මුහුද දිහා බලනකොට පවා මේ වගේ කෑදර විදියට බලන එක වැරදියි

මේ කියන විදියට මුහුදටත් කරන්න ඕනැ අර මධ්‍යගත යුගයෙ මායාකාරියන්ය කියල චෝදනාවට ලක්වුණ ගෑනුන්ට වධ දීලා රහස් උකහා ගත්තා වගේ මුහුදත් මිරිකලා සම්පත් හූරාකන එක. එහෙම කරන්න ඕනැය කියලා යටත් විජිත යුගයෙදි ෆ්‍රැන්සිස් බේකන් යටත් විජිත ආණ්ඩුවලට උපදෙස් දුන්නා. ඉන්දියාව, ලංකාව වගේ රටවලට යටත් විජිත හිමියෝ ඒ වැඩේ කළා. මුහුදෙන් රට ගොඩගන්න කතාවත් ඒ ජාතියෙම ගොබ්බ කතාවක්.
ලංකාව ලෝකෙ වැඩියෙන්ම සමුද්‍ර දූෂණය කරන රටවල් අතරින් එකක්. මුහුදෙ ස්වාභාවික සම්පත් කියන්නෙ ඉතාම පරිස්සමෙන් තිරසර ලෙස භාවිතා කළ යුතු දේ. එහෙම නැතුව හූරාකාල ගොඩයන්න තියෙන ජාති නෙමෙයි. එක්සත් ජාතීන්ගෙ තිරසර සංවර්ධන අරමුණු 17න් 14වෙනි එක ‘දිය යට ජීවිතය.’ ඒ යටතෙ ‘Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development’ කියලයි සඳහන් වෙන්නෙ. ඒ කියන්නෙ ‘තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුද සහ සාගර සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර ලෙස භාවිතා කිරීම’. මේව ලංකාව අනුගමනය කරන්නට එකඟ වෙලා තියෙන කාරණා.
ධීවර කර්මාන්තයෙදි විතරක් නෙමෙයි මුහුදෙ නැව් යනකොට, මුහුද අවට වරාය හා සංචාරක කර්මාන්තය වැනි කටයුතුවලදිත් මේ ගැන අවධානය යොමු කළ යුතුයි.
Moode neaw giyaata paarawal hitinne nethiwunaata , mooda dhosanayata loku podi kawru kawruth dena ho nodena ho sammadam wenaeka nam sathyai !