සබන් යොදා දෑත් සේදීම මේ තරම් වැදගත් ඇයි?

ඇතැමුන් බොහෝ වෙලාවක් එකම අත්වැසුම් පාවිච්චි කරමින් සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ අත්වැසුම්වල ඉතා පහසුවෙන් වයිරසය ඇලෙනවා. ඒවා තව තව පෘෂ්ඨවලත් තැවරෙනවා. මුදල්, මේස, කවුන්ටර, පරිගණක යතුරු පුවරු, ජංගම දුරකථන ආදී හැම තැනකම වයිරසය තිබෙන්නට පුළුවන්. අත්වැසුම් දමාගෙන මේවා අල්ලන අය ඒ අත්වැසුම් පිටින්ම මුහුණු ආවරණය අල්ලනවා ඔබ දැක ඇති. අත්වැසුම් යනු පාවිච්චි කර වහා බැහැර කළ යුතු දෙයක් මිසක් බොහෝ වෙලාවක් පැළඳ සිටින්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ දෑත් පිරිසිදු කරගැනීමයි.

News Detail

යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා නිසා අපට නොමිලේ ලැබෙන කොවිඩ් එන්නත

අජිත් පැරකුම් ජයසිංහ ඡායාරූපයේ දැක්වෙන්නේ අද දිනයේ යුනිසෙෆ් සංවිධානය හරහා එමිරේට්ස් ස්කයි කාගෝ සේවාව මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද COVAX පහසුකම යටතේ නොමිලේ ලැබුණු පළමු එන්නත් තොගයයි. එහි මාත්‍රා

News Detail

How the American Community reacts to COVID 19 Vaccines.

My wife who works at an assisted living care facility has obtained the first shot of the vaccine. She told me that the instructions from the state clearly indicate that Pfizer and Moderna are both Messenger RNA (mRNA) vaccines. mRNA are molecules that provide instruction. They do not contain a virus that causes COVID-19. mRNA vaccines teach our cells to create an immune response so that the body knows how to fight with the virus if it is later exposed to the virus. Once your body learns how to create the immune response, it breaks down and gets rid of the mRNA.

News Detail

සංචාරක කර්මාන්තයේ හිඟන්නාගේ පාත්තරයට වැහුණ රාජපක්ෂ පවුල

මේ හැම දෙයකින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තම සැබෑ වර්ණ ප්‍රදර්ශනය කරමින් සිටින බව කියන්නට පුළුවන්. පැරණි වෘත්තිකමය නොවන චර්යාවන්, ගජමිතුරු ව්‍යාපාර හා දූෂණ නැවත පණගැන්වෙමින් තිබෙන්නේ මහජනතාව දැඩි දුෂ්කර තත්වයන් තුළ ජීවිත පවත්වාගැනීමට අරගල කරන සමයක වීම ඉතාම කණගාටුදායක තත්වයක්.

News Detail

ධම්මික පැණිය හා පැණි දේශපාලනය

භයානකම තත්වය වන්නේ මේ රට පාලනය කරන පිරිස වනාහි ධම්මික බණ්ඩාර වැනි භින්නෝන්මාද තත්වයේ සිටින්නේ යයි සිතිය හැකි පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ප්‍රවර්ධනය කරන, ජාතික චින්තන තර්කනයට යට වූ, වෙනත් සමාන්තර විශ්වයක ජීවත් වන පිරිසක් වීමයි. ඔවුන් කරන කියන කිසිවක් මේ මිහිපිට වෙනත් රාජ්‍ය කරන දේවල් ඇසුරෙන් මුළුමනින්ම වටහාගන්නට බැහැ. ඔවුන් මේ රටට මොකක් කරයිද?

News Detail

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය.

News Detail

පාසල් යළි ආරම්භ කිරීමේ එඩිතර තීන්දුව

නව සාමාන්‍ය තත්වය යටතේ කොවිඩ්-19 සමග තව බොහෝ කාලයක් ජීවත් වීමට රටේ ජනතාවට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු, නිදන්ගත රෝගීන්, වැඩහිටියන් වැනි අවදානම් ප්‍රජාව ආරක්ෂා කරගන්නට අරගල කරමින්, සැලකිය යුතු පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වී සුවපත් වෙමින් කල් බැලීමයි. එහිදී සැලකිය යුතු මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන බව තේරුම් ගැනීමට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු හැකි තරම් පරිස්සම් වීමයි. ඒ සඳහා මේ රටේ ජනතාව හුරුපුරුදු විය යුතුය. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය නොහැකි වුණත්, හැකි තරම් දුරට සාමාන්‍ය පරිදි ජීවිතය විඳීමට අප උත්සාහ ගත යුතුය.

News Detail

අලුත් සාමාන්‍ය තත්වය

අජිත් පැරකුම් ජයසිංහ නිව් නෝමල් හෙවත් අලුත් සාමාන්‍ය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ දැන් කතාකරති. මෙම අලුත් සාමාන්‍ය තත්වය යටතේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී නොවැම්බර් 27

News Detail

ඇඳිරි නීතියෙන් තොර රටක් සඳහා ජනාධිපතිතුමාට අපේ සහාය

ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ.

News Detail

පුරවැසියන් ආණ්ඩුවට උදව් කළ යුත්තේ ඇයි?

මෙම අවසානාවන්ත කාලයේ ඉදිරි වසර කීපය තුළ රට ඉදිරියට ගෙන යාම කෙසේ වෙතත්, පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට අපගේ සහයෝගය ලබාදිය යුතු ය. වෛද්‍ය වැනි හේතුවක් පෙරට දමා බලය අතහැර පළා යන්නට නායකයන් පෙළඹෙන තරමේ අසහනකාරී අර්බුදයක් මැද සිටින පාලකයන් රැකගත යුතුව ඇත්තේ අන් හේතුවක් නිසා නොවේ. පාලකයන් මාරු කිරීම තේරුමක් නැත. කවුරු ආවත් මෙම වසර කීපය තුළ කළ හැකි දේ අවම ය. පොර කා අවාසනාව වැළඳගත් පාලකයන්ට ගත්තා නම් කරගන්නට ඉඩ දීම පුරවැසියන් ලෙස අපගේ වගකීම ය.

News Detail