මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!
ඒ දවස්වල අපි කාපු බීපු දේවලින් දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක් කපාහැරලා ඉවරයි. කඩවලින් කන්නෙම නැති තරම්. ට්‍රිප් යන්නෙම නැහැ. වියදම් අහස උසට. පඩිය එතනම. මගේ බිරිඳ පෝච්චිවල වවනවා. දැනටත් අපි පළා වැඩි හරියක් නෙළාගන්නෙ වත්තෙන්මයි. තණකොළ වවපු ඉඩ අඩු කරලා තව පෝච්චි ටිකක් තියන්නයි සැලැස්ම. මේ හරියෙ හොඳ පස් නැහැ. ගේන්නෙ ගමෙන්. අපි එහෙමයි. මේ වෙලාවෙ අර කොටහලු මගුල් ගෙදර ස්‍රැතියට කිට්ටුවෙන් සිංදුවක් යනවා ‘හිතවත මේ ලෝකෙ බොරූවෙන්ද ජය ගන්නේ – සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ’. අනේ උකහාගනිල්ලා.Continue Reading




















