වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා. එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා.

News Detail

46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?

ශ්‍රී ලංකාවට දැන් ඉතින් අවශ්‍ය නම්, මෙම යෝජනා සම්මතය ප්‍රතික්ෂේප කළ හැකිය. ශ්‍රී ලංකාව විසින් එම යෝජනා සම්මතය ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් සභාව ඒ පිළිබඳ ඉදිරි සැසි වාරයකදී සාකච්ඡා කර ඊළඟ පියවර ගනු ඇත. එය කුමක් විය හැකිද? ආර්ථික සම්බාධක වැනි පියවරක් වුවහොත්, ශ්‍රී ලංකාවට තමන්ට පක්ෂව ඡන්දය දුන් රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධකම් ශක්තිමත් කරගෙන ඉදිරියට යා හැකිය. චීනය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ආර්ථික වශයෙන් වැදගත් රටවල්ය. මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණය ඉල්ලන මට්ටමකට පත් වී හමාරය. එහෙත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකාව හා යුරෝපය ඉන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධවය.

News Detail

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.

News Detail

එක්සත් ජාතීන්ගෙන් සෞඛ්‍ය හිමිකම් ඕනැ; මානව හිමිකම් එපා

කොරෝනා වසංගතයත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැදගත් භූමිකාවක් ඉටුකළා. සෞඛ්‍ය ප්‍රශ්නවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය වැදගත් වෙන විදියටම තමයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයත් වැදගත් වෙන්නෙ.

News Detail

උපුල් කුමරප්පෙරුමට හා සුදර්ශන ගුණවර්ධනට එරෙහි වෛරී ප්‍රකාශ හා නීතිඥ වෘත්තිය

මෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර

News Detail

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණොත් ආයෙමත් ආර්ථික සම්බාධක ද?

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 20 ලංකා පුවත්පතේ පළ විය) වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

News Detail

ප්‍රගීත් එක්නැලිගොඩට ඇත්තට ම මොකක්ද වුණේ?

සන්ධ්‍යා එක්නැලිගොඩ 2010 ජනවාරි 24 ප්‍රගීත් ගෙදරින් පිටවුණා. “වැඩ වගයක් තියෙනවා. හවස කැලනිය පන්සලේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පිංකමක් තියෙනවා. ඒකටත් සහභාගි වෙලා එන්නම්. හෙට ඉඳන් ඔයාගෙ වැඩවලට උදව් කරන්නම්,” කිව්වා.

News Detail

අත්අඩංගුවට ගන්නා සියලු මුස්ලිම් මිනිසුන් ත්‍රස්තවාදීන් ද?

1971, 1989 කැරැලි සමයන්හිදී පොලිසිය හා හමුදාව පමණක් නොව අතුරු හමුදා පවා සිංහල මිනිසුන්, ගැහැනුන් අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගත්තා. බොරු චෝදනා එල්ල කළා. ඝාතනය කළා. ඇතැම් අය බොරු චෝදනා

News Detail