අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රියේ ගාලුමුවදොර අරගලයේ වැඩබිම නිරීක්ෂණය කළෙමි. මැරෙන්නට පෙර අප මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රගතිශීලී මහජන නැගිටීමක් දෑසින් දැකගන්නට ලැබීම වාසනාවකැයි මට එහිදී හමුවූ මාධ්‍යවේදී හා දේශපාලන-සමාජ ක්‍රියාකාරික ශාන්ත විජේසූරිය පැවසීය. එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානයContinue Reading

Gallface-protest-Gota-Go-Home-2022

මිලියනයක් ආවද? නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතෙන්ට බස් දාලා සෙනග ඇද්දෙ නැහැනෙ. අනෙක, නැකැත් බලලා කරපු එකකුත් නෙමෙයිනෙ. මේ අවුරුදු කටේ, දිග නිවාඩුවක් අද්දර, අද වගේ සෙනසුරාදාවක ඔය හොඳටම ඇති. එන්න බැරිවුණ බොහෝ අය විරෝධය එක්ක ඉන්නවා.Continue Reading

IMF

අර්බුදයේ වර්තමාන අවධිය පටන් ගත්තෙ 2005 සිට උපාධිධාරීන්ට උත්සව පවත්වමින් රජයේ රැකියා දෙමින් මහින්ද රාජපක්ෂ යටතේ විශාල රජයක් හා ඇස්බැන්දුම් සංවර්ධනයක් නිර්මාණය කිරීම හරහා නිර්මාණය වුණ මහින්ද චින්තනයෙන්. අයිඑම්එෆ් එකත් එක්ක ප්ලග් ගලවලා සීයට දහයට වැඩි ගිනි පොළී මූල්‍ය වෙළඳපොළට ලංකාව ගැටගහපු එක ගැන විමල් වීරවංශලා ගහපු කයිවාරු මතකද? Continue Reading

pandama

කිසිදා හමුවී නැති, ෆේස්බුක් එකේ පවා මා ලොකු විවාදයකට පැටලී නැති, අඩු තරමේ දේශපාලන කාරණයක් චැට් කර හෝ නැති පුද්ගලයකු වන එරන්ද ගිනිගේ මගේ නම ටැග්කරමින් හිටිහැටියේ මා ඔහුගේ ජීවිතයට තර්ජනයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධ ‘ගිනිගේ චර්යාව’ තේරුම්ගැනීම අවශ්‍යයි. එය මට අදාළ පෞද්ගලික කාරණයක් පමණකැයි මා සිතන්නේ නැහැ. ඔහුගෙන් ප්‍රකාශ වන්නේ කිසියම් ප්‍රවණතාවක්.Continue Reading

Sumanasiri Liyanage

මේ සමග තිබෙන සංවාදයේ ආචාර්ය සුමනසිරි ලියනගේගේ විසඳුම කියවා තේරුම් ගන්න. ආන්තික වාමාංශිකයන්ගේ න්‍යායධරයා වන සුමනසිරි යෝජනා කරන්නේ ණය ගෙවීම අවිධිමත් ලෙස පැහැරහැර, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර ජාතික වශයෙන් ගොඩයාමේ සැලැස්මක් සකස් කරන ලෙසයි.Continue Reading

revolution

ලංකාවෙ රාජ්‍යයේ හිමිකාරීත්වය වර්තමානයෙදි තියෙන්නෙ මධ්‍යම පන්තිය අතේ. රාජ්‍යයෙන් යැපෙන මධ්‍යම පන්තිය තමයි අර්බුදයට වගකියන්න ඕනැ. ඒක වෙනස් කරලා විශේෂයෙන් රාජ්‍ය සේවයෙන් පිටත සිටින වැඩකරන ජනතාව සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කර දේශපාලනය තුළ ඔවුන්ගේ නියෝජනය තහවුරු කරන එක තමයි ලාංකීය විප්ලවය කියන්නෙ.Continue Reading

Banning cattle slaughter in Sri Lanka

රට අරාජික වීම හා කතානායක මහින්ද යාපා අබේවර්ධන වැනි අපතයන් ව්‍යවස්ථානුකූලව ජනාධිපති වීම වැළැක්වීම ද අවශ්‍යය. ඉල්ලා අස්වන්නට ද ක්‍රමයක් තිබිය යුතුය.Continue Reading

JVP April 3

දවස් කීපයක් ඇතුළත ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. wfm`a,a 3දා උද්ඝෝෂණය ප්‍රතික්ෂේප කරපු ජවිපෙ ඇඳිරි නීතිය මැදම ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ උද්ඝෝෂණවලට ඉදිරිපත් වීම හොඳයි. එය ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නම විශේෂයෙන් ප්‍රදර්ශනය නොකරමින් කළ බවක් ද පෙනෙන්නට තිබෙනවා.Continue Reading

Ranil Wickramasinghe and Mangala Samaraweera

ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන ආණ්ඩුව අසමත් වී තිබෙන තරමේ හැටියට සහ එහි ජනප්‍රියත්වය පිරිහී තිබෙන මට්ටමේ හැටියට ඔවුන් කළ යුතුව තිබෙන්නේ පවුලේ ආරක්ෂාව සඳහා සම්මුතියක් නිර්මාණය කරගැනීමයි. Continue Reading

change ahead

ශ්‍රී ලංකාව මේ මොහොතේ අපේක්ෂා කරන නායකත්වය මෙවැනි ක්‍රමයක් හරහා සම්පාදනය කරගන්නට බැරිකමක් නැත. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් පාර්ලිමේන්තුවේ සිටිති. එහි නායකයන් නොමැති නම් එය රටේ නායකත්ව ගැටලුවකි. එම ගැටලුව විසඳාගැනීම මේ මොහොතේ කළ නොහැකිය. දෙසීය විසිපහම එපා වැනි මුග්ධ සටන්පාඨ ඉවත දමා,මහජන ඡන්දය පදනම් කරගෙන පත්වී සිටින මෙම මන්ත්‍රීන් 225 නායකයන් බවට පරිවර්තනය කරගත යුතුය. එය සිදුකළ යුත්තේ පක්ෂ දේශපාලනය අතික්‍රමණය කරමින් නිර්මාණය කරගනු ලබන පොදුබවක් ඔස්සේය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂවලත්, සිවිල් සමාජයේත් සහයෝගය ලබාදිය හැකිය. මෙම පරිවර්තනය වඩා සාමකාමීය. අඩුවෙන් හානිකරය. පවත්නා ක්‍රමයෙහි දැඩි පරිවර්තනයක් සිදු නොකරන මුත්, එවැනි පරිවර්තනයකට මුලපිරීම සිදුකරයි. Continue Reading