Dilan Perera

කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ද සඳහන් කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් කරනු ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. Continue Reading

KDU facts

අජිත් පැරකුම් ජයසිංහ කොතලාවල විශ්වවිද්‍යාලය ගැන එල්ල වන ප්‍රධානතම විවේචන අතරින් එකක් වන්නේ උසස් අධ්‍යාපනය මිලිටරි විනයකට යටපත් කිරීමයි. හමුදාවල වෘත්තිකයන් සඳහා ලබාදෙන උසස් අධ්‍යාපනය හමුදා විනයකට යටත් කිරීම වෙනම කාරණයකි. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතුය. ලංකාවට මෙතරම් සුවිශාල හමුදාවක් කුමටද යන කාරණයත් එයට අදාළ කරගත යුතුය. කොතලාවල විශ්වවිද්‍යාලයContinue Reading

Anura Kumara Dissanayake

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් මුවවිටදී කරන ගතානුගතික ප්‍රකාශයක් ලෙස ද නොවේ. මෙම ප්‍රකාශය සිදුකළContinue Reading

Sarath Weerasekara

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා වෙත පවරාගෙන ඇත. මෙම ආයතන දෙක විශේෂ වැදගත්කමක් සහිත ඒවා නොවේ. බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යනු මෙලෝ වැඩක් නැති සල්ලි කන යකෙකි. ඒවා සරත් වීරසේකරගෙන් ගලවන්නේ ඔහුට දඬුවමක් ලෙස වෙන කිසිවකට නොවේ. Continue Reading

Matugama Teachers

අජිත් පැරකුම් ජයසිංහ මා රජයේ පාසල් ගුරු වෘත්තියෙන් සමුගත්තේ මීට වසර හයකට පමණ පෙරයි. ගුරු වෘත්තියට බැඳුණු අලුත සිටම මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් වුණෙමි. 2015 වසරේ පවා ගුරු සංගම් කටයුතු වෙනුවෙන් පාසල් ගානේ යනවිට ජෝසප් ස්ටාලින් පැමිණෙන රැස්වීමකට සහභාගී වන්නට පවා ගුරුවරුන් බියක් දැක්වූහ. ලංකා ගුරු සංගමයේ උපකාරයෙන් නඩුContinue Reading

Basil banner

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති පදවියට පත්වී මේ වන විට සති තුනකට ආසන්නය. බොහෝ අය තෙල් මිල අඩු කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය. බැසිල් රාජපක්ෂ යම් දුරකට ඇත්ත කතාකරනු නම් පෙනේ. ඇත්ත කතාකරන්නට සිදුවන තරම් ආර්ථිකයේ ගැටලුව බරපතලය. බැසිල් රාජපක්ෂ කරන දේවල බලපෑම තවම දක්නට ලැබෙන්නේ නැත.Continue Reading

KDU

මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන් ගුරුවරුන් හිටියෙත් නැහැ. මං ඒවයින් විශේෂ දෙයක් ඉගෙන ගත්තෙත් නැහැ. මං ගියපු ඉස්කෝලෙට මං අදටත් ආදරෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඉස්කෝලෙ එක්ක තිබුණු කැලෑව නිසා. Continue Reading

President Gotabaya at public office Narahenpita

2020 වසරේ රජයට ලැබුණු බදු ආදායම වූ රු. බිලියන 1216න් බිලියන 1052ක් විශ්‍රාමික හා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු ආදායමින් ඉතිරි වන්නේ රු. බිලියන 164ක් පමණක් බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පසුගිය 21දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.Continue Reading

Basil Rajapaksa

හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ නව මුදල් පනතට එරෙහිව ජවිපෙ අධිකරණයට යාම සාධාරණය. එහෙත්, මේ අන්දමින් සඟවාගෙන තිබෙන මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ වරදක් මම නම් නොදකිමි. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් ලබානොදෙන පසුබිමක් තුළ එම මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ කිසිදු වරදක් නැත. Continue Reading

Hishalini-mother

රිශාඩ් බදුර්දීන්ගේ නිවසේදී මියගියේ දැරියක නොවේ. 16 හැවිරිදි ගැහැණු ළමයෙකි. දරුවා හෝ දැරිය හෝ කියන්නේ ළමයෙකුට පෙර වයසේ පුද්ගලයන්ටය. අපයෝජනයට ලක්වන ගැහැණු ළමයින් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා දැරිය යන වචනය යොදයි. දැන හෝ නොදැන මේ කරන්නේ ළමා අපයෝජකයන්ගේ පරිකල්පනීය ෆැන්ටසියට අවශ්‍ය පරිදි මේ ප්‍රවෘත්ති සංවේදී කර සැපයීමයි. නිසි තාක්ෂණික වචන භාවිතා නොකිරීම ද අපයෝජනවලට දිරි දීමකි. Continue Reading