V. Manivannan

යාපනය නගර සභාව විසින් පොලිස් ඒකකයක් පිහිටුවීම මෙන්ම එම පොලිසිය යාපනය පොලිසිය හා පොලිසිය පිහිටවූ නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ද අතිශය වැදගත් දේශපාලන සංසිද්ධියකි. මෙම ‘පොලිසිය’ පොලිසියක් වූයේ ඒ පොලිසියේ නිල ඇඳුම කොටි පොලිසියේ නිල ඇඳුම සිහිකරන එකක් බව ඇතැමෙකු කියන නිසාය. නැතිනම්, එය වනාහි නගර සභාවලින් පත් කරනුContinue Reading

provincial council flags of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ පළාත් සභා නවයම මේ වන විට තිබෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ ය. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ ය. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතේ ය. බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභාවල ධුරකාලය ද 2019 වසර තුළදීContinue Reading

Central Bank Bonds cartoon by Ajith Perakum Jayasinghe

මහ බැංකු බැඳුම්කර වංචාවේ මුල් අවධියේදී තර්කනය තිබුණේ එය වංචාවක් නොව පර්අපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාධාරණ ලාභ ලැබීමක් පමණකැයි කියාය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට නොවේදැයි ප්‍රශ්න කෙරිණි. වර්තමානයේ පිරමීඩ් විල්මාර් ඇතුළු සමාගම් ගැනත් නැගෙන්නේ එම තර්කයමය. එහෙත්, ඊට වඩා දෙයක් මෙතන තිබේ. සමාගම්වලට එවැනි අසාධාරණ ලාභ ලබන්නට පහසුකම් සලසන තීරණ ගත් අය නිකම්ම පස්ස පැත්තේ අත පිහදාගත්තාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.Continue Reading

WHO COVID-19 dashboard - curve turning downward

තත්වය උත්සන්න වෙමින් පවතින අද දවසේ අවදානමෙන් ගැලවීම සඳහා මහජනතාවට අවශ්‍ය ප්‍රධාන දෙය නිවැරදි තොරතුරු බව ආණ්ඩුවට මතක් කර දිය යුතුය. කොවිඩ්-19 වසංගතය ආණ්ඩුවේ වරදකැයි කවුරුවත් කියන්නේ නැත. එහෙත්, එය නිසි ලෙස කළමනාකරණය කර නොගන්නේ නම්, එයට ආණ්ඩුව වගකිව යුතුය. Continue Reading

Sri Lanka police women

පොලිස් සේවයේ තනතුරු නාමයන් පවා කාන්තා පොලිස් කොස්තාපල්, කාන්තා උප පොලිස් පරීක්ෂක ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන්කර තිබෙනවා. උසස්වීම් ලබාදීමේදීත් කාන්තා කාඩරය හා පිරිමි කාඩරය අනුව තමයි එය සිදුවන්නේ. අප ඉහත සඳහන් කරන ලද මූලික මානව අයිතිවාසිකම් පෙත්සමට හේතුව වන්නේත්, පොලිසියේ කාන්තා කාඩරයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොපැවතීමයි. Continue Reading

public service

නායකත්වයක් නැහැ. මගපෙන්වීමක් නැහැ. ඇගයීමක් නැහැ. සමස්තයක් ලෙසම රජයේ සේවය තුළ පාරිභෝගිකයා වන මහජනයාට සේවා සැපයීම පිළිබඳ යහපත් ආකල්ප නැහැ. පුළුවන් නම්, ආපු වැඩේ කරගෙන පෙන්නපන් කියන එක තමයි ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ. රජයට බදු ගෙවනකොට වුණත් එහෙමයි. Continue Reading

අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්. Continue Reading

Mahinda Rajapaksa and Sarath Nanda Silva

සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි වංචා හෙල්පිං හම්බන්තොටට සීමා නොවුණු බව අපි පැහැදිලිවම කියන්නෙමු. ඒ පිළිබඳ ලිපියේ අගහරියේ දැක්වේ. සුනාමිය සමයේ ශ්‍රී ලංකාවේ අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලදContinue Reading

Dilum Amunugama

රාජ්‍ය අංශයේ ආයතනයක් සම්බන්ධයෙන් මෙම වෘත්තිකමය නොවන අපරිණත දේශපාලන මැදිහත්වීමට වැඩිපුර සම්බන්ධ බව පෙනෙන්නේ ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමයි. නිලධාරීන් මාරුකිරීමේ මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ ඔහු දැවැන්ත ප්‍රචාරයක් ගන්නට උත්සාහ කරන බව පෙනේ. 2018 වසරේදී දින 52 ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවේ කතානායක මේසයේ මයික්‍රෆෝනයක් අතින් කඩන්නට ගිය දිලුම් අමුණුගම අත ද කපා ගත්තේය. Continue Reading

good governance

සිංහල බසින් යහපාලනය ගැන තිබෙන සමාජ ආකල්ප කෙසේ වෙතත්, ජාත්‍යන්තර රාජ්‍ය පාලනයේදී Good governance යනු නිරවද්‍යභාවය සම්බන්ධයෙන් පිළිගත් මූලධර්මයකි. ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ වීමේදී, වෙළඳාමේදී, ආධාර ලබාගැනීමේදී හා තවත් බොහෝ කටයුතුවලදී ශ්‍රී ලංකාව විසින් යහපාලනය අනුගමනය කළ යුතු යයි අපේක්ෂා කරනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යහපාලනය ද ඔක්සිජන් වැනිය. අපට එහි වටිනාකම දැනෙන්නේ එය අහිමි වූ විටය. එහෙත්, ඒ වන විට ප්‍රමාද වී වැඩි විය හැකිය.Continue Reading