ධම්මික පැණිය හා පැණි දේශපාලනය

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020-12-17
විද්‍යාවට අනුව නම්, වයිරස් රෝගයකට ප්‍රතිකාරයක් හෝ නිවාරණ එන්නතක් හෝ සොයාගැනීම අතිශය දුෂ්කරයි. විද්‍යාව බටහිර දෘෂ්ටිවාදයකැයි අවශ්‍ය නම් තර්ක කර ඔප්පු කරන්නට පුළුවන. දේශීය ජාතික චින්තනයක් ඒ වෙනුවෙන් ලංකාවේ තිබෙනවා. ඒකත් බටහිර දර්ශනයන්ගෙන් බිඳගත් එකක් බවට තර්ක කරන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්.
මේ වන විට, ශ්‍රී ලංකාවේ සිංහල සමාජයේ පමණක් නොව, රාජ්‍යයේ ද අධිපති මතවාදය මෙම ජාතික චින්තනයයි. මහින්ද චින්තනය කියන පාඨය සකසාගත්තේ මෙම ජාතික චින්තනයෙනුයි. වර්තමානයේදී එය ගෝඨාභයගේ මිලිටරි චින්තනයෙන් සෞභාග්‍යයේ දැක්ම ලෙස අච්චාරු දමා තිබෙනවා. එහෙත්, වර්තමාන ආණ්ඩුවේ මූලික චින්තනය ජාතික චින්තනය තමයි. ආණ්ඩුවේ න්‍යායාචාර්යවරයා මහාචාර්ය ජී.එල්. පීරිස් හෝ මහාචාර්ය චරිත හේරත් වැනි අයෙකු නොවෙයි. මහාචාර්ය නලින් ද සිල්වාම තමයි. මහාචාර්ය පට්ටම් ද බටහිර සංකල්පයක් නිසා ඒවාට ඔවුන් ගරු කරන්නේ නැහැ. ඒ නිසා අපිත් ඒවා ඔවුන් වෙනුවෙන් ව්‍යවහාර කරන එක තේරුමක් නැහැ.
ජාතික චින්තනය කියන්නේ තර්ක කිරීමේ ආකාරයක් මිස, ප්‍රායෝගිකව සමාජයට වැඩදායක කිසිවක් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබෙන දැක්මක් නොවෙයි. ඉහත දක්වන ලද වාක්‍යය පිළිබඳවත් ඕනැ නම් වැඩදායකබව ගැන තර්කයක් නිර්මාණය කර එම ප්‍රකාශය අසත්‍යයක බව ඔප්පු කරන්නටත් එම තර්ක ශාස්ත්‍රයට පුළුවන්. නලින් ද සිල්වා සහ ඔහුගේ ගෝල පිරිස එයට අති දක්ෂයි. නලින් ද සිල්වාගේ ගෝල ප්‍රජාව දැන් ඉතා පුළුල්. මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, චන්න ජයසුමන වැනි අය පමණක් නොවෙයි, පදික වේදිකාවක චීන සෙල්ලම් බඩු විකුණන මා දන්නා හඳුනන වෙළෙන්දෙකු පවා කතා කරන්නේ ජාතික චින්තනය මත පදනම්වයි. ඒක එච්චර අමාරුත් නැහැ. ඕනැ දෙයක් බටහිර මතවාදයක්ය කියලා ප්‍රතික්ෂේප කරන්නට තමයි ඒක පාවිච්චි වෙන්නෙ.
ශ්‍රී ලංකාවේ අලුත්ම බෙදීම තමයි ජාතික චින්තනය හා බටහිර චින්තනය ලෙස වන බෙදීම. මේක හරි සරල බෙදීමක්. එය යුද්ධ කාලේ තිබුණු බෙදීමටත් වඩා සරලයි. ඒ කාලෙ තිබුණේ, යුද්දෙට පක්ෂ අය දේශප්‍රේමීයි; විරුද්ධ අය දේශද්‍රෝහීයි කියන බෙදීමනේ. දැන් බෙදීම සරල උදාහරණයකින් තේරුම් ගන්නට පුළුවන්. කොවිඩ්-19 නිවාරණයත්, වැළඳුණු අයට ප්‍රතිකාර කිරීමත් දෙකම එකසැරේ කරන හෙළ ඔසුවක් යයි කියන ධම්මික පැණිය සත්‍යයක් යයි පිළිගන්නා අය ජාතික චින්තනයේ ඉන්න අයයි. එය පිළිගන්නට අකැමැති සියල්ලන් විජාතික, බටහිර මතවාදවල ඉන්න අය.
ජාතික චින්තනයේ මූලික පදනමක් වන්නේ මනසින් තොරව යථාර්ථයක් පවතින බව මනසින් තොරව ඔප්පු කළ නොහැකි බවයි. මෙම තර්කනයේ පදනම තිබෙන්නේ එම තර්කන ක්‍රමය තුළම නිසා එය එම තර්කන ක්‍රමවේදයෙන් බිඳින්නට බැහැ. වයිරස පියවි ඇසින් දැකපු අය නැහැ. ඔවුන්ට අනුව, කොවිඩ්-19 කියල දෙයක් තිබෙන්නත් බැහැ. හැබැයි, වෙනදා නොතිබුණු රෝගයක් මිනිසුන් අතර පැතිරෙන බව හා එයින් ඇතැම් මිනිසුන් මියයන බව බටහිරය කියන මතවාදය පදනම් කරගත් විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව විසින් වාර්තා කරනවා.
ජාතික චින්තනයට අනුව එය දෙයියන්ගේ ලෙඩක් විය හැකිය. එයට ප්‍රතිකර්මය දෙවියන් විසින්ම දෙන්නටත් පුළුවන. ඒ නිසා කාලි අම්මා නම් දේවතාවිය විසින් ඒ ඖෂධය ධම්මික නම් පුද්ගලයකුට ලබාදී තිබෙන්නට පුළුවන. එකී චින්තනයට අනුව, බාස් වැඩ කළ, ඩොල්කි ගැසූ, දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර හා ගණිතය පිළිබඳ මහාචාර්ය නලින් ද සිල්වාත්, වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමනත් අතර කිසිදු වෙනසක් නැත. එම තර්කනය අනුව මේ සියල්ල විය හැකි දේයි.
එපමණක් නොවෙයි, ධම්මික බණ්ඩාරට පැණිය ශ්‍රී මහා බෝධියට පුදන්නට අවසර නොදුන් අටමස්ථානාධිපති හිමියන්ට ඔහු හෝ කාලි අම්මා දැමූ සත්තම ද මින් ඉදිරියට සිදු වන සියලු දේ ද ජාතික චින්තන මතවාදයට අනුව තර්කානුකූලයි. ඒවා බටහිර විද්‍යාවෙන් හෝ දර්ශනයෙන් ප්‍රශ්න කිරීම ඔවුන්ට අදාළ නැහැ. ජාතික චින්තනය හා ජාතික චින්තනවාදීන් සිටින්නේ විද්‍යාව පවතින විශ්වයේ නොව, සමාන්තර වෙනත් විශ්වයකයි. විද්‍යාවෙන් ඔවුන් ප්‍රශ්න කරන්න බැහැ. ප්‍රශ්න කිරීම ඔවුන්ට අදාළ නැහැ.
වඩා වැදගත් කාරණය එය නොවෙයි. ධම්මිකගේ පැණියෙන් කොවිඩ්-19 සුවවෙන බව හා නිවාරණය වන බව විශ්වාස කරන අය එය බී බය නැතුව වැඩකරගත්තාට අපට කමක් නැහැ. කොහොමත්, කොවිඩ්-19 හැදෙන විශාල පිරිසක් නිකම්ම සුවවෙනවා. අති බහුතරයකට රෝග ලක්ෂණවත් නැහැ. මියයන්නේ වයසින් වැඩි හා වෙනත් සෞඛ්‍ය ගැටලු තිබෙන අයයි. ඒ අයට පැපොල හැදුණත් භයානකයි.
මේ වන විට පාලකයන් ඇතුළු බලවත් පුද්ගලයන් කොවිඩ්-19 එන්නත ලංකාවට හොරෙන් ගෙන්වාගෙන තමන්ටත්, තම දරු පවුල්වලටත් අනෙක් අයට පෙර ගසාගන්නට උත්සාහයක් තිබෙන්නට පුළුවන්. මේ රටේ හෙළ වෙදකම්වල හාස්කම් ගැන කතාකරන ජනයාම හෙට බටහිර එන්නත ගසාගන්නටත් ඔය විදියටම ධම්මික පසුපස ගිය ආකාරයටම යන්නට ඉඩ තිබෙනවා. එපමණක් නොව, කොවිඩ්-19න් ලක්ෂ සංඛ්‍යාත ජනයා මියයන ඇමරිකා එක්සත් ජනපදය ලාංකිකයන්ට වීසා දුන්නොත් ඉස්සරවෙලාම එහි දුවන පිරිස ද මෙකී ජාතික චින්තන අනුගාමිකයෝමයි.
භයානකම තත්වය වන්නේ මේ රට පාලනය කරන පිරිස වනාහි ධම්මික බණ්ඩාර වැනි භින්නෝන්මාද තත්වයේ සිටින්නේ යයි සිතිය හැකි පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ප්‍රවර්ධනය කරන, ජාතික චින්තන තර්කනයට යට වූ, වෙනත් සමාන්තර විශ්වයක ජීවත් වන පිරිසක් වීමයි. ඔවුන් කරන කියන කිසිවක් මේ මිහිපිට වෙනත් රාජ්‍ය කරන දේවල් ඇසුරෙන් මුළුමනින්ම වටහාගන්නට බැහැ. ඔවුන් මේ රටට මොකක් කරයිද?
Kalinuth maa kiwwaa , Rasputinla mesirilaka bihiwei kiyala . Ehema kiwwe maa thula jathika ho batahira chinthanayak thibena nisaa nowei . Mehi rangana noothana paalaka samagamath owunge henchaiyan visin vedikaagatha karamin sitina ranganyan nisai .
Hebei , mehema peni alakalanchiyak nosithu mohothaka sutus gaala athe paththuwune samaharavita rangaawatharanaye ho pitapathehi hutapparekin viyaheka . Haaniya sulupatu nowana nisaa haanipooranaya chamathkaarajanaka viya heka !
Mea keliyen siduwoo thawath deyak nam , edaaweala soyagath dewaala kapuwan piechan viemai . Vihiluwata lakwenakota automa eyath ema kulakayatama kepawenawaamai .
Wathman peniya haa peniye awadan phlaya suthra samiekaranayakin dekviya heka :
Suharshana peniya + Dhammika peniya + Ritigala peniya + Derana uththejakaya = SUDAMMIYA PENIYA