ජනාධිපතිගෙ උපන්දිනේ දවසෙ දේශපාලන තත්වය
අරගලයේ හෝ ප්රචණ්ඩත්වයේ හෝ දෙවෙනි රැල්ලක් ගැන කතාකරන අද දවසේ මං ඉන්න ස්ථාවරය මේක.Continue Reading
අරගලයේ හෝ ප්රචණ්ඩත්වයේ හෝ දෙවෙනි රැල්ලක් ගැන කතාකරන අද දවසේ මං ඉන්න ස්ථාවරය මේක.Continue Reading
මං දැනුත් ඉන්නෙ විප්ලවීය සමාජ වෙනස්කම් එක්ක. මේ මොහොතෙ නම් ඒක මධ්‍යම පන්තික සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයෙන් යුත් සුබසාධනවාදී ජාතික සමාජවාදී රාජ්‍යය බිඳ දමා අලුත් නිෂ්පාදන මාදිලියක් හැදීම. ඒක දැන් ජයට වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් නැහැ.Continue Reading
ලංකාවේ දේශපාලන ප්‍රශ්නය සරලව කිව්වොත්, සමස්ත ජාතියම එකතුවෙලා මහ විශාල රජයක් හදාගෙන, විදේශවලින් ණය අරගෙන, ඩොලර් එක පෙග් කරලා තියාගෙන, බඩු ආනයනය කරගෙන, හොරකම්-දූෂණ-වංචා කරමින්, ඒකට ගැලපෙන නායකයන් පිරිසකුත් හැම පක්ෂෙන්ම හදාගෙන, කාලා බීලා පාරිභෝජනවාදී ලෙස ජොලියේ හිටියා.Continue Reading
ඒ නිසා මේක කියවන ඔබත් වෘත්තීය කුසලතාවක්, ව්‍යවසායකත්ව කුසලතාවක්, ව්‍යාපාරයක්, නිෂ්පාදනයක් කරන හැටි ගැන හිතන්න. ඒකට කම්මැලි නම්, අඩුගානෙ බෝ නොවන රෝගියෙකු වෙලා රටට බරක් නොවෙන විදියට ගානට කාලා, ව්‍යායාම ටිකක් කරලා පාඩුවෙ ජීවත් වෙන්න.Continue Reading
අපේ වයසෙදි අපි දේශපාලනිකව සාර්ථක වෙන්නෙ ඔය අපි අපේම අතීතයට අදාළව ‘මෝඩ වයස’ය කියලා සිතන වයසෙ දැන් ඉන්න කොල්ලන්ව ‘ජාතියේ අනාගතය’, ‘ඉතිහාසයේ වගකීම පැවරී තිබෙන පරපුර’ වගේ කෑල්ලක් දාලා අන්දගෙන අපේ අරමුණ වෙනුවෙන් බිලිබෝයිස්ලා විදියට පාවිච්චි කරන්නට පුළුවන් නම් විතරයි. අපි ඔය වයසෙදි අපේ වැඩිහිටි පරපුරත් අපට ඒකම කළා.Continue Reading
ප්‍රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය. Continue Reading
මේ පාර මැච් එක තියෙන්නෙ ඇෆ්ගනිස්තානෙත් එක්ක. ඔව්, අපි මාලදිවයිනට, බංග්ලාදේශයට පවා පරාජය වෙලා ඉවරයි. තලේබාන්ලගෙ ඇෆ්ගනිස්තානය පවා අප ඉස්සර කරන්නට ඉඩ තියෙනවා. ආයෝජකයන් රටට ආකර්ශනය කරගන්නට මේ තිබෙන අවස්ථාව කොයි තරම් වැදගත් ද කියන එක හිතන්න.Continue Reading
පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි.Continue Reading
කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය.Continue Reading
ආර්ථික විද්‍යාඥයන් මේ අවස්ථාවේ විසඳුම ලෙස පෙන්නන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන තෙක් Bridging Finance හෙවත් අන්තර්කාලීන ආධාර ලබාගැනීම යථාර්ථයක් නොවන බව පෙනේ. Bridging Finance ලෙස හැඳින්වූයේ ආර්ථික අර්බුදය සමනය වනතුරු අපට තෙල්, ගෑස්, ආහාර ආදිය ආනයනය කරන්නට විදේශ රටවලින් ආධාර ලබාගැනීමයි.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us