Sri Lankan rupee

ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය):Continue Reading

Sumanasiri Liyanage

මේ සමග තිබෙන සංවාදයේ ආචාර්ය සුමනසිරි ලියනගේගේ විසඳුම කියවා තේරුම් ගන්න. ආන්තික වාමාංශිකයන්ගේ න්‍යායධරයා වන සුමනසිරි යෝජනා කරන්නේ ණය ගෙවීම අවිධිමත් ලෙස පැහැරහැර, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර ජාතික වශයෙන් ගොඩයාමේ සැලැස්මක් සකස් කරන ලෙසයි.Continue Reading

Getahetta old railway station

කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට ගෙනයාමේ සිහිනය වෙනුවෙන් සටන්කරන අය අතර මේ වන විට ඉදිරියෙන් සිටින නායකයකු වන්නේ පරිපාලන නිලධාරීවරයකු වන චම්පික නිරෝෂ් මහතාය. අප පහත උපුටා දක්වන්නේ ඔහුගේ සටහනකි. Continue Reading

Ruwanpura Expressway

සෝදිසියෙන් සිටින්න. හිටිහැටියේ වාහන බදු අවම කර, ධනවතුන්ට එල්සී විවෘත කරගන්නට ඉඩදී, වහාම යළි බදු වැඩිකර, ආණ්ඩුවේ නායකයන්ටත් කොමිස් ලැබෙන පරිදි තමන්ගේ හිතවතුන්ට අධික ලාභ ලැබෙන ආකාරයට වාහන ආනයනය කරගන්නට ලබාදෙන දූෂණයක් නුදුරු අනාගතයේම බලාපොරොත්තු වන්න. එයින් ඔබට කිසිදු වාසියක් ලැබෙන්නේ නැත. Continue Reading

ISB

මහබැංකුවට ඕනෑ නම් වැඩි සද්දයක් නොදමා මෙම බැඳුම්කර ආපසු මිලදී ගැනීමේ හැකියාව තිබුණේ නැද්ද? එසේ නොකළේ ඇයි? මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියන පරිදි මෙම බැඳුම්කර කෙසේ හෝ ආපසු ගෙවන්නට ආණ්ඩුවට උවමනා වූයේ ඒවා හිමිකරගෙන තිබුණේ රාජපක්ෂ පවුලේ හා අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ හිතවතුන් නිසාද? Continue Reading

එස්, ජයශංකර්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය ලබාදීමට එකඟ වී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හා ශ්‍රී ලංකා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අතර දීර්ඝ සාකච්ඡාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමෙන් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවට සහාය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් නිවේදනය කළේය.Continue Reading

New Fortress - Yugadanavi

අජිත් පැරකුම් ජයසිංහ කෙරවළපිටියේ අක්කර 25ක පිහිටි යුගදනවි බලාගාරය මෙගවොට් 300ක ජනන හැකියාවෙන් යුක්තයි. අදියර දෙකකින් ඉදිකරන ලද මෙම බලාගාරය 2010 පෙබරවාරි මස සම්පූර්ණ කළා. මෙය ඉදිකර තිබෙන්නේ HSBC හරහා ලබාගත් යූරෝ මිලියන 152 ක ණය මුදලක් භාවිතා කරමිනුයි. ඩොලර් මිලියන 250ක මිලකට අවුරුදු 15ක කාලයක් සඳහා යුගදනවි සමාගමේ කොටස්වලින්Continue Reading

Prof. W.D. Lakshman

ඩබ්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා වාමාංශික අදහස් දරන කෙනෙකි. ඔහු කලක් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දැරුවේය. එය වනාහි කුමාරි ජයවර්ධනගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයකි. 1970-77 යුගයේ ආර්ථික මූලෝපාය ගැන ලක්ෂ්මන්ට සුබවාදී දැක්මක් තිබුණු බව පෙනේ. අසූහැවිරිදි වියට ළංවෙමින් සිටින මෙම පුද්ගලයා මහබැංකු අධිපතිකමට යෝජනා කර තිබෙන්නේ ආර්ථික ඝාතකයකු යයි විමල් වීරවංශ විසින්Continue Reading