Matugama

මතුගම ප්‍රදේශය මේ වන විට මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධවල තිප්පොළක්. මේ ඒ අපරාධ සංස්කෘතිය මතුගමින් පිටතට විහිදුණු අවස්ථාවක්. Continue Reading

ජනාධිපතිවරයාගේ ඉන්දීය, චීන නිල චාරිකා එම රටවල හා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ න්‍යාය පත්‍රයන් අනුව සිදුවන චාරිත්‍රානුකූල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විනා අන් කිසිවක් නොවේ.Continue Reading

රාජ්‍ය පාලනය විහිළු කතා කීම තරම් ලෙහෙසි පහසු නැත. කරන කියන දේ අවබෝධයෙන් කළ යුතුය. එසේම, ශරීර භාෂාව ද ඉතා වැදගත්ය. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව පුවරු ප්‍රදර්ශනය කරන ආකාරය යහපාලන ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමේදී විපක්ෂය විසින් උපයෝගී කරගන්නා ලදි. දේශපාලනයේදී ඇත්ත පවා කිව යුතු ආකාරයක් තිබේ.Continue Reading

දිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂටත්, ඊටත් කලින් මහින්ද රාජපක්ෂටත් දැක්වූ සහයෝගයෙන් ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන දියුණුව සලසා ගත් ‘ව්‍යවසායකයෙකි’. ව්‍යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ ගැන විශේෂ අවුලක් නැත. සියලු ‘බිස්නස්’ එසේය. චන්ද්‍රිකාට හා මහින්දට ජැක් ගසා ජනතා විමුක්ති පෙරමුණ ද ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබාගෙන එය පසුව විකුණා දමා ඇත.Continue Reading

Galagodaaththe Gnanasara Thero

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි. Continue Reading

සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය. ඒකම මිථ්‍යාවකි.Continue Reading

මෙහෙමයි. ඊශ අද අමතර නයිට් ඩියුටියක්. පහට ලොකු කෙලීව ඇහැරවන්න ඕනැ ඉස්කෝලෙ යන්න. මං ඉතින් විනාඩි පහකින් කතාකරනවා කියල හිතාගෙන ඇහැ පියාගත්තා. අප්පට සිරි! පහයි විසිගානයි. කෙල්ලව ඇඳෙන් බිමට ඇදල දැම්මා බැනුං අහගෙන. “ඔයගොල්ලන්ට වෙන මොකුත් නොකරන එකේ වෙලාවට ඇහැරවන්නවත් බැහැ.”Continue Reading

අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430ක් අහෝසි කර, ඒවා වෙනත් සේවාවන් බවට පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගත් තීරණය වළකාලමින් අභියාචනාධිකරණය 2023 ජූනි 30 අතුරු නියෝගයක් නිකුත් කළේය.Continue Reading

හරි ටීවී එක්ක පරණ සාකච්ඡාවකදි අනුර කුමාර දිසානායක කියනවා කුරුණෑගලින් එහාට එයා පීනපු නැති වැවක් නැහැ කියලා. කයිවාරු තිබිල තියෙන්නෙ ඒ ලෙවල් එකේ. ඒ වුණාට නායකත්වයට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් ළඟ නොතිබුණු බව දැන් පෙනෙනවා. ඒ සාකච්ඡාවෙදිම ඔහු කියනවා රනිල් ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් දෙන්නෙ නැහැ, ඒක දිනාගන්න අරගල කරන්න වෙන බවක්. බොරු කයිවාරු ගහගෙන යනකොට බලාපොරොත්තු වෙලාම නැහැ වගේ මෙහෙම දෙයක්.Continue Reading

මාලිමා මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව අපි මුල සිටම කීවෙමු. අප කියන දේ පිළි ගන්නට මන්ත්‍රීවරයකු කාගෙන් හෝ කනේ පාරක් කන්නටම අවශ්‍ය නැත. බිංගිරියේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අනූනමයෙන් බේරී ආහ.Continue Reading