Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය. Continue Reading

corona syrup

බටහිර ආධිපත්‍යවාදයට යටත් වූ පළියට අපගේ ජීවිත සාර්ථක වුණාද? ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. අපේ වර්තමාන කාලකණ්ණිකමට හේතුව බටහිර විසින් අපට පැටවූ දේ යයි සිතීම ලෙහෙසිය. පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග්‍රීසීන් නොආවා නම් අපට මීට වඩා සාර්ථක ජීවිත අත්පත් වනු ඇතැයි ද එසේ වී නම් මෙසේ වනු ඇතැයි පරිකල්පනය කරගැනීම ද වර්තමාන කටුක යථාර්ථයට මුහුණදීමට වඩා ලෙහෙසිය. අතීතය ගැන මෙම පරිකල්පනයන් තුළ අපට සුන්දර ලෝකයක් හමු වේ. එහි බුද්ධදාස පරපුරේ වෙදකම් ද, අංගම්පොර ද, හාස්කම් ද, යෝධයෝ ද, වීරයෝ ද, ඉසිවරු ද, තවත් බොහෝ විස්මිත, සුන්දර දේ ද අපට හමු වේ. අතීතකාමී ඉතිහාසය ද, ප්‍රබන්ධ සාහිත්‍යය, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා ආදිය ද අතර වෙනසක් නැත. Continue Reading

Kallady Bridge 1978

1978 සුළිසුළඟ අපට එතරම් බලපෑවෙ නැහැ. ගස් වැටෙන වගේ ඒවට අපි දැන් පට්ට බයයි. ඒ නිසා අද අපි නිදාගන්නෙ ගෙදර කොංක්‍රීට් තට්ටුව යට තියෙන සාලෙ මෙට්ට දාගෙන. ගස් කඩාවැටුණත්, වහලවල් ගහගෙන ගියත්, පණහරි බේරගන්න පුළුවන් වෙයි. මං අල්ලපු ගෙදර ඉන්න අම්මවයි තාත්තවයිත් ගෙන්නගෙන පහළ කාමරේක නිදිකෙරෙව්වා. හීනියට අඩියකුත් ගැහුවා. ඒ එක්ක පරණ සිද්ධියක් මතක් වුණා. Continue Reading

workplace harassment in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක ඉංජිනේරුවරයකු යයි සඳහන් වෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන රජයේ නිලධාරිනියකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වයිරල් වෙලා. එම වීඩියෝව පහත දැක්වෙනවා. මේ හා සමානම සිද්ධියක් සති කිහිපයකට කලින්ද වාර්තා වුණා. එහිදී කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාගරිකා දිලුක්ෂණීContinue Reading

children of Sri Lanka

නව සාමාන්‍ය තත්වය යටතේ කොවිඩ්-19 සමග තව බොහෝ කාලයක් ජීවත් වීමට රටේ ජනතාවට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු, නිදන්ගත රෝගීන්, වැඩහිටියන් වැනි අවදානම් ප්‍රජාව ආරක්ෂා කරගන්නට අරගල කරමින්, සැලකිය යුතු පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වී සුවපත් වෙමින් කල් බැලීමයි. එහිදී සැලකිය යුතු මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන බව තේරුම් ගැනීමට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු හැකි තරම් පරිස්සම් වීමයි. ඒ සඳහා මේ රටේ ජනතාව හුරුපුරුදු විය යුතුය. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය නොහැකි වුණත්, හැකි තරම් දුරට සාමාන්‍ය පරිදි ජීවිතය විඳීමට අප උත්සාහ ගත යුතුය. Continue Reading

media cameras

මාධ්‍ය කැමරාව බලවත් මෙවලමකි. එහෙත්, එය භාවිතා කළ යුත්තේ තමන් ප්‍රදර්ශනය කරගැනීමේ හා පෞද්ගලික උන්නතිකාමයේ මෙවලමක ලෙස නොව. මහජන සේවා වෙනුවෙන් බුද්ධිමත් ලෙස මාධ්‍ය කැමරාව භාවිතා කරන අයට පෞද්ගලික උන්නතියද ඒ ඔස්සේ දිනාගත හැකිය. එහෙත්, අපේ බොහෝ අය වරද්දා ගන්නේ මාධ්‍ය කැමරාව මහජන සේවාවට වඩා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යොදාගන්නට යාමෙනි. Continue Reading

Kadupul flowers

ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ සේවාස්ථානයේ හෝ කොවිඩ්-19 රෝගියකු හෝ ආශ්‍රිතයකු හෝ හඳුනාගෙන එම පුද්ගලයා රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන විට කරුණාකර එය ඡායාරූපයට නැගීමෙන් හෝ වීඩියෝගත කිරීමෙන් වළකින්න. වීඩියෝ කිරීමෙහි හෝ ඡායාරූප ගැනීමෙහි යෙදෙන කිසියම් පුද්ගලයකු දුටුවොත්, එම පුද්ගලයාට එය නරක වැඩක් බව කියා දී එසේ නොකරන්නැයි ඉල්ලාContinue Reading

The cat arrested by the Prisons Department for smuggling heroin

අජිත් පැරකුම් ජයසිංහ මිනිසුන්ගේ මත්වීමේ ඉතිහාසය ඈතම ඈත අතීතය දක්වා විහිදෙයි. මත්වීමට ලොල් මිනිසුන් පමණක් නොවේ. ඇතැම් සතුන් ද මතට ලොල්ය. මත්වීමේ නිදහස මිනිසුන්ට තිබිය යුතුය. එහෙත් වෙනත් ඕනෑම නිදහසක් පරිද්දෙන් එම නිදහසට ද සීමාවක් ඇත. ඔබේ අත ඇති සැරයටිය හතර අතට වනමින් යාමට ඔබට ඇති නිදහස අනෙකාගේ නහය අසලින්Continue Reading

Drug addict harasses mother

අජිත් අලවත්ත මේ දවස්වල කුඩු සොයන, කුඩු අහුවෙන මහා මෙහෙයුමක් යනවනේ. මිනිස්සුත් ‘හරී සෝක්’ කියමින් ආතල් මෝඩ් එකේ ඉන්නවනේ.ඒත් මේ කතාව මම හොඳින් දන්න ඒ ආතල් කුඩුවෙන කතාවක්. මේ අම්මා අකුරැස්ස ප්‍රදේශයේ මම හඳුනන දුප්පත්, නූගත් කෙනෙක්. ඇයගේ පුතා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉතා කාලකන්නි ජීවිතයක් ගතකරන්නෙ. ඇයට ඔහුගෙන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 6 උපාධිධාරී රැකියා විරහිත පුද්ගලයන් 60,000කට රැකියා ලබාදීම සංකේතවත් කරමින් පැවැත්වුණු උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටියේ නිෂ්පාදනයට උදව් වන ආකාරයට තම රැකියාව කරමින් සංවර්ධන ක්‍රමවේදයේ කොටස්කරුවන් වන ලෙසයි. ඉදිරි සතියේදී දිළිඳු පුද්ගලයන් ලක්ෂයකට ද රජයේ රැකියාContinue Reading