Nimal Punchihewa

මැතිවරණ වියදම් පාලන පනත අනුව පළාත් පාලන මැතිවරණයට වියදම් කළ හැකි ආකාරය

මෙම පනත අනුව මැතිවරණයට නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාවට තීරණයකළ හැකිය. ඒ අනුව, මෙම මෙම පළාත් පාලන මැතිවරණයේදී එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රු. 20ක් බව ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසයි.

ඒ අනුව, අපේක්ෂකයකුගේ කොට්ඨාසය තුළ ඡන්දදායකයන් දහසක් සිටින්නේ නම්, එම අපේක්ෂකයාට වියදම් කළ හැකි මුදල රු. 20,000කි.

දේශපාලන පක්ෂයක් විසින් සමස්ත පළාත් පාලන බල ප්‍රදේශය තුළම ප්‍රචාරණ කටයුතුවල යෙදිය යුතු නිසා, එම පළාත් පාලන බල ප්‍රදේශය තුළ ඡන්ද හිමියන් ගණන රු. 20න් වැඩිකර ලැබෙන මුදල වැය කළ හැකිය. උදාහරණයක් ලෙස, ඡන්ද හිමියන් 100,000ක් සිටී නම් ලක්ෂ 20ක් වැය කළ හැකිය. එහිදී 60%ක් පක්ෂයට වියදම් කළ හැකි අතර 40%ක් කොට්ඨාස අපේක්ෂකයන් වෙනුවෙන් වියදම් කළ හැකිය.

2023 අංක 3 දරන  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත 2023 ජනවාරි 24 සිට බලාත්මකය.