Creative Content Consultants - writing, translation and editing service

මෙවලම් ඇසුරෙන් පරිවර්තනය හා මිනිස් පරිවර්තනය

අජිත් පැරකුම් ජයසිංහ

මූලික පාඨය මෙසේයි: Keep in mind, “Safety first, safety always.” These tips could help you avoid a run-in with those who would do you harm.

ගූගල් පරිවර්තකය: මතක තබා ගන්න, “පළමුවෙන් ආරක්ෂාව, සැමවිටම ආරක්ෂාව.” මෙම ඉඟි ඔබට හානියක් කරන අය සමඟ පැන යාමෙන් වැළකී සිටීමට උපකාරී වේ.

බිං පරිවර්තකය: මතක තබා ගන්න, “ආරක්ෂාව පළමුව, ආරක්ෂාව සැමවිටම.” මෙම ඉඟි ඔබට හානියක් කරන අය සමඟ ධාවනය වළක්වා ගැනීමට ඔබට උපකාරී වේ.

මගේ පරිවර්තනය: “පළමුවත්, සැමවිටත් ආරක්ෂාව” යන පාඨය සිතේ රඳවාගන්න. ඔබට හානියක් කිරීමට ඉඩ ඇති අය සමග කටයුතු කිරීමේදී මෙම උපදෙස් ඔබට වැදගත් වනු ඇත.

යාන්ත්‍රික මෙවලම් හෝ කෘත්‍රිම බුද්ධිය ඇසුරින් කරන පරිවර්තනයක නොමැති ගුණයක් මිනිස් පරිවර්තනයකදී ලබාදිය හැකිය. ඒ සඳහා පරිවර්තකයා පදානුගත පරිවර්තනයක් සිදු නොකර අර්ථය පරිවර්තනය කෙරෙහි අවධානය යොමුකළ යුතුය.