Gotabaya Rajapaksa

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ආණ්ඩුවේ කයිවාරු කොතරම් වුණත්, රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති බවක් නම් නොපෙනේ. එසේම, රට තුළට ගෙන්වා බෙදාහැරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය තොගවල වටිනාකම රුපියල් බිලියන ගණන්ය. ඒ අසුවෙන ඒවාය. අසු නොවන ඒවා ගැන දන්නේ කවුරුද?Continue Reading

Mahara prison

රාජපක්ෂ පාලනය යනු සිරකරුවන් වධහිංසනයට ලක්කිරීම හා මරාදැමීම සුලබව සිදු වුණ වකවානු වේ. වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදු වූ ඝාතනය ඒ අතරින් ප්‍රමුඛය. අත්අඩංගුවට ගන්නා ලද, රජය විසින් දරුණු අපරාධකරුවන් ලෙස සලකන පුද්ගලයන් පැන යන්නට උත්සාහ කිරීමේදී මරණයට පත්වීම රාජපක්ෂ පාලනය තුළ ඉතා සුලබය. මහර බන්ධනාගාරයේදී 2020 නොවැම්බර් 30දා අවම වශයෙන් සිරකරුවන් නවදෙනෙකු මරාදමන ලදී. සියයකට වැඩි පිරිසකට තුවාල සිදුකරන ලදී. 2015-19 අතර පැවති යහපාලන ආණ්ඩුව සමයේ මෙවැනි සිදුවීම් අතිශය අවම විය. එයින් මෙහි වෙනස පැහැදිලිව දැකිය හැකිය. පොලිස්, බන්ධනාගාර, හමුදා හා වෙනත් බලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉවහල් වන බව ඉතා පැහැදිලිය. Continue Reading

Makandure Madush

ඒ තරම් භයානක බව හොඳින් ම දන්නා ස්ථානයක වැටලීමක් පොලිසිය සැලසුම් කරන ආකාරය ළමයින්ගේ හොරා පොලිස් ක්‍රීඩාවකටත් වඩා බොළඳ ය. පැය 24කට පෙර හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පොලිස් සේනාංකයක් යොදවන ලද මුත්, බරපතල අපරාධකරුවෙකු සමග වැටලීමක් සඳහා භයානක ස්ථානයකට යන්නේ පොලිස් නිලධාරීන් 20කටත් අඩු සංඛ්‍යාවකි. Continue Reading

ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ලබාදෙන්නට රෝගීන් පෙළඹවිය යුතුය. ඒ සඳහා ඔවුන් තුළ එම විශ්වාසය ගොඩනැගිය යුතුය. ඒ සඳහා හමුදා, පොලිස් නිලධාරීන් හා දොස්තරලා මාධ්‍ය ඉදිරියට පැමිණ රස කෑලි කියන එක හෝ ඒවා මාධ්‍යවලට හොරෙන් දෙන එක හෝ නැවැත්විය යුතුය. මාධ්‍ය යනු මොකක් හෝ කුණු අතුනුබහන් කෑල්ලක් සොය සොයා සිටින කපුටන් පිරිසකි. Continue Reading

Saharan

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත. Continue Reading

Sexual harassment at workplace

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 20 අමාත්‍යාංශයක ජ්‍යේෂ්ඨ නිලධාරියකු බව පැවසෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන තරුණ සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිද්දී එම සේවිකාව විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. දීර්ඝ කාලයක සිට මෙම නිලධාරියා විසින් එකීContinue Reading

Premalal Jayasekara addressing parliament after coming from the death row

අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබෙන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අභියාචනාධිකරණය විසින් අවසර දී තිබේ. අප මූලධර්මයක් ලෙස ම මරණීය දණ්ඩනයට විරුද්ධ අතර, මරණ දඬුවම නියම කරන ලදContinue Reading

The cat arrested by the Prisons Department for smuggling heroin

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020-08-30 කොළඹ අපරාධ කොට්ඨාසය අඹතලේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 42ක් සොයා ගත් බව අද පොලිසිය කිව්වා. එම තොගය මෙරටට ගෙන්වූ හැටියට ම ගබඩා කර තිබුණු බව පොලිසිය පැවසී ය. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ ගුවන් හමුදා සිවිල් නිලධාරියකු ද ඊයේContinue Reading

Keenie Meenie book

බ්‍රිතාන්‍යයේ කීනි මීනි සර්විස් නම් පෞද්ගලික කුලී හමුදාව විසින් 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ කළ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ලන්ඩන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කීනි මීනි සේවාව 1980 දශකයේ අග භාගයේ ජවිපෙ කැරැල්ල මර්දනයේදීත් යුද අපරාධවල යෙදුණු බවට චෝදනා එල්ල වුණත්, ජවිපෙ සම්බන්ධ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉදිරිපත්Continue Reading

online scams

අජිත් පැරකුම් ජයසිංහ ඩබ්ලිව්. ජයසිරි කියන්නෙ බොහෝ දැන උගත් කලාකරුවෙක්. හැබැයි, ඔහුවත් අන්තර්ජාල වංචාවකට හසු වුණා. අයි. සී. සී. ආයතනය අනුග‍්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමීව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදීමකින් ජංගම දුරකථන අංකවලට අනුව ඩොලර් අසූපන්දහසක මුදලක් ඇදී ඇති බව පවසා ප‍්‍රධාන පෙළේ බැංකු හතරකට ඔහු ලවාContinue Reading