blood in hand

ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි. Continue Reading

PCR tests

වසංගතයට මුහුණදෙන්නට ඕනැ. ඒකත් එක්ක සටන් කරන්න ඕනැ. හැංගිලා බේරෙන්න බැහැ. වසංගතය එක්ක සටන් කරන්නට නම් ආර්ථිකය ඉතා වැදගත්. පොදුබව රැකගන්න අවශ්‍යයි. ඔබ ගෙදර සිටියත් ඔබට වැටුප ලැබෙනවා ඇති. ඔබ ගෙදර ඉන්න. එහෙම නැති මිනිසුනුත් මේ සමාජයේ ඉන්නවා. ඔවුන් රැකියා, ව්‍යාපාර කරන්නට ඕනැ. ඒ වගේම, රටක් විදියට අපට වගකීම් තිබෙනවා. ණය ගෙවන්නට ඕනැ. සුබසාධනය පවත්වාගෙන යන්නට ඕනැ. මේ ඔක්කොම කරන්න ආර්ථිකයක් පවතින්නට ඕනැ.Continue Reading

Gotabaya on wall

ආණ්ඩුව හා විශේෂයෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශකයකු වන හමුදාපතිවරයා කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකිය. ලොක්ඩවුන් නොකරන බව මොවුන් ඔලුවෙන් හිටගෙන කීව ද අද එවැන්නක් සිදුවිය හැකිය. එයට හේතුව, දුරදිග බලන්නට අවශ්‍ය දැක්වක් ජනාධිපතිගේ සිට පහළට පාලකයන් කිසිවකුට නැතිකමයි. කොවිඩ්-19 සම්බන්ධයෙන් අප මෙම වෙබ් අඩවියේ අවුරුදු එකහමාරක පමණ සිට ලියා ඇති ලිපිContinue Reading

Sri Lanka Army vaccination centre

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.Continue Reading

Dilan Perera

කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ද සඳහන් කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් කරනු ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. Continue Reading

KDU facts

අජිත් පැරකුම් ජයසිංහ කොතලාවල විශ්වවිද්‍යාලය ගැන එල්ල වන ප්‍රධානතම විවේචන අතරින් එකක් වන්නේ උසස් අධ්‍යාපනය මිලිටරි විනයකට යටපත් කිරීමයි. හමුදාවල වෘත්තිකයන් සඳහා ලබාදෙන උසස් අධ්‍යාපනය හමුදා විනයකට යටත් කිරීම වෙනම කාරණයකි. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතුය. ලංකාවට මෙතරම් සුවිශාල හමුදාවක් කුමටද යන කාරණයත් එයට අදාළ කරගත යුතුය. කොතලාවල විශ්වවිද්‍යාලයContinue Reading

Anura Kumara Dissanayake

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් මුවවිටදී කරන ගතානුගතික ප්‍රකාශයක් ලෙස ද නොවේ. මෙම ප්‍රකාශය සිදුකළContinue Reading

Sarath Weerasekara

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා වෙත පවරාගෙන ඇත. මෙම ආයතන දෙක විශේෂ වැදගත්කමක් සහිත ඒවා නොවේ. බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යනු මෙලෝ වැඩක් නැති සල්ලි කන යකෙකි. ඒවා සරත් වීරසේකරගෙන් ගලවන්නේ ඔහුට දඬුවමක් ලෙස වෙන කිසිවකට නොවේ. Continue Reading

Matugama Teachers

අජිත් පැරකුම් ජයසිංහ මා රජයේ පාසල් ගුරු වෘත්තියෙන් සමුගත්තේ මීට වසර හයකට පමණ පෙරයි. ගුරු වෘත්තියට බැඳුණු අලුත සිටම මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් වුණෙමි. 2015 වසරේ පවා ගුරු සංගම් කටයුතු වෙනුවෙන් පාසල් ගානේ යනවිට ජෝසප් ස්ටාලින් පැමිණෙන රැස්වීමකට සහභාගී වන්නට පවා ගුරුවරුන් බියක් දැක්වූහ. ලංකා ගුරු සංගමයේ උපකාරයෙන් නඩුContinue Reading

Basil banner

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති පදවියට පත්වී මේ වන විට සති තුනකට ආසන්නය. බොහෝ අය තෙල් මිල අඩු කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය. බැසිල් රාජපක්ෂ යම් දුරකට ඇත්ත කතාකරනු නම් පෙනේ. ඇත්ත කතාකරන්නට සිදුවන තරම් ආර්ථිකයේ ගැටලුව බරපතලය. බැසිල් රාජපක්ෂ කරන දේවල බලපෑම තවම දක්නට ලැබෙන්නේ නැත.Continue Reading