය කල්තබා සමනය කිරීමට මෙම පියවර ගත් බව විශ්ලේෂකයන් පවසනවා.Continue Reading

Jagath Weerasinghe

මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.Continue Reading

Makandure Madush

ඒ තරම් භයානක බව හොඳින් ම දන්නා ස්ථානයක වැටලීමක් පොලිසිය සැලසුම් කරන ආකාරය ළමයින්ගේ හොරා පොලිස් ක්‍රීඩාවකටත් වඩා බොළඳ ය. පැය 24කට පෙර හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පොලිස් සේනාංකයක් යොදවන ලද මුත්, බරපතල අපරාධකරුවෙකු සමග වැටලීමක් සඳහා භයානක ස්ථානයකට යන්නේ පොලිස් නිලධාරීන් 20කටත් අඩු සංඛ්‍යාවකි. Continue Reading

President Gotabaya at Narahenpita Housing Development Authority

අජිත් පැරකුම් ජයසිංහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ජනාධිපතිවරයා හදිසියේ කඩාවැදීම සමස්ත රාජ්‍ය අංශයටම කරන ලද අනතුරු ඇඟවීමක් හෙයින් එය ප්‍රශංසා කළ යුතු පියවරකි. රජයේ කාර්යාලවල ආදර්ශ පාඨය වන්නේ ‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපන්’ ය යන්න විහිළුවක් නොවේ. මේ සම්බන්ධ සජීවී අත්දැකීම් කීපයක් මේ දිනවල මට ලැබෙමින් තිබේ.Continue Reading

Indian Coast Guard officials connecting the burning MT New Diamond oil tanker to a tug boat

ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමකින් මේ වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගනිමින් තිබූ MT New Diamond තෙල් නැවේ ගින්න පාලනය කර එය නොගැඹුරු ශ්‍රී ලංකා වෙරළ දෙසට පාවී ඒම වළක්වා ඇති බව වාර්තා වේ. තෙල් කාන්දු වීම් මේ දක්වා වාර්තා වී නැත. ඒ අනුව,Continue Reading

MT New Diamond

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ ගිනිගනිමින් තිබෙන MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගිනි ඇවිලුණු පසුපස වම් පැත්තේ ජල තලයට මීටර් 10ක් ඉහළින් මීටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ට්විටර් පණිවුඩයකින් පවසයි. මේ වන විට ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් Dornier නම් ගුවන් යානයක් මගින් තෙල් කාන්දුවකින්Continue Reading