Galleface protest

ශ්‍රී ලංකා රාජ්‍යය නිර්මාණය එළිපිටම සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුක්ත වූ අතර, එහි යටිතලයේ ආගමික ආධිපත්‍යයක් මෙන්ම, කුල ආධිපත්‍යයක් ද දක්නට ලැබේ. බෞද්ධ ආගමික ආධිපත්‍යය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලදි. කුලය පිළිබඳ සාධකය අහෝසි නොවී පවතී. එහෙත්, විවෘතව සාකච්ඡා කරන්නේ නැත. එසේම, දේශපාලන ආධිපත්‍යය පැහැදිලිවම පිරිමි මූලිකය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%ක මට්ටමටවත් ළඟාකරගැනීම දුෂ්කර වී තිබේ. Continue Reading

facebook hack

මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා. බෑන් කරන්නට ඉතා කෙටි කාලයයි ගතවෙන්නෙ. ඒ අතරවාරයේ මිතුරෙකු ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මේ. මේක තමයි මේ මොහොතේ තියෙන ප්‍රචණ්ඩත්වයේ තත්වය. ඒක හෙට වෙනකොට ශාරීරික ප්‍රචණ්ඩත්වයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.Continue Reading

Election Violence in Sri Lanka

අනිත් පැත්තෙන් මචං,
පුංචි ඡන්දෙ දියල්ලා, ඒකෙන් ජන මතේ පෙන්නනවා. ඊළඟට පාරට බහිනවා. මහ ඡන්දේ බලෙන් තියෝනවා. ( 2023 ට ඡන්ද දෙකක සංග්‍රහයක් හිඟා කන රටට ) අපි දිනනවා. කියන අයගේ මොරාල් බහිනවා.
සජබ ජවිපෙ දෙකේ දැන් පුංචි එක, ඊළඟට ලොකු එක, කියන ලොකු සීන් එකේ හිටියේ. ඒක ඉවර වෙනවා.Continue Reading

burnt buses

2022 මැයි 09 වනදා අරලියගහ මන්දිරයට සෙනග ප්‍රවාහනය කර ආපසු යන අවස්ථාවේ බස් රථවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බස්රථ 50ක් පමණ විනාශ වූ බව ද, එයින් 38ක් මුළුමනින්ම විනාශ කරදමන ලද බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේය.Continue Reading

Nimal Punchihewa

මෙම පනත අනුව මැතිවරණයට නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාවට තීරණයකළ හැකිය. ඒ අනුව, මෙම මෙම පළාත් පාලන මැතිවරණයේදී එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රු. 20ක් බව ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසයි. Continue Reading

spinning tops

මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවට කිසි සේත්ම වාසිදායක නොවන බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව සිදුකරමින් සිටින විප්ලවීය ධනේශ්වර ප්‍රතිසංස්කරණ හමුවේ මධ්‍යම පන්තිය දැඩි පීඩාවකට පත්වී සිටිති. මධ්‍යම පන්තිය නියෝජනය කරන ජාතික ජනතා බලවේගය වැනි බලවේගවලට මෙය අතිශය වාසිදායක තත්වයකි. මධ්‍යම පන්තික බලවේගය මුල්වී 2019දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලැබුණු බදු සහන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ආපසු හරවමින් තිබේ. Continue Reading

Anura Kumara Disanayaka

ක්‍රමය වෙනස් කරනවාය කියන්නෙ බලය හිමි පැළැන්තිය වෙනස් කිරීම නෙමෙයි. ජවිපෙ යෝජනා කරන්නෙ ප්‍රධාන ධාරාවෙ ප්‍රභූන් අතින් මධ්‍යම පන්තික ප්‍රභූන් වෙත බලය හුවමාරු කිරීම.Continue Reading

Sajith and bus

අජිත් පැරකුම් ජයසිංහ අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට ඩ්‍රයිවර්ලා හරි, තෙල් හරි, නඩත්තු වියදම් හරි දෙන්නෙ නැහැනෙ. ඒ දවස්වල මැච්වලට පාසලේ ළමයින් පිටතට අරගෙන යද්දි ඩ්‍රයිවර් කෙනෙකුටයි, ඉන්ධනවලටයි, නඩත්තුවටයි ගෙවලා ඉස්කෝලෙ බස්Continue Reading

Ranil and catch

මහින්ද රාජපක්ෂගේ නායකත්ව ගැටලුවට විසඳුම් සොයමින් සිටි ලංකාවට 2015දී මෛත්‍රීපාල සිරිසේනත්, 2019දී ගෝඨාභය රාජපක්ෂත් හමුවිය. මේ දෙදෙනාම නායකයන් වශයෙන් ඉතා අසාර්ථක පුද්ගලයන් බව සාකච්ඡා කිරීමට මෙම ලිපියේ ඉඩකඩ වෙන් නොකරමි. ඓතිහාසික අහම්බයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහට රටට අවශ්‍ය නායකත්ව භූමිකාව ඉටුකළ හැකිද යන්න විමසා බැලිය යුතුය. දැන් විකල්ප නායකයන් දෙදෙනෙක් ඔහුට අභියෝග කරමින් නායකත්වය සඳහා තරග කරති. ඒ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ඔවුන් රටට ගැලපෙන විකල්ප නායකයන් වෙයිද?Continue Reading

motorcycle

විප්ලවයට එරෙහි ප්‍රති විප්ලවය විවිධ පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මකයි. රජයෙන් විවිධාකාරයෙන් යැපුණු මධ්‍යම පන්තියට වාසිදායක තත්වයක පැවති පැරණි ක්‍රමය රැකගැනීම සඳහා පෙරමුණු ගණනාවක් සටනට එළැඹ තිබෙනවා. විප්ලවීය අවධියක පැවතිය හැකි ගැටුම් සියල්ල පිළිබඳ අත්දැකීම් අපට ලැබෙමින් තිබෙනවා. හැබැයි, මේ විප්ලවීය වෙනස සිදුකරගන්නට අප අසමත් වුණොත්, අප ම්ලේච්ඡ සමාජයක් බවට පත්වීමේ අවදානමකුත් හිස මුදුනින් නූලකින් එල්ලූ කඩුවක් සේ ලෙලදෙනවා. Continue Reading