සහනාධාරයෙන් ඔබ්බට ගිය සහභාගීත්ව සංවර්ධනය: ‘ප්‍රජා ශක්ති’ අත්හදාබැලීම, බිම් මට්ටමේ යථාර්ථය සහ ග්‍රාමීය ප්රජාතන්ත්රවාදය
වර්තමාන යුද සංදර්භය සහ ගෝලීය අර්බුද හමුවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් ඉදිරියේදී දිළිඳුකම තවදුරටත් වැඩි වීමට පවා ඉඩ තිබේ. එබැවින් දිළිඳුභාවයට එරෙහි සටන වෙනදාට වඩා තීව්‍ර කළ යුතු යුගයක් උදා වී ඇත. 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ඓතිහාසික හා බරපතළ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට සමාජ දේහය පුරා දිළිඳුභාවය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, හුදු සහනාධාර බෙදාදීමේ යල්පැනගිය ආකෘතිවලින් ඔබ්බට ගිය තිරසර විසඳුමක අවශ්‍යතාව සිවිල් සමාජය විසින් දැඩිව මතු කරන ලදි. විශේෂයෙන්ම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සමග එක්ව, අපි මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කළෙමු. නව සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලෙස ‘අස්වැසුම’ හඳුන්වා දෙන සමයේදී, දිළිඳුභාවය පිටුදැකීමේ වැඩසටහන් පිළිබඳ පුළුල් පදනම් අධ්‍යයනයක් (Baseline Study) සිදු කරමින් මේ පිළිබඳ කතිකාවක් සමාජගත කිරීමට අපි උත්සාහ කළෙමු.Continue Reading




















