Ajith Perakum Jayasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න. Continue Reading

Chandrika Bandaranaike

පුරහල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කළ පුද්ගලයන් නිදහස් කරන්නැයි අප ඉල්ලාසිටින්නේ නැත. එහෙත්, දෙමළ ඊලාම් යුද්ධය සම්බන්ධ සිදුවීම්වලට වැරදිකරුවන් වී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට පොදු සමාවක් ලබාදී, පුනරුත්ථාපනය කර, එම පරිච්ඡේදය අවසන් කළ යුතුය. Continue Reading

President Gotabaya Rajapaksa and Duminda Silva

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ඒ පිළිබඳ දැක්වෙන්නේ මෙසේ ය: “යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේ ය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේ ය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේ ය.”Continue Reading

police death threats in Sri Lanka

කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්.Continue Reading

Yoshitha Rajapaksa at Nuwaraeliya

සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය. Continue Reading

අගරදගුරුවරයකු ලෙස ඔහු විසින් කරන ලද දෙවන ප්‍රකාශය ද ඉතා වැදගත්ය. මුලින් “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි,” යි කියූ ඔහු දෙවනුව ජාත්‍යන්තර වහබ්වාදයක් ගැන කියයි. වහබ්වාදය ආගමික අන්තවාදයක් නොවේද? “එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිස” ඔහු කියන පරිදි අන්තර්ජාතික දේශපාලනික බලවේගයකි. ඔච්චර දන්නවා නම් ඒ බලවේගය මොකක්දැයි ඔහු නොකියන්නේ ඇයි? ඒ ඇමරිකාවද? ඉන්දියාවද? චීනයද? වෙනත් රටක්ද? නැතිනම් යුරෝපා සංගමයද? මොකක්ද? කියන්න අගරදගුරුතුමනි. Continue Reading

Central Bank Bonds cartoon by Ajith Perakum Jayasinghe

මහ බැංකු බැඳුම්කර වංචාවේ මුල් අවධියේදී තර්කනය තිබුණේ එය වංචාවක් නොව පර්අපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාධාරණ ලාභ ලැබීමක් පමණකැයි කියාය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට නොවේදැයි ප්‍රශ්න කෙරිණි. වර්තමානයේ පිරමීඩ් විල්මාර් ඇතුළු සමාගම් ගැනත් නැගෙන්නේ එම තර්කයමය. එහෙත්, ඊට වඩා දෙයක් මෙතන තිබේ. සමාගම්වලට එවැනි අසාධාරණ ලාභ ලබන්නට පහසුකම් සලසන තීරණ ගත් අය නිකම්ම පස්ස පැත්තේ අත පිහදාගත්තාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.Continue Reading

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.Continue Reading

වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිට ගම් මට්ටමේ බයියාවරුන් දක්වා සියලුදෙනා පසුගිය කාලයේ කී පරිදි මේ පිටුපස මහමොළ තිබේ. එසේ පුන පුනා කියූ වාර ගණන අනුව දැන් එය අපගේ සිත්වල ඇත්තක් ලෙස ස්ථාපිත වී හමාරය. එවැනි මහමොළ මේ පසුපස නැති බව දැන් අපට පිළිගත නොහැකිය. මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය. Continue Reading