ශ්‍රී ලංකාව අලුතින් වරනැගෙන ලක්ෂ්‍යය සොයන අන්තර්ජාල කතා සාප්පුවක්

වරාය නගර පනත කඩිමුඩියේ සම්මත කරගැනීමෙන් පසුව, ශ්‍රී ලංකා රජය ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා 2021 Invest Sri Lanka නමින් ආයෝජන සමුළුවක් සංවිධානය කර තිබේ. 2021 ජුනි 7, 8, 9,10 දිනවල අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරන්නේ ලංකා වානිජ මණ්ඩලය, ආයෝජන මණ්ඩලය හා කොළඹ කොටස් වෙළඳපොළ ඒකාබද්ධවයි. මෙම ආයෝජන සමුළුවේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසිය හැකිය.
ආයෝජකයන් දහසක් ආකර්ශනය කරගැනීම මෙහි අරමුණ බව ලංකා වානිජ මණ්ඩලයේ සභාපති හෑන්ස් විජේසූරිය පවසයි. වරාය නගරය, වැලිකඩ බන්ධනාගාරය, කල්පිටිය සංචාරක කලාපය, කොළඹ නගරයේ, ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා බල ප්‍රදේශෙයේ, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක රාජ්‍ය දේපල රැසක් ආයෝජන සඳහා සමුළුවේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබේ. මෙතැනින් ඒවා බැලිය හැකිය.
ජනාධිපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව, රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර ආයතන, ආර්ථික සංවිධාන හා දේශීය හා විදේශීය ආයෝජකයන් නියෝජනය කරන කථික මඬුල්ලක් මෙම සමුළුව අමතන අතර දින ගණනක මෙම කතා සාප්පුවේ කථික ලැයිස්තුව මෙතැනින් නැරඹිය හැකිය.
චීනය, ඉන්දියාව, කොරියාව, ජපානය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය ආදී රටවල් හා ආයෝජකයන් වෙනුවෙන් වෙන වෙනම සැසි ද පැවැත්වේ. සංචාරක කර්මාන්තය, ඖෂධ නිෂ්පාදනය, ටයර් නිෂ්පාදනය හා තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබේ.
ආයෝජක නියෝජිතයන් ගෙන්වාගෙන, සුපිරි හෝටල්වල නවාතැන් පහසුකම් සපයමින්, සුපිරි ආහාර හා විනෝදාස්වාදය ඇතුළු පහසුකම් සපයමින් පවත්වන ආකාරයේ ආයෝ්ජක සමුළුවක් අන්තර්ජාලය හරහා ද පැවැත්වීම කෙතරම් ප්‍රායෝගික ද යන්න ගැන රජය සලකා බලා ඇති බවක් නොපෙනේ.
ශ්‍රී ලංකාව දැන් පවතින්නේ අලුතින් වරනැගෙන ලක්ෂ්‍යයක (inflection point) බව ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල පවසයි. ඉදිරි දස වසර තුළ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය වර්තමානයේ පවතින එක්සත් ජනපද ඩොලර් 4,000 සිට දෙගුණයකින් වැඩිකිරීම ඉලක්ක කර තිබෙන බව ද ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව විවිධ පීලිපැනීම් මධ්‍යයේ පවා පසුගිය සමය තුළ බදු අවම කිරීම්, දැඩි රාජ්‍ය නියාමනයන් අවම කිරීම් ආදිය හරහා ආයෝජන ප්‍රවර්ධනය කරන්නට උත්සාහ කළේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ආවේණික දේශපාලනික හා ප්‍රතිපත්තිමය අස්ථාවරත්වය ප්‍රදර්ශනය කරමින් පසුගිය රජය විසින් මෙම මාර්ගය ඔස්සේම කරගෙන ආ කාර්යයන් වත්මන් රජය විසින් අත්හැර දමන ලදී.
කෙසේ වෙතත්, පසුගිය සමය තුළ රාජ්‍ය අකාර්යක්ෂමතාව උපරිමය කරා ගමන් කරන බවක් හා අරාජික තත්වයක් නිර්මාණය වන බවක් ද දක්නට ලැබිණි. කෝවිඩ්-19 අධි වසංගතය නිසා ඇති වූ තත්වයන් ද එයට හේතු විය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා ඉන්දියාව සමග ගනුදෙනුව අත්හැර දමමින් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව සමග හොඳහිත පලුදු කරගත් බව පෙනේ. එසේම, ඊට වඩා දැඩි අධිෂ්ඨානයකින් යුක්තව කටයුතු කරමින් චීනය සමග කොළඹ වරාය නගරය බෙදාගැනීමේ පනත සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළේය.
මේ වනවිට ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින ශ්‍රී ලංකා ආණ්ඩුව හමුවේ තිබෙන්නේ ‘කරනු! නැතිනම් වැනසෙනු!’ මට්ටමේ සටනක් හෙයින් මේ වන විට ජනප්‍රියත්වය අහිමි වීම නොතකා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් උන්නතිකාමී ලෙස කටයුතු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවක් පෙනේ. කෙසේ වෙතත්, මෙම ආයෝජක සමුළුව සංවිධානය කර තිබෙන ආකාරය නම් අපට පෙනෙන අන්දමට විසුළුසහගතය. එහෙත්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා එය ඉතා වැදගත්ය.
2021 Invest Sri Lanka සමුළුවෙහි සන්නාම පාඨය වන්නේ Asia’s Next Growth Haven හෙවත් ආසියාවේ මීළඟ වර්ධන ක්ෂේම භූමිය යන්නයි. එය ඉතා උන්නතිකාමී සිහිනයකි. ඒ සඳහා විභවයක් ද ශ්‍රී ලංකාවට තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වෙන යන්නට පාරක් නැති බව ද පුරවැසියන් අවබෝධ කරගැනීම අවශ්‍යය.
මේ ලිපිත් කියවන්න:
Lowa hemaratak nawa Covid vyasanaya hamuwe , anek ratawala aayojaneta dewarak nowa kiepawarak kalpanaa karunu atha .
Nispaadana vyaapurthi kesewethath soodu , vinodaaswaada katayuthu menma Naari maansa danu denu ikman aayojana viya heka .
Thawada den chienata upakkramika boomiyak sinnavie athi bevin owunata ehi sihina nagarayak unath kam netha .
Mehe minissu chienata ahuvie hamaaraya .
මේ ප්‍රවර්ධනය කරන්න යන්නේ නිෂ්පාදනය සඳහා වූ ආයෝජන වැඩ පිළිවෙලක් නොවෙයි නේද? මේවා සේවාවන් සඳහා වූ ආයෝජන පමණයි. ගොඩනැගිලි තැනීමෙන් ලැබෙන දිගු කාලීන ප්‍රයෝජනය කුමක්ද? මෙරටට අවශ්‍ය වන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා මිසක් ගොඩනැගිලි නොවේ. නිෂ්පාදන ආර්ථිකයක් නැතිව ලංකාවට ගොඩ යෑමක් නැති බවයි මගේ අදහස.
Karawatak diyehi gilunu minissu piduru gahe ho ellimata maana balathi .
Namuth eya shakthimath dei deviyoth dannawaadei nodanimi .