වාසු ගැන නිව්ස් එකක්
ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි. Continue Reading
ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි. Continue Reading
පොදු ස්ථානවල ස්මාරක ඉදිකිරීම විධිමත් අන්දමින් සිදුකළ යුතුය. එහෙත්, විධිමත් හෝ අවිධිමත් හෝ ආකාරයකින් ඉදි කර ඇති යම් ස්මාරකයක් තිබේ නම්, එය ඉවත් කළ යුත්තේ ද ඉතා විධිමත් ආකාරයටයි. බුල්ඩෝසර්වලට සිමෙන්ති හා යකඩ සුණුවිසුණු කරන්නට හැකිය. එහෙත්, මතකයන් එහෙම විනාශකරන්නට බැරිය. බුල්ඩෝසර් විසින් ඇත්තෙන්ම කරනු ලබන්නේ අලුත් මතකයේ රඳවා තබාගැනීම් නිර්මාණය කිරීම විය හැකිය.ච Continue Reading
කොවිඩ්-19 එක්ක අද වනවිට අපේ මිනිසුන් කවුරුත් නගරයට යන්නෙ මාස්ක් දාගෙන. ඒක වුණත් ලොකු දෙයක්. අපට වෙනස්වෙන්න පුළුවන්. වෙනස තියෙන්නෙ බලාධිකාරයන් තුළ විතරක් නෙමෙයි. අප ළඟත් තියෙනවා. සමාජය වෙනස් කිරීම කියන්නෙ පුළුල්ව විහිදුණු, පරිපූර්ණ කාර්යයක්. අප හැමෝටම එහි වගකීමක් තිබෙනවා. විශේෂයෙන්ම කම්කරු පන්තියට එහි වගකීම වැඩියි. වෙනස්වෙමු. අපෙන් වෙනස පටන්ගනිමින් වෙනස වෙනුවෙන් සටන් කරමු. උදාහරණයක් විදියට දූෂණයට එරෙහිව සටන් කරන අපි දූෂණයෙන් අත්මිදෙන්නට ඕනැ. සමාජවාදය වෙනුවෙන් අරගල කරන අපි සමාජවාදී ජීවන විලාසයක් අප තුළම ගොඩනගාගන්නට ඕනැ. Continue Reading
කොවිඩ්-19 වයිරසයට ජාති, ආගම් ආදී වෙනස්කම් නැත. එහෙත්, පන්තිමය වෙනසක් නම් පැහැදිලිවම තිබේ. කොවිඩ්-19 වැඩිපුරම ආසාදනය වන්නේත්, එයින් මියයන්නේත් දිළිඳු පවුල්පල ජනයායි. එයට හේතු පැහැදිලිය. ගෙවල්වල මීටරේ පරතරේ තබාගෙන ජීවත් වීමට තරම් ඉඩකඩ නැත්තේ ඔවුන්ටය. බස්වල තදබද වී ගමන් බිමන් යන්නට සිදුවන්නේ ඔවුන්ටය. අවදානම නොතකා දවසේ ආදායම වෙනුවෙන් රැකියා කරන්නට සිදුවන්නේ ඔවුන්ටය. මාස්ක්, සැනිටයිසර් ආදිය පවා මිලදී ගන්නට මුදල් නැත්තේ ඔවුන්ටය. Continue Reading
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය. Continue Reading
බටහිර ආධිපත්‍යවාදයට යටත් වූ පළියට අපගේ ජීවිත සාර්ථක වුණාද? ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. අපේ වර්තමාන කාලකණ්ණිකමට හේතුව බටහිර විසින් අපට පැටවූ දේ යයි සිතීම ලෙහෙසිය. පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග්‍රීසීන් නොආවා නම් අපට මීට වඩා සාර්ථක ජීවිත අත්පත් වනු ඇතැයි ද එසේ වී නම් මෙසේ වනු ඇතැයි පරිකල්පනය කරගැනීම ද වර්තමාන කටුක යථාර්ථයට මුහුණදීමට වඩා ලෙහෙසිය. අතීතය ගැන මෙම පරිකල්පනයන් තුළ අපට සුන්දර ලෝකයක් හමු වේ. එහි බුද්ධදාස පරපුරේ වෙදකම් ද, අංගම්පොර ද, හාස්කම් ද, යෝධයෝ ද, වීරයෝ ද, ඉසිවරු ද, තවත් බොහෝ විස්මිත, සුන්දර දේ ද අපට හමු වේ. අතීතකාමී ඉතිහාසය ද, ප්‍රබන්ධ සාහිත්‍යය, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා ආදිය ද අතර වෙනසක් නැත. Continue Reading
1978 සුළිසුළඟ අපට එතරම් බලපෑවෙ නැහැ. ගස් වැටෙන වගේ ඒවට අපි දැන් පට්ට බයයි. ඒ නිසා අද අපි නිදාගන්නෙ ගෙදර කොංක්‍රීට් තට්ටුව යට තියෙන සාලෙ මෙට්ට දාගෙන. ගස් කඩාවැටුණත්, වහලවල් ගහගෙන ගියත්, පණහරි බේරගන්න පුළුවන් වෙයි. මං අල්ලපු ගෙදර ඉන්න අම්මවයි තාත්තවයිත් ගෙන්නගෙන පහළ කාමරේක නිදිකෙරෙව්වා. හීනියට අඩියකුත් ගැහුවා. ඒ එක්ක පරණ සිද්ධියක් මතක් වුණා. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක ඉංජිනේරුවරයකු යයි සඳහන් වෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන රජයේ නිලධාරිනියකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වයිරල් වෙලා. එම වීඩියෝව පහත දැක්වෙනවා. මේ හා සමානම සිද්ධියක් සති කිහිපයකට කලින්ද වාර්තා වුණා. එහිදී කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාගරිකා දිලුක්ෂණීContinue Reading
නව සාමාන්‍ය තත්වය යටතේ කොවිඩ්-19 සමග තව බොහෝ කාලයක් ජීවත් වීමට රටේ ජනතාවට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු, නිදන්ගත රෝගීන්, වැඩහිටියන් වැනි අවදානම් ප්‍රජාව ආරක්ෂා කරගන්නට අරගල කරමින්, සැලකිය යුතු පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වී සුවපත් වෙමින් කල් බැලීමයි. එහිදී සැලකිය යුතු මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන බව තේරුම් ගැනීමට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු හැකි තරම් පරිස්සම් වීමයි. ඒ සඳහා මේ රටේ ජනතාව හුරුපුරුදු විය යුතුය. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය නොහැකි වුණත්, හැකි තරම් දුරට සාමාන්‍ය පරිදි ජීවිතය විඳීමට අප උත්සාහ ගත යුතුය. Continue Reading
මාධ්‍ය කැමරාව බලවත් මෙවලමකි. එහෙත්, එය භාවිතා කළ යුත්තේ තමන් ප්‍රදර්ශනය කරගැනීමේ හා පෞද්ගලික උන්නතිකාමයේ මෙවලමක ලෙස නොව. මහජන සේවා වෙනුවෙන් බුද්ධිමත් ලෙස මාධ්‍ය කැමරාව භාවිතා කරන අයට පෞද්ගලික උන්නතියද ඒ ඔස්සේ දිනාගත හැකිය. එහෙත්, අපේ බොහෝ අය වරද්දා ගන්නේ මාධ්‍ය කැමරාව මහජන සේවාවට වඩා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යොදාගන්නට යාමෙනි. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us