20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පියා නව ලිබරල් බැසිල්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පියකු නැති දරුවකු බවට පත් වී තිබේ.
එය සකස් කළේ කවුරුද යන්න තමන් නොදන්නා බව එය ඉදිරිපත් කළ අධිකරණ ඇමති අලි සබ්‍රි පවා පවසයි. විමල් වීරවංශ, ප්‍රේමනාත් දොලවත්ත වැනි තවත් අය ද ඒ පිළිබඳ අදහස් දක්වනු දුටිමි. මේ අතර අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් නම් තම දේශපාලන පරිණතකම පෙන්වමින් ඒ සම්බන්ධ සාමූහික වගකීම පිළිබඳ කතා කරනු දුටිමි.
පළමු වරට පාර්ලිමේන්තුවට පත් වූ, දේශපාලන පරිණතභාවයකින් තොර, සුළුතර ජාතිවාදී නැඹුරුවකින් ද යුතු යයි ඇතැමුන් චෝදනා කරන , සාමාන්‍ය නීතීඥයකු වූ අලි සබ්‍රි වැන්නකුට රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ වගකීම පැවරීමේ අවදානම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පත් වී තිබෙන තත්වයෙන් පෙනේ. තමන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව සම්බන්ධයෙන් සාමූහික වගකීම භාරගැනීම පිළිබඳ හෝ ඔහුට අවබෝධයක් නැත.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පටු අරමුණු සහිතව කඩිමුඩියේ තල්ලු කළ එකක් විය.හදිසිය කෙතරම් වීද යත්, මුල් ගැසට් නිවේදනයේ මෙවැනි යෙදුමක් පවා තිබිණි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104ආ ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-
(1) ඒ ව්‍යවස්ථාවේ 4(අ) අනුව්‍යවස්ථාවේ (i) වන ඡේදයේ “තරගකරන යම් අපේක්ෂකයකු හෝ යම් දේශපාලන පක්ෂයක් හෝ” යන වචන වෙනුවට “තරග කරන යම් අපේක්ෂකයකු හෝ යම් දේශපාලන පක්ෂයක් හෝ” යන වචන ආදේශ කිරීමෙන්
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති ගෝඨාභයගේ හා ඔහුගේ සමීප කල්ලියේ ඒකාධිපති අරමුණු අනුගත එකකි. එහෙත්, එමගින් පාර්ලිමේන්තුව, අගමැතිවරයා, ඇමති මණ්ඩලය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවය ම පත් කරනු ලබන යටහත් පහත් තත්වය හමුවේ ආණ්ඩුව ඇතුළෙන් ම විරෝධය මතු විය.
ජනාධිපතිවරයා මූලික වශයෙන් අමතක කර තිබෙන කාරණයක් වන්නේ ඡන්දයෙන් පත්වන්නේ තමන් පමණක් නොවන බවයි.
ජනාධිපතිවරයාගේ ඒකාධිපති සැලැස්ම අවුල් වියවුල් වන්නට හේතු වූ මූලික ම කාරණය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතිවාදී රාමුව තුළ ස්ථානගත කරගැනීමට අසමත් වීමයි. එයට වගකිවයුතු පුද්ගලයා ඔහුගේ සහෝදර ඇමරිකානුවා වන බැසිල් රාජපක්ෂය.
ප්‍රධාන වශයෙන් ම බැසිල් රාජපක්ෂගේ උවමනාවක් යයි සිතිය හැකි, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති පදවිය දක්වා පත්වීමට තිබුණු බාධක ඉවත්කිරීම ආණ්ඩුවේ ජාතිකවාදී රාමුව සමග පෑහෙන එකක් නොවේ. එය ආණ්ඩුවේ නව ලිබරල් පාර්ශ්වය විසින් ජාතිකවාදීන් අනවශ්‍ය පරිදි කුපිත කරගත් සිද්ධියකි.
එසේම, විගණන කොමිසම අහෝසි කිරීම හා යම් රාජ්‍ය ආයතන විගණනයෙන් නිදහස් කිරීම ද ඔහුට අවශ්‍ය බව පහසුවෙන් සිතාගත හැකිය.
ආණ්ඩුවේ නව ලිබරල් බලවේග හා ජාතිකවාදී බලවේග අතර ගැටුම මෙතරම් ඉක්මණින් කරලියට පැමිණීම යහපත් තත්වයකි. ලංකාවේ ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සලකුණු වන්නේ මෙම නව ලිබරල් හා ජාතිකවාදී අභ්‍යන්තර ගැටුම තුළය.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මූලික වශයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන්නක් බව සහ 1978දී ජේ.ආර්. ජයවර්ධන විසින් ගෙන එන ලද ඒකාධිපති ව්‍යවස්ථාව තවදුරටත් පෝෂණය කරන්නක් බවත් අමුතුවෙන් කියන්නට උවමනා නැත. එමගින් කරන්නට යන දේ ගැන මෙතැනින් කියවන්න. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් සිදුකිරීමට අපේක්‍ෂා කරන මූලික වෙනස්කම්
Kadadaaci lepedaala wage , aandukrama wywastha hediema janatha paramaadhipathya awabhavitha kiriemak nowanneda ?
Aanduwa Dong Siman dennama thiyan idiriyata giyoth wede del wennata idakada wediya . Mokada aanduwa baladaarin pirisakagen sthapitha wuwath rajaya yanu rate siyalu minisungen samanvitha sankierna bhoomiyak nisaa .
Niyangala pushpaya manabandie . Eheth ehi alaya maaranthikaya . Ae gena nodanna se sitimin samaharu ema pushpayata Hurai kiyathi !
Gonwahanse herenne pol pelea kanna bawa , danno hondakaarawa danithi . Namuth viwurtha jana samajaya thula ema agathiya gena nododanne , thamam medhivie sitinne aluth joduwa poruwe nenwoo parasidhu 69 lasse thulaviema nisai .