Wadduwakal Causeway

ඇත්තටම මෙතන තියෙන්නෙ කෝස්වේ (causeway) කියන වචනය. සාමාන්‍යයෙන් එහි තේරුම තෙත් බිමක් ඉහළින් ඉදිකළ පාර කියන එක. කෝස්වේ එකක් පාලමක් තරම් ආරක්ෂිත නැහැ. ඒක හදලා තියෙන්නෙම වතුර වැඩිවුණොත් ඉහළින් වතුර ගලායන්නටයි. ඒ නිසා බොහෝ කෝස්වේ නිතර වතුරට යටවෙනවා. Continue Reading

Mahinda in Italy

අජිත් පැරකුම් ජයසිංහ ලංකාව දූපතක් වීම නිසාදෝ ලාංකිකයන් විදේශගත වීමට මහත් ඇල්මක් දක්වති. එසේම, ලංකාවෙන් විදේශගත වීම තරමක් දුෂ්කර කාර්යයකි. අතීතයේ නම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ටිකට් රැගෙන රාමේශ්වරම් දක්වා යාමේ හැකියාව තිබිණි. තලේමන්නාරම දක්වා දුම්රිය මාර්ගය හදා තිබුණද, යුද්ධය අවසන් වී 12 වසරකට පසු පවා තලේමන්නාරමේ සිට රාමේශ්වරම් දක්වාContinue Reading

Prof. W.D. Lakshman

ඩබ්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා වාමාංශික අදහස් දරන කෙනෙකි. ඔහු කලක් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දැරුවේය. එය වනාහි කුමාරි ජයවර්ධනගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයකි. 1970-77 යුගයේ ආර්ථික මූලෝපාය ගැන ලක්ෂ්මන්ට සුබවාදී දැක්මක් තිබුණු බව පෙනේ. අසූහැවිරිදි වියට ළංවෙමින් සිටින මෙම පුද්ගලයා මහබැංකු අධිපතිකමට යෝජනා කර තිබෙන්නේ ආර්ථික ඝාතකයකු යයි විමල් වීරවංශ විසින්Continue Reading

Some birds can't fly

අජිත් පැරකුම් ජයසිංහ මං ඇඳිරි නීතිවලට දැඩි ලෙස විරුද්ධ කෙනෙක්. ඇඳිරි නීති ප්‍රවර්ධනය කරන වෛද්‍ය විද්‍යාවටත් මං විරුද්ධයි. මිනිසා වැනි සමාජ සත්වයෙකුට බිත්තර කටුවක් තුළ හැංගිලා කොවිඩ්-19 වැනි වසංගතයක් පරාජය කරන්නට පුළුවන්ය කියා මං විශ්වාස කරන්නෙ නැහැ. මං පෙනී ඉඳින්නෙ මාස්ක් දාගෙන වයිරස්වලින් බේරෙන්න හදන දෛනික (day-to-day) විද්‍යාවක් වෙනුවෙන් නෙමෙයි.Continue Reading

how to hide in the wheelwell of an airplane

කෙසේ වෙතත්, මෙවැනි ගුවන් ගමන් සාර්ථකව නිමා කළ අය ද කලාතුරකින් ඉන්නවා. 2014 වර්ෂයේදී 15 හැවිරිදි යහියා අබ්දි කැලිෆෝනියාවේ සිට හවායි දක්වා පියාසර කරන ගුවන් යානයක රෝද රඳවන ස්ථානයේ සැඟවී පැය පහක් පණ බේරාගෙන ගමන් කරනවා. ඔහු එතැනින් පහළට පැමිණ ධාවන පථයේ ඇවිදින ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වෙනවා. Continue Reading

Arisen Ahubudu

නමක් බාල කරනවා කියන්නෙ මොකක්ද? අපි හිතමු කවුරුහරි කෙනෙකු ඉන්නවාය කියලා ශ්‍රීපාල් කියලා. ඒක සිරිපාල කියලා කිව්වොත් වෙන දේ ගැන ඔබට අවබෝධයක් තිබෙනවා නේද? අන්න ඒක තමයි නම් බාල කිරීම කියන්නෙ. ක්‍රිස්තියානි, මුස්ලිම් සංස්කෘතීන්වල වගේ නෙමෙයි, සිංහල, දෙමළ වගේ සංස්කෘතිවල නම්වලටත් පරම්පරා තිබෙනවා. 1960 දශකයේ උපන් බොහෝ අයට අජිත් කියන නම තිබ්බාට දැන් ඉපදෙන ළමයෙකුට ඒ නම තියන්නෙ නැහැ. ඒක පරණ තාලෙ එකක්. Continue Reading

canabis

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘ගම සමඟ පිළිසඳර ‘වැඩසටහන 2021 ජනවාරි මස 29 වන දින තණමල්විල කුකුල්කටුව ජලාශය අසල පැවති අවස්ථාවේ අචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා ලංකාවේ කංසා නීතිගත කර දෙන ලෙස සෘජුවම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඒ සඳහා ඉහල මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව පැවසීය.Continue Reading

Destroyed flower

වරද පිළිගෙන, තමන් එම ගැහැණු ළමයා සමග සංසර්ගයේ නොයෙදුණු බව ඔප්පු කර නීතියෙන් ගැලවීමට මෙම ප්‍රභූන් දරන උත්සාහය දෙස බැලූ විට ලිංගික පාරිභෝජනවාදයේ සීමා නොදැන සිටීම හේතුවෙන් පුද්ගලයන් කෙතරම් දුෂ්කර තත්වයන්ට පත්වෙනවාද යන්න තේරුම්ගත හැකිය. සංසර්ගයේ යෙදීම වරදක් නොවේ. එය ශාරීරික, මානසික අවශ්‍යතාවකි. එහෙත්, ඒ හා සම්බන්ධ නීති තිබෙන බව ද, නීති උල්ලංඝනය කළහොත් තමන් වැරදිකරුවකු වන බව ද අවබෝධ කරගත යුතුය. Continue Reading

Work from home

ගෙදර සිට වැඩ කිරීමේ අවුරුදු ගණනක අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා එය තවත් අයෙකුට නිර්දේශ කරන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. ගෙදර සිට වැඩ කිරීම හරහා සේවා ස්ථානයක වැඩ කිරීමෙන් ලබන ශ්‍රම ඵලදායිතාව ලබාගැනීම දුෂ්කරය.Continue Reading

Disasters

ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය 2015දී ජපානයේ සෙන්ඩයි නුවරදී පැවැත්විණි. එයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 180ක් සහභාගී වූහ. ආපදා අවදානම් අවම කිරීමේ සෙන්ඩයි ආකෘතිය (SFDDR) යනු මෙම සමුළුවෙහි ප්‍රතිඵලය ලෙස නිකුත් කරන ලද ලේඛනයයි. Continue Reading