Creative Content Consultants - writing, translation and editing service

මෙවලම් ඇසුරින් කරන පරිවර්තනයක නොමැති ගුණයක් මිනිස් පරිවර්තනයකදී ලබාදිය හැකිය. ඒ සඳහා පරිවර්තකයා පදානුගත පරිවර්තනයක් සිදු නොකර අර්ථය පරිවර්තනය කෙරෙහි අවධානය යොමුකළ යුතුය.Continue Reading

memorialization

සංහිඳියාවකට ළඟාවීමේදී බහුතරවාදී රජයක් හා මර්දනයට ලක්වූ සුළුතරයක් සමාන පාර්ශ්ව ලෙස සැලකිය නොහැකි බව ද අප මතක තබාගත යුතුය. බොහෝවිට මර්දනය සිදුකරනු ලබන්නේ විශාල බහුතර බලවේගයක් විසින් වන අතර එම බහුතරය විසින් අඩු වැඩි වශයෙන් රටේ සියලු බලවත් තනතුරු හොබවනු ලැබේ. ගැටුමේ දෙපාර්ශ්වයට සමාන ලෙස සැලකීමේ සාමාන්‍ය ප්‍රවේශය සාකච්ඡා මේසයට ගෙන ඒම මෙම සංදර්භය තුළදී ප්‍රායෝගික නැත.Continue Reading

tipper parking

මගේ ‘ගොඩයමු’ මූලෝපායෙ කොනක තියෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද පදනම කුචු කවලා පොහොට්ටුවෙයි, සජබෙයි සපෝට් එකෙන් රනිල් ජනාධිපතිවරණෙ දිනලා 2029 වෙනකල් රනිල් ටර්ම් එකක් ඇදලා මේක ගොඩදාල දෙන එක. ඒකට මං සම්පූර්ණ ස්වේච්ඡා සහයෝගය දෙනවා. ඊට පස්සෙ, සජිත්, අනුර, චම්පික, නාමල් වගේ දැනට වඩා මෝරපු කෙනෙකුට (සමහරු නාකි මයිනො එතකොට) කරගෙන යන්න පුළුවන්.Continue Reading

May 18 Colombo

2022 අරගලයෙන් පසු, සිංහල බෞද්ධ අධිපති ජාතිවාදයේ පසුබෑමක් සිදුවූ බව ද එහි නායකත්වය තීරණාත්මක පරාජයක මුවවිටට තල්ලු වී සිටි බව ද රහසක් නොවේ. වඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ නායකයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී යළි පාලනය තහවුරු කරගැනීම හේතුවෙන් යම් තුලනයක් නිර්මාණය විය. දෙමළ ජාතිකවාදී පදනමකින් මුල්ලිවයික්කාල් සමරුවක් හෙවත් දෙමළ ජන සංහාරය සැමරීමක් කොළඹදී පැවැත්වෙන්නේ මෙම පසුබිම තුළය. එහි වාසිය ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ කාටද? Continue Reading

May 10

2022 මැයි 9 සිදුවීම්වලට අවුරුද්දක් සපිරෙයි. එම දිනය ආසන්නයේදීම එම සිදුවීම් ඡායාරූපගත කර ප්‍රංශ පුවත් සේවය හරහා ලොවට බෙදාදුන් ඡායාරූප මාධ්‍යවේදි එරංග ජයවර්ධන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිද්ධියකි. ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු ජාත්‍යන්තර සම්භාවනාවට ලක්වීම සතුටු විය හැකි කාරණයක් වන මුත්, ඒඑෆ්පීහි පළ වූ ඡායාරූම මාලාව නැවත බැලූ විට අපට රට, එහි ජනතාව සහ ඔවුන් විසින් පත්කරගන්නා ලද දේශපාලකයන් ගැන සතුටු විය හැකිද? ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා පිළිකුල් සහගත චිත්‍රයක් නිර්මාණය කරන සාමාන්‍ය නවකතාවක් වූ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ වෙනුවෙන් ශෙහාන් කරුණාතිලකට පසුගිය වසරේදී මෑන් බූකර් සම්මානය හිමි වීම ද මෙහිදී සිහිපත් වේ. Continue Reading

Penal Code 365

සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභෙ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත.Continue Reading

Samurdhi

රජයේ අලුත් සුබසාධන ප්‍රතිලාභ සහනාධාර වැඩසටහන සමග සමෘද්ධි අධිකාරියේ අවශ්‍යතාව නැතිවී යනවා. සමෘද්ධි අධිකාරිය වසාදමනවා නම් දේශපාලනය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමත් වළක්වාගන්නට පුළුවන්.Continue Reading

Sri Lankan migrant workers

ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.Continue Reading

welfare benefits

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි.Continue Reading

charity

බඩු ටිකක් එකතු කරලා එවලා අන්න ඒවා තාම වරායෙ මුන් ඒකෙ බදු ගෙවලා අරගන්නෙ නැහැ, අපි දැන් එම්කේ, ආයෙ නම් මේ වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ, අපි මේව යවනවා සුඩානෙට, එහේ ආණ්ඩු හොඳයි මීට වඩා කියන කට්ටිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අය චැරිටි කියන බිස්නස් එක ගැන මොකුත් නොදන්න හෝ ඒක ඇතුළෙ වෙන වංගු ගහන පිරිසක් විය හැකියි.Continue Reading