Iranganie Serasinghe

ජුනි මාසයේදී 94වන ජන්ම දිනය සමරන ජ්‍යේෂ්ඨ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ උපන් දින සැමරුම් සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට අතිශය වැදගත් ප්‍රකාශයක් කර තිබේ.

Translations by Creative Content Consultants

“ඉපදෙනවා. මැරෙනවා. ඒක ලෝක ස්වභාවය. ඒ නිසා, උපන් දිනය මට එච්චර විශේෂ, වැදගත් දෙයක් නෙමෙයි.”

බොහෝ සිංහලයන් සිතන්නේ උපන් දින සැමරීම ද සිංහල සංස්කෘතියේ ම කොටසක් ය කියා ය. ඒ නිසා උපන් දින උත්සව පවත්වා කේක් කපා, එකම කේක් කෑල්ල වටේ සිටින හැමෝගේම කෙළ තවරමින් වටේට කැවීමේ විහිළු චාරිත්‍රයක් සිංහලයන් අතර දැන් පැතිරී තිබේ.

කේක් කපන්නට පෙර ම පාටියට සෙට් වී මධු විත තොල ගා බඹර පදං වූ බේබද්දෝ ද, ලිප්ස්ටික් ගෑ ශෝභිනියෝ ද, විවිධ මුඛ රෝග ඇති අය ද, කට ගඳ ගසන්නෝ ද, කොරෝනා වයිරසය වැනි විවිධ විෂබීජ අඩංගු කෙළ කේක් කෑල්ලේ තවරා බෙදා දෙති. එහෙම කිරීම සිංහල හෝ වෙන මොකක් හෝ චාරිත්‍රයකැයි සිතති.

සිංහලයන් අතර මෙවැනි විකාර සහගත උපන් දින සැමරුම් නොතිබුණු බව අයිරාංගනී සේරසිංහ මහත්මිය මතක් කර දෙයි.

“පුංචි කාලෙ අපි කවදාවත් උපන්දින සාද පවත්වලා නැහැ. අපි ඒවා දන්නෙත් නැහැ. ඉස්සර ඔය උපන්දිනවලට කේක් කපන ඒවා තිබුණේ නෑනේ. අම්මා උදේට කිරිබත් ටිකක් හදනා දෙනවා. උපන් දිනේට ඉතින් අලුත් ගවුමක් එහෙම මහලා දෙනවා.”

අයිරාංගනී සේරසිංහ හෙවත් විවාහයට පෙර අයිරාංගනී රොක්සානා මීදෙනිය ශ්‍රී ලංකාවේ ප්‍රභූ පවුලක උපන්, ප්‍රභූ පාසල්වලින් අධ්‍යාපනය ලද, ප්‍රභූ සමාජය ඇසුරු කළ කාන්තාවකි. ඇය උපන් දිනය සමරන ආකාරය ගැන මෙසේ පවසයි: “එදාට බුදුන්ට බුද්ධ පූජාව තියලා බුදුන් වඳිනවා. කාට හරි පිහිටවෙනවා. වසරකින් වයසට යන එකට, අපේ ශරීරය වැහැරෙන එකට මහා ලොකු උත්සව ගන්නා අය ගැන මට වෙලාවකට පුදුමත් හිතෙනවා,” යි ඇය පවසයි. “උපන් දිනේට දීර්ඝායුෂ නම් මට ප්‍රාර්ථනා කරන්න එපා. මට ජීවත් වෙලා ඉන්න එක දැන් කරදරයක්. ඒක මගේ ශරීරයට කරදරයක්. මම මේ බලාගෙන ඉන්නෙ යන්න. තමන්ගේ වැඩ කරගන්න බැරි වුණ දවසට අපි යන්න ඕන. තවත් කෙනෙකුට කරදරයක් වෙලා ජීවත් වෙන්න හොඳ නැහැ.”

උපන් දින සැමරුම් සිංහල සංස්කෘතියට කොතරම් පරිබාහිර එකක් ද යත්, සිංහලයන් අතර සිංහල උපන් දින සුබපැතුම් ගීයක්වත් ජනප්‍රිය වූයේ නැත. වසර පනහක් පමණ තිස්සේ රේඩියෝවෙන් ළමා උපන් දින සුබපැතුම් සඳහා විකාශය වූ පහත දැක්වෙන ගීය හෝ උපන් දින උත්සවවලදී නොගයා ඒ වෙනුවට ගයන්නේ හැපී බර්ත්ඩේ ටු යූ ය.

‘‘ආයුබෝවන් වාසනාවන් – ප්‍රීතිමත් සුබ උපන් දිනයක් හිමි වේවා – ආසිරිවාදයෙන් දිගුකල් වැජඹේවා – මංගලම් මංගලම්…’’

මෙම ගීයේ පද කරුණාරත්න අබේසේකරයන්ගෙනි. සංගීතය ඩී.ඩී. ඩැනී විසිනි. ගීතය ගායනා කළේ එවකට ළමයින් වූ මල්ලිකා ද සිල්වා (පසුව කහවිට) හා පැට්‍රික් ප්‍රනාන්දු ය. එස්. ලියනගේ රංජිත් නවරත්න, විජිත කුසුම් ලියනගේ සහ නොයලීන් ලියනගේ අත්වැල් ගායනය කළ බව පැවසේ.

(ඡායාරූපය යූටියුබ් වෙතිනි)

Translations

3 thoughts on “පුංචි කාලෙ අපි කවදාවත් උපන්දින සාද පවත්වලා නැහැ. ඒවා දන්නෙත් නැහැ – අයිරාංගනී සේරසිංහ

  1. මෙම ගීතය ගුවන් විදුලියේ හවසට ප්‍රචාරය වන ළමා වැඩසටහනක උපන්දින සුභපැතුම් ප්‍රචාරයට පෙර වාදනය වූ තේමා ගීයක් බවයි මට මතක. ස්ථිරවම කියන්නට බැහැ!

  2. Ingirisi nodanna sinhala pamanak kathaakarana lankawe athibabuthare , HAPPY BIRTHDAY TO YOU gayanne paswanak sathutinya .
    Aasanna heathuwa viyahekke ingirisi dodana samaaja thieruwe paa puwaruwatawath elliematada ?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: