මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අරාජිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය වන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 එන්නත්කරණයයි. රෝගය සමාජ සම්ප්‍රේෂණයක් වී තිබියදී ඒ බව පිළිනොගන්නා ශ්‍රී ලංකා රජය මේ වන විට මහල්ලන්ට මැරෙන්නට හැර තිබේ.Continue Reading

A scene from New Delhi

එන්නත ලබාදීම දේශපාලකයන් අතට පත්වීම යනු ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම වසංගතයේ අවිචාර යුගයට එළැඹෙමින් තිබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමකි. Continue Reading

handwashing

ඇතැමුන් බොහෝ වෙලාවක් එකම අත්වැසුම් පාවිච්චි කරමින් සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ අත්වැසුම්වල ඉතා පහසුවෙන් වයිරසය ඇලෙනවා. ඒවා තව තව පෘෂ්ඨවලත් තැවරෙනවා. මුදල්, මේස, කවුන්ටර, පරිගණක යතුරු පුවරු, ජංගම දුරකථන ආදී හැම තැනකම වයිරසය තිබෙන්නට පුළුවන්. අත්වැසුම් දමාගෙන මේවා අල්ලන අය ඒ අත්වැසුම් පිටින්ම මුහුණු ආවරණය අල්ලනවා ඔබ දැක ඇති. අත්වැසුම් යනු පාවිච්චි කර වහා බැහැර කළ යුතු දෙයක් මිසක් බොහෝ වෙලාවක් පැළඳ සිටින්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ දෑත් පිරිසිදු කරගැනීමයි. Continue Reading

Covid-19 and sex

කෝවිඩ්-19ට මුහුණදීමේදී දේශපාලකයන් හා නිලධාරීන් විශ්වාස නොකරන්න. මේ වන විට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැත. දේශපාලකයන් හා නිලධාරීන් මේ වනවිටත් උන්ට දෙවෙනි මාත්‍රාව ලබාගෙන තිබිය හැකිය. ජනාධිපති, අගමැති වැනි සියල්ල සංදර්ශනාත්මකව කරන දේශපාලකයන් පළමු මාත්‍රාව ගත් බව හෝ තවම ප්‍රසිද්ධ කළේ නැත. දේශපාලකයන් හා නිලධාරින් ඒ තරම් වංචනිකයෝය. ඔවුන් පිටුපසින් වෙළඳපොළවල්, ලාභය, දේශපාලනය, උන්නතිකාමය ආදී පටු අරමුණු රැසක් තිබේ. වයිරස්වලට එහෙම දේවල් නැත. වයිරසය විශ්වාස කරන්න. එය අව්‍යාජය.Continue Reading

love the cancer patients

පිළිකාව බෝනොවන රෝගයක් උනාට දැන් බෝවන රෝගයක් වගේම පැතිරීමක් දක්නට පුළුවන්. මේකට හේතුව කුමක්ද? හැට හැත්තෑව අසූව දශක වල පිළිකා රෝගය ගැන අහන්න ලැබුනේ කලාතුරකින්. සමාජය ඒගැන කම්පා වුනා. අපේ බහුතර පොදු සමාජ තීරකය අනුව පිළිකාව පෙර පාපකර්මයක ප්‍රථිපලයක් කියා තීරණය වුනා. ඒත‍් වර්තමානයේ පිළිකාව නිතර අසන්නට ලැබෙන රෝගී තත්වයක් පිළිකා රෝගීන් සම්න්ධබයෙන් විධිමත් සමීක්ෂණයක් ජාතික මට්ටමින් කර ඇද්ද?Continue Reading

coconut tree

විෂ රහිත පොල්තෙල් කන්නට නම් හොඳම ක්‍රමය වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය කිරීම බව රංජි මනෝජ් පෙන්වා දෙයි. එහිදී තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නැවුම් පොල් කිරිවලිනි. උෂ්ණත්වයට භාජනය කිරීමක් ද නැත. එහෙත්, වර්ජින් පොල්තෙල් මිලෙන් ඉතා අධිකය. වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය ලංකාවේ සිදුවුණ ද ඒවායේ ඉලක්ක වෙළඳපොළ විදේශ රටවල්ය. ලාංකික වෙළඳපොළේ තිබෙන වර්ජින් පොල්තෙල් වර්ජින් ද යන ප්‍රශ්නය තිබේ.Continue Reading

COVAX-Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ඡායාරූපයේ දැක්වෙන්නේ අද දිනයේ යුනිසෙෆ් සංවිධානය හරහා එමිරේට්ස් ස්කයි කාගෝ සේවාව මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද COVAX පහසුකම යටතේ නොමිලේ ලැබුණු පළමු එන්නත් තොගයයි. එහි මාත්‍රා 264,000ක් අඩංගු වෙනවා. ඊයේ දිනයේත් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හේතුවෙන් අවම වශයෙන් වැඩිහිටියන් තිදෙනෙකු මියගොස් තිබේ. පෝලිම පැන එන්නත ලබාගත් ඇතැමුන්ගේත්,Continue Reading

Pavithra drinking COVID syrup

We talked to a person who had offered Rs. 5,000 (approximately 26 US dollars) to obtain the Oxford AstraZeneca vaccine that is administered free of charge by the Sri Lanka government. The individual, whose identity we do not disclose, offered this bribe to health officials at an office of the Medical Officer of Health (MOH) in Colombo city to obtain a token for the vaccine from a Public Health Inspector (PHI). Continue Reading

herd immunity

මම මැදිවියේ සිටින, බෝ නොවෙන රෝග නොමැති, නීරෝගී පුද්ගලයෙක්මි. විද්‍යාව විශ්වාස කරමි. එහෙත්, මෙම අවුල් ජාලය තුළ එන්නතට වඩා මගේ ප්‍රතිශක්තිය හා සමාජයේ සමූහ ප්‍රතිශක්තිය විශ්වාස කරමි. ඒ නිසා විධිමත් පිළිවෙලකට මා ජීවත් වන ප්‍රජාවට එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අංශ නිල දැනුම්දීමක් කරන තෙක් එන්නත ලබා නොගනිමි. මගේ බිරිඳ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක සේවයේ නියුතු නිසා මට ද මේ එන්නත ගසාගැනීම සඳහා හොර ක්‍රමයක් සොයාගත හැකිය. එහෙත්, මම එය නොකරමි. Continue Reading

Minister C.B. Rathnayaka

ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් නිසා අතුරු ආබාධ ඇතිවෙන්නට පුළුවන්. කුඩා දරුවන්ට එන්නත් ලබාදුන් පසුව පවා ඔවුන්ට අමාරුකම් ඇතිවෙනවා. ඒත්, ඔවුන්ට ඒවා කියාගන්නට බැහැ. කෝවිඩ්-19 එන්නත නිසාත්, උණ, සීතල, හිසරදය, මහන්සිය, ඇඟපත රිදීම, ඔක්කාරය වැනි අතුරු ආබාධ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම, ශරීරයේ එන්නත ලබාදුන් ස්ථානය රතුවීම හෝ එම ස්ථානයේ වේදනාව හෝ ඇතිවිය හැකියි.Continue Reading