Sri Lankan teachers

මේ ජයග්‍රහණයත් සමග ගුරුවරුන් ලෙස කොන්ද කෙළින් තබාගෙන වැඩකරන්නට ලැබුණු අවස්ථාව විනාශ කර නොගත යුතුයි. ගුරුවරුන් දෙවියන් වැනි පිරිසකැයි යන මිථ්‍යාව අත්හැරිය යුතුයි. සිසුන් ලවා අනවශ්‍ය අන්දමින් වන්දවාගනිමින් අනාගත පරම්පරාවේ කොන්ද බිඳදැමීමේ සිට පාසල්වල කරන දහසකුත් එකක් විකාර නවත්වා යහපත්, නිර්මාණශීලී අනාගත පරපුරක් ගොඩනැගීම වෙත අවධානය යොමුකරන්නට ගුරුවරුන්ට සමාජයෙන් ශක්තිය හා ධෛර්යය ලැබිය යුතුයි.Continue Reading

Gotabhaya-with-BBS

‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පය කොහොමත් ක්‍රියාත්මක නොවන තත්වයක් වන්නේ ධනවත්කම හා බලවත්කමයි. උදාහරණයක් ලෙස, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්වී සිටි දුමින්ද සිල්වාට ලැබෙන ජනාධිපති සමාව දිළිඳු සාමාන්‍ය පුරවැසියකුට කිසි කලෙක ලැබෙන්නේ නැත. Continue Reading

gotabaya rajapaksa in organic farm

රසායනික විරෝධයම කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ අදහසක්. ලෝක ජනගහනය වර්ධනය වුණේම රසායනික ද්‍රව්‍ය වන ඖෂධයි, කෘෂි රසායනික භාවිතා කරමින් කරපු ආහාර නිෂ්පාදනයයි නිසා. ජනගහනය වර්ධනය වෙන අතරෙ උපතේදී ආයු අපේක්ෂාවත් වර්ධනය වුණ බව අප අමතක නොකළ යුතුයි. නූතන මිනිසා හා සමාජය කියන්නෙ විද්‍යාවෙ ජයග්‍රහණයක්. සොබාදහමේ පසුබැසීමක්.Continue Reading

Gotabaya on wall

පරිපූර්ණ කාබනික ගොවිතැන ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. දැනටත් රජය පාලනයක් සහිතව කෘෂි රසායනික සඳහා අවසර ලබාදී තිබේ. කෙසේ වෙතත්, ඊනියා රසායනික විරෝධය කෘෂිකර්මාන්තයේ සිදුවන පරිවර්තනයට මනා ආවරණයක් සපයයි. එමගින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රමය මුළුමනින්ම විනාශ කර අලුතින් ප්‍රතිව්‍යූහගත කරනු ඇත. එය අත්‍යවශ්‍ය, විප්ලවීය පියවරකි. එහෙත්, එය අතිශය වේදනාකාරීය. වෙනස කොහොමත් අමාරු දෙයකි. ඇතැම්විට එය දැන් අප සිතන තරම් දුෂ්කර නොවන්නට ද පුළුවන. කෙසේ වෙතත්, අප වෙනසට විරුද්ධ විය යුත්තේ ඇයි? Continue Reading

school child

අජිත් පැරකුම් ජයසිංහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමග නිර්මාණය වූ කොරෝනා පොකුරුවලින් හා ගුරුවරුන්ගේ දැවැන්ත අරගලයෙන් පසු පාසල් අද සිට හරියට ආරම්භ වේ. මුලින් ආරම්භ වන්නේ ප්‍රාථමික පන්ති පමණි. ගුරු ඉල්ලීම් ලැබුණේ නැතත්, ගුරු අරගලය විසින් ලබාදුන් ජයග්‍රහණ රැසක් තිබේ. පාසල් අධ්‍යාපනය හා ගුරු භූමිකාව පිළිබඳ සමාජ සංවාදය ඒContinue Reading

Sri Lanka police

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා. එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා. Continue Reading

Jaffna farmers

රජය පොහොර තහනම් කිරීමට මුලින් පියවර ගත්තේ පොහොර සහනාධාරය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 60ක් පමණ වන වාර්ෂික වියදම අවම කරගැනීමටයි. ආනයනික පොහොර වෙනුවට දේශීය කාබනික පොහොර භාවිතය මගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිය. එහි තිබුණේ සරල ආර්ථික විද්‍යාවකි. Continue Reading

Ceylon Petroleum Corporation

ඉන්ධනවලට සහනාධාර දෙන්නේ පොදු ප්‍රවාහනයට මුවාවෙමිනි. එහෙත්, ඉන්ධන සහනාධාරයෙන් වැඩිම ලාභයක් ලබන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවතුන්ය. දුප්පතුන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්නට අවශ්‍ය නම්, වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුවම දුප්පතුන් ඉලක්ක කරන පරිදි සිදුවිය යුතුය.Continue Reading

State expenses of Sri Lanka - 2019

ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් නොවෙයි. හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ. හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි. අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ. මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ. මන්ද, එය ඉන්දියාව වැනි රටක හමුදාව සමග සන්සන්දනය කරන විට සෙල්ලම් හමුදාවක්. පාරවල් අයිනේ හෝටල් කරන්නට, පිට්ටනිවල තණකොළවලට වතුර දමන්නට, ගොවිතැන් කරන්නට, එන්නත් දෙන්නට හමුදා අවශ්‍ය නැහැ. හමුදා නඩත්තු කිරීමට කරන වියදමෙන් ඒ ඒ අදාළ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකියි.Continue Reading

cyber terrorism

ශ්‍රී ලංකාව දත්ත ත්‍රස්තවාදයක ගොදුරක් බවට පත්වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත ගොනු 11,000කට අධික සංඛ්‍යාවක් මකාදැමීම එම සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු යයි කියන ප‍්‍රමෝද් දිලූප රාමනායක නම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ත්‍රස්තවාදී සැකකරු පැය පහකට අධික කාලයක් ගතකරමින් මෙම දත්ත මකාදමා තිබෙන අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බවට ඔහු රඟපෑමක් කර තිබෙන බව ද, ඒ වන විට ඔහු එම ආයතනයෙන් ඉල්ලා අස්වී වෙනත් ආයතනයක සේවයට යාමට සූදානමින් සිටි බව ද අධිකරණය ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා. Continue Reading