එයාබස් ගනුදෙනුව, නිදහස් වෙළඳාම හා සාධාරණ සංවර්ධනය

ශ්‍රීලන්කන් ගුවන් සේවය නොතිබුණා නම් වුහාන් සිට ලංකාවේ සිසුන් ආරක්ෂිතව සියරට ගෙන එන්නේ කෙසේදැයි ඇතැමෙක් අසති. ශ්‍රීලන්කන් ගුවන් සේවය එය ඉතා මැනැවින් සිදු කරන ලද කාර්යයක් බව ප්‍රශංසාත්මකව පැවසිය යුතුය. එහෙත්, මෙම ගුවන් සේවයේ ඉහළ නිලධාරීන්ගේ කැත ඉතිහාසය ගුවන් නියමුවන්ගේ හා කාර්ය මණ්ඩලයේ වීරත්වයෙන් වසා දැමීමට බැරි ය.
ප්‍රංශ එයාබස් ගුවන් යානා තුනක් මිළ දී ගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ විධායක නිලධාරියකුගේ බිරියට ඩොලර් මිලියන දෙකක අල්ලසක් බෘනයිහි සමාගමක් හරහා ගෙවූ බව දැන් හෙළිදරව් වී තිබේ. මෙම කාන්තාව කවුරුද යන්න තවමත් වාර්තා වී නැත.
මෙම ගනුදෙනුව ගැන හෙළිදරව් වූයේ අල්ලස් සම්බන්ධයෙන් එයාබස් සමාගම හා ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය අතර ඇති කරගන්නා ලද ලොව විශාලතම සමථකරණය සම්බන්ධ නඩු තීන්දුවෙනි. මේ අනුව එයාබස් සමාගම ඉහත කී රටවල් තුනට ඩොලර් මිලියන 3.9ක් වන්දි ගෙවිය යුතු ය. ඉහත නඩු තීන්දුව දෙන්නට අධ්‍යයනය කරන ලද ලේඛන සංඛ්‍යාව මිලියන 30කි.
කොන්ත්‍රාත් ලබාගැනීම සඳහා මේ අන්දමින් අල්ලස් දීම නිදහස් වෙළඳාමට හා සාධාරණ සංවර්ධනයට බාධාවත් බව පිළිගනිමින් එම භාවිතාව අතහැර දැමීම සඳහා එයාබස් සමාගම මෙම වන්දිය ගෙවයි. එහෙත්, මෙකී නිදහස් නොවන වෙළඳ ගනුදෙනුවේ හා සාධාරණ නොවන සංවර්ධනයේ ගොදුරක් බව නඩු තීන්දුව අනුව ම පෙනී යන ශ්‍රී ලංකාවට කිසිදු වන්දියක් ලැබෙන්නේ නැත.
මෙය ධනවාදයේ ඉතා සුලබ, එහෙත් අඳුරු පැතිකඩක් නිරූපණය කරන්නකි. කොන්ත්‍රාත් ලබාගැනීම වෙනුවෙන් මෙවැනි අල්ලස් ලබාදීම ධනවාදයේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම පැතිරී තිබේ. මෙම නඩු විභාගයේදී නිවැරදි කිරීම සඳහා ස්පර්ශ කර තිබෙන්නේ කේශාන්තය පමණක් වන අතර, ලංකාව වැනි පාදාන්තයේ රටවල් ගැන ඇත්තේ සඳහන් කිරීමක් පමණි. එයාබස් සමාගම ලොව ප්‍රධාන ම ධනේශ්වර සමාගමක් වුණත්, එහි අල්ලස් ගැනීමේ භාවිතාව ලංකාවේ පළාත් පාලන ආයතනයකට දෙවෙනි වන්නේ නැත.
මෙවැනි සමාගම්වල නිවැරදි වීම් ද එවැනි ම වේ. ලෝක ධනේශ්වර බලවතුන් උත්සාහ කරන්නේ තම මහා සමාගම් පමණක් පිරිසිදු කරගන්නට ය. ඒවා විසින් අල්ලස හා දූෂණය බෝ කරන ලද ශ්‍රීලන්කන් වැනි සමාගම් ගැන ඔවුන් කතා කරන්නේ නැත.
සාධාරණ සංවර්ධනය සම්බන්ධයෙන් ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ඇති කර තිබෙන ගැටලුව කෙතරම් විශාල එකක් ද? ශ්‍රී ලංකන් අපේ ආර්ථිකය මත ඔඩු දුවා ඇති පිළිකාවකි. එයාබස් සමාගම විසින් ගුවන් යානා තුනක් අපට තල්ලු කිරීමසඳහා අල්ලස් ලබාදුන් 2013-14 මුල්‍ය වර්ෂයේදී පමණක් ශ්‍රීලන්කන් ගුවන් සේවය රු.බිලියන 32.4ක් පාඩු ලැබුවේ ය. මෙම ගනුදෙනුව අවලංගු කිරීම නිසා පාඩු ලබන්නට සිදු වූ 2016-2017 මුල්‍ය වර්ෂය සදහා සිදුව ඇති පාඩුවෙන් අඩක්ම එකී ගනුදෙනුව අවලංගු කිරීමෙන් ලද පාඩුව බව ශ්‍රීලන්කන් හා මිහින් ලංකා ආයතන සම්බන්ධ විමර්ශනයට පත්කරන ලද විශේෂ විමර්ශන කොමිසම හමුවේ හෙළිදරව් විය.
ඔවුන් අල්ලස් දී අපට අනවශ්‍ය බරක් පැටවූ හ. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඔහුගේ බිරියගේ සහෝදරයා වූයේ නිශාන්ත වික්‍රමසිංහයි. නිශාන්ත වික්‍රමසිංහගේ බිරිය කොයි තරම් බලවත් චරිතයක් වී ද යත්, වරක් ඇය සමග ශ්‍රී ලංකාවට පැමිණීමට පැය එකහමාරක ප්‍රමාදයක් නොරිස්සු ශ්‍රීලන්කන් ගුවන් සේවාවේ එවකට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රාජ්‍ය දූත පිරිසකට කොළඹට පැමිණීමට තිබෙන බවට මුසාවක් පවසා ගුවන් ගමන් කාල සටහනට පටහැනිව වසර 2014 ජනවාරි 24 දා සිංගප්පුරුවට ගුවන් යානයක් ගෙන්වාගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රීලන්කන් හා මිහින් ලංකා ආයතන සම්බන්ධ විමර්ශනයට පත්කරන ලද විශේෂ විමර්ශන කොමිසම කොමිසම ඉදිරියේ අනාවරණය විය.
ඔහුගේ කාලයේදී සිදු වූ මෙම එයාබස් ගනුදෙනුව පසුව යහපාලන රජය විසින් අත්හිටුවන ලදී.
ගනුදෙනුව අවලංගු කිරීම නිසා එයාබස් සමාගමට ගෙවන ලද වන්දි හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට රුපියල් බිලියන 16.84ක් හෙවත් අමෙරිකන් ඩොලර් මිලියන 116ක් පාඩු සිදු වූ බව වාර්තා විය.
එයාබස් සමාගමට වන්දි ගෙවීමේදී ද ශ්‍රීලන්කන් නිලධාරීන් එයාබස් සමාගමෙන් කොමිස් ගන්නට ඇතැයි දැන් සැක මතු වී තිබේ.
එයාබස් හෝ එහි නියෝජිතයින් අල්ලස් ලබා දී ඇති බව ඔප්පු වී ඇති රටවලට සිදුවන හානිය සඳහා පූර්ණ වන්දි ගෙවිය යුතු බව ද, එයාබස් සමාගමෙන් වන්දි ලබා ගැනීමට ජනවාරි 31 වන දින එක්සත් රාජධානියේ අධිකරණ අනුමැතිය ලබා දී ඇති බැවින් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ද මෙම දූෂිත ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවී ඇති මහත් පාඩු සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් වගකිව යුතු අතර ඊට වගකිව යුත්තන් හසු කර ගැනීමට පියවර ගත යුතු බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සංවිධානය පවසයි.
URI GAGARIN sandata giya dawaswala , munupurek seeyagen asuwalu ” ai seeye handata yanne ? ” kiyala . Ae seeya kiwwalu Sanda thiyena nisaa kiyala !
Ithin AIR LANKA thiyena nisaa kochchara deawal siduwunaada , siduwemin pawathinneda , kothek dea siduwennata nothibeada ?
Kawda oya patta birinda . Kawuth anumaana karanawa athi . Namuth kiyanna bayai . Jeivitheta kawruth bayaine .