කොවිඩ්-19 එක්ක අද වනවිට අපේ මිනිසුන් කවුරුත් නගරයට යන්නෙ මාස්ක් දාගෙන. ඒක වුණත් ලොකු දෙයක්. අපට වෙනස්වෙන්න පුළුවන්. වෙනස තියෙන්නෙ බලාධිකාරයන් තුළ විතරක් නෙමෙයි. අප ළඟත් තියෙනවා. සමාජය වෙනස් කිරීම කියන්නෙ පුළුල්ව විහිදුණු, පරිපූර්ණ කාර්යයක්. අප හැමෝටම එහි වගකීමක් තිබෙනවා. විශේෂයෙන්ම කම්කරු පන්තියට එහි වගකීම වැඩියි. වෙනස්වෙමු. අපෙන් වෙනස පටන්ගනිමින් වෙනස වෙනුවෙන් සටන් කරමු. උදාහරණයක් විදියට දූෂණයට එරෙහිව සටන් කරන අපි දූෂණයෙන් අත්මිදෙන්නට ඕනැ. සමාජවාදය වෙනුවෙන් අරගල කරන අපි සමාජවාදී ජීවන විලාසයක් අප තුළම ගොඩනගාගන්නට ඕනැ. Continue Reading

children of Sri Lanka

නව සාමාන්‍ය තත්වය යටතේ කොවිඩ්-19 සමග තව බොහෝ කාලයක් ජීවත් වීමට රටේ ජනතාවට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු, නිදන්ගත රෝගීන්, වැඩහිටියන් වැනි අවදානම් ප්‍රජාව ආරක්ෂා කරගන්නට අරගල කරමින්, සැලකිය යුතු පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වී සුවපත් වෙමින් කල් බැලීමයි. එහිදී සැලකිය යුතු මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන බව තේරුම් ගැනීමට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු හැකි තරම් පරිස්සම් වීමයි. ඒ සඳහා මේ රටේ ජනතාව හුරුපුරුදු විය යුතුය. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය නොහැකි වුණත්, හැකි තරම් දුරට සාමාන්‍ය පරිදි ජීවිතය විඳීමට අප උත්සාහ ගත යුතුය. Continue Reading

Sri Lanka cabinet

අජිත් පැරකුම් ජයසිංහ නිව් නෝමල් හෙවත් අලුත් සාමාන්‍ය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ දැන් කතාකරති. මෙම අලුත් සාමාන්‍ය තත්වය යටතේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී නොවැම්බර් 27 සිට දෙසැම්බර් මැදභාගය දක්වා පැවැත්වේ. විස්තර මෙතැනින් Read Lanka Memo>> අලුත් සාමාන්‍ය තත්වයට ගැලපෙන පරිදි රජය ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකසා තිබේ. ඒContinue Reading

Gotabaya Rajapaksa

ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ. Continue Reading

Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත. Continue Reading

Matugama

දැනට තිබෙන ආරංචි අනුව, හමු වී තිබෙන බොහෝ රෝගීන්ට සංකුලතා අවම ය. එහෙත්, රෝගීන් හා සමීප ආශ්‍රිතයන් පොදු ප්‍රවාහනය, කොටහලු මඟුල්, වන්දනා ගමන්, දාන මාන, වැඩිහිටි නිවාස ආදී අවදානම් සහගත සම්බන්ධතා රැසක් රෝගීන් විසින් පවත්වා තිබේ. මේ වන විට, පිඹුර, මතුගම හා ඉත්තෑපාන රෝහල් කොවිඩ්-19 රෝගීන් සඳහා සූදානම් කෙරෙමින් ඇති බව වාර්තා වේ. අනුමාන ආශ්‍රිතයන් සිටින තරම් පීසීආර් පරීක්ෂණ සිදු කිරීම පහසු නැත. පීසීආර් කරන්නට යැවූ සාම්පල් අවතැන් වීම්, වාර්තා පමා වී පසුව ඔක්කොම එක සැරේ නෙගටිව් යයි තොග වාර්තා ලැබීම් හා පරීක්ෂණ සඳහා නැවත සාම්පල් යැවීම් ආදී අවුල් එමට ය. Continue Reading

Matugama town

මතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි. ඉන් එක් අයෙකු අප මිතුරකු බව පසුව දැනගතිමි.

ඔහු පීසීආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ ජාතික රෝහලේ කොවිඩ්-19 වැළඳුණු පැලවත්තේ හෙද නිලධාරිවරියක මෙම බසයේ නිතිපතා යන එන නිසා ඇති වූ සැකය නිසාය.Continue Reading

Quarantine cartoon

කොවිඩ්-19 මර්දනය මිලිටරි වැඩක් නොව, සෞඛ්‍ය කාර්යයකි. ඒ නිසා එහි ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය අංශවලටයි. හමුදාව, පොලිසිය ආශ්‍රිතයන් හඳුනාගැනීම, නිරෝධායනය වැනි කාර්යයන් දැනට සිදුකරන ආකාරය හොඳය. ඒ සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය. එහෙත්, කොවිඩ්-19 මර්දන මෙහෙයුම තිරසර අන්දමින් සාර්ථක වන්නේ ප්‍රජාතාන්ත්‍රික මහජන වගකීමෙන් මිස අධිකාරිවාදයෙන් නොවේ. Continue Reading

Kadupul flowers

ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ සේවාස්ථානයේ හෝ කොවිඩ්-19 රෝගියකු හෝ ආශ්‍රිතයකු හෝ හඳුනාගෙන එම පුද්ගලයා රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන විට කරුණාකර එය ඡායාරූපයට නැගීමෙන් හෝ වීඩියෝගත කිරීමෙන් වළකින්න. වීඩියෝ කිරීමෙහි හෝ ඡායාරූප ගැනීමෙහි යෙදෙන කිසියම් පුද්ගලයකු දුටුවොත්, එම පුද්ගලයාට එය නරක වැඩක් බව කියා දී එසේ නොකරන්නැයි ඉල්ලාContinue Reading

ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ලබාදෙන්නට රෝගීන් පෙළඹවිය යුතුය. ඒ සඳහා ඔවුන් තුළ එම විශ්වාසය ගොඩනැගිය යුතුය. ඒ සඳහා හමුදා, පොලිස් නිලධාරීන් හා දොස්තරලා මාධ්‍ය ඉදිරියට පැමිණ රස කෑලි කියන එක හෝ ඒවා මාධ්‍යවලට හොරෙන් දෙන එක හෝ නැවැත්විය යුතුය. මාධ්‍ය යනු මොකක් හෝ කුණු අතුනුබහන් කෑල්ලක් සොය සොයා සිටින කපුටන් පිරිසකි. Continue Reading