Vijaya Kumarathunga

විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය.Continue Reading

chamuditha Samarawickrama

මාධ්‍යවේදීන්ට අසූචිවලින් පහරදෙන තත්වයක් රටේ තියෙනවා නම්, ඒක ගැන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සංවිධානවලට පැති ගණනාවකින් හිතන්නට සිදුවෙන බවත් මාධ්‍යවේදීන්ට කිව යුතුයි. ප්‍රකාශනයේ නිදහස කියන්නේ වල්බූරු නිදහසක් නොවන බව මාධ්‍යවේදීන් දැනගත යුතුයි. මාධ්‍ය නිසා අගතියට පත්වන පාර්ශ්ව හෝ ආණ්ඩුව හෝ නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වයට යොමුවෙනවා නම්, එතැන ප්‍රකාශනයේ නිදහසට බරපතල අභියෝගයක් තිබෙන බවත් කිව යුතුයි. Continue Reading

media cameras

නියාමනය මගින් බෙන්ච්මාක් කිරීමක් හෙවත් සංසන්දනය සඳහා ප්‍රමිතියක් නිර්මාණය කළ හැකියි. උදාහරණයක් විදියට රජයට පුළුවන් තමන්ගේ මාධ්‍ය ආයතනවලින් මේ සැසඳුම් නියාමනය ආරම්භ කරන්නට. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නියාමනය කිරීමට නීති සම්පාදනය කිරීමත් එක්කම, දැන්වීම් පළකිරීම නියාමනය කිරීමටත් ඒ නීති අදාළ කරනවා නම්, මාධ්‍ය නියාමනයට එය උත්ප්‍රේරකයක් විය හැකියි. Continue Reading

health workers' strike in Sri Lanka

රාජ්‍ය සේවකයන්ගේ නිමක් නොමැති වැටුප් විෂමතා අරගල අවසන් කළ යුතුය. රාජ්‍ය සේවයේ සියලු පිළිගත් වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් රාජ්‍ය වැටුප් ප්‍රතිව්‍යූහගත කිරීමේ උපදෙස් විමසීම් පවත්වා, විෂමතා අවම වන ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවා වැටුප් තල ප්‍රතිව්‍යූහගත කළ යුතුය. එහිදී රාජ්‍ය පරිපාලන සේවය, රජයේ වෛද්‍ය නිලධාරීන් වැනි අයට හැන්ද අතට ගැනීමට දුන්නොත් එතනින්ම වැඩේ ගැස්සෙන්නට ද ඉඩ තිබේ. රාජ්‍ය සේවකයන් තවදුරටත් මේ රටේ ජනතා බදු මුදල් සූරාකා ජනතාව පෙළන බලවේගයක් බවට පත් නොකර, ඵලදායී සේවාවක් ඉටුකරන කාර්යක්ෂම මහජන සේවකයන් පිරිසක් බවට පත්කිරීමට යම් ආණ්ඩුවක් කටයුතු කරන්නේ ද එම ආණ්ඩුව විප්ලවීය ආණ්ඩුවකි. රාජ්‍ය සේවය වෙනුවට ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතුය. සරලව කිවහොත්, මොනවා හෝ නිෂ්පාදනය නොකර අපට අනාගතයක් නැත.Continue Reading

Sri Lanka Podujana Peramuna

ඉතා වේදනාකාරී වන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආණ්ඩුවට යම් ජනප්‍රියත්වයක් අවශ්‍යය. ඒ සඳහා අනුරාධපුර රැළිය වැනි ජවනිකා වැදගත් වේ. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකින් ජයගැනීම වුව නරක කැත. විපක්ෂයේ පක්ෂවලට තිබෙන ශක්තියේ තරම පෙන්වාදීම ද ඉතා වැදගත්ය. Continue Reading

Over garlanding politicians

ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ කිසිදු දේශපාලකයකු අනවශ්‍ය උත්සවශ්‍රීයකාරකයකු බවට පත්කරන්නට පුරවැසියන් කටයුතු කළ යුතු නැත. පුරවැසියන් වන අප ඔවුන් විසින් සංවිධානය කරගන්නා උත්සවශ්‍රීයන්ට කිසිසේත් සහභාගී නොවිය යුතුය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ නාලක ගොඩහේවාට බස් මගීන් ප්‍රතිචාර දැක්වූ ආකාරයටය. Continue Reading

SDGs in Sinhala

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ සංවර්ධනය නැවත නිර්වචනය කරගැනීමේදී අපේ අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහියි. Continue Reading

Champika and Sajith

අනාගත නායකත්වය සම්බන්ධයෙන් තරගකාරී තත්වයක් නිර්මාණය වීම නරක තත්වයක් නොවේ. අප මෙම ලිපියෙන් යෝජනා කරන්නේ පුරවැසියන් විසින් අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ මීළඟ නායකත්වයේ පුද්ගල හෝ සංවිධානමය ස්වරූපයන් වෙත නොව, ඔවුන් ඉදිරිපත් කරනු ලබන හා ඔවුන් තුළ සැඟව පැවතිය හැකි අරමුණු හා වැඩසටහන් කෙරෙහි බවයි.Continue Reading

SDGs in Sinhala

ලොව කිසිදු රාජ්‍යයක් තමන් ධනවාදී යයි පිළිගන්නේ නැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. ලොව කිසිදු රටක් තම රාජ්‍ය නාමයට ධනවාදී රාජ්‍යයකැයි එකතු කරගෙන නැත. සත්තකින්ම පරම ධනවාදයක් ලොව කොහේවත් ඇත්තේ ද නැත. පරම සමාජවාදය ද නොපවතින්නකි. ලෝකයේ පවතින රාජ්‍යයන් හා සමාජයන් තුළ ධනවාදී මෙන්ම සමාජවාදී ලක්ෂණ ද අඩු වැඩි වශයෙන් දැකිය හැකිය. Continue Reading

අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවර්ධන මූලෝපායන් තෝරාගැනීමේදී ධනවාදය විසින් යෝජනා කරනු ලබන්නේ ගෝලීය නිෂ්පාදන හා සේවා දාමයන් සමග මැනවින් සම්බන්ධ වීමයි. එහිදී නිදහස් වෙළඳාම, ව්‍යාපාර කිරීමේ පහසුව, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්, ආයෝජන, තාක්ෂණය, රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලික අංශය, ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව ආදිය අතිශය වැදගත් වේ. Continue Reading