handwashing

ඇතැමුන් බොහෝ වෙලාවක් එකම අත්වැසුම් පාවිච්චි කරමින් සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ අත්වැසුම්වල ඉතා පහසුවෙන් වයිරසය ඇලෙනවා. ඒවා තව තව පෘෂ්ඨවලත් තැවරෙනවා. මුදල්, මේස, කවුන්ටර, පරිගණක යතුරු පුවරු, ජංගම දුරකථන ආදී හැම තැනකම වයිරසය තිබෙන්නට පුළුවන්. අත්වැසුම් දමාගෙන මේවා අල්ලන අය ඒ අත්වැසුම් පිටින්ම මුහුණු ආවරණය අල්ලනවා ඔබ දැක ඇති. අත්වැසුම් යනු පාවිච්චි කර වහා බැහැර කළ යුතු දෙයක් මිසක් බොහෝ වෙලාවක් පැළඳ සිටින්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ දෑත් පිරිසිදු කරගැනීමයි. Continue Reading

අවිධිමත් අංශයේ කම්කරුවන්ට පැය අටේ වැඩ දිනය වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඉහත දක්වන ලද ප්‍රශ්නයි. ශ්‍රම වෙළඳපොළේ නව ප්‍රවණතා සමග කම්කරු නීති ගැලපෙන්නේ නැත. අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ ගැටලු කිසිදු නීතියකින් ආමන්ත්‍රණය කරන්නේ නැත. Continue Reading

Sri Lanka Burqa

මෙම පසුබිම තුළ හදිසියේ ගෙන ආ බුර්කා තහනම විමර්ශනයේ අඩුලුහුඬුකම් වෙතින් අවධානය වෙනතකට යොමුකිරීමට සහ ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ජාතිකයන්ගෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් පළිගැනීම මගින් වෙනත් ආකාරයක තෘප්තියක් තම අනුගාමිකයන්ට ලබාදීම ඉලක්ක කර ඇති බවට අනුමාන කළ හැකිය. Continue Reading

A purple flower dropped under a tree

නිවසේ සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන්, කොවිඩ්-19 හේතුවෙන් දැන් ක්‍රියාත්මක වන්නේ ඉතා සංකීර්ණ ක්‍රමයකි. නිවසකදී ස්වාභාවික මරණයක් සිදුවුවහොත් දැන් කළයුතු වන්නේ පළමුවෙන්ම අදාළ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයට ගොස් මරණය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. Continue Reading

masked man

මෙම වීඩියෝව බලන්න. එහි තිබෙන්නේ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයෙන් අනුප්‍රාණය ලබා මැලේසියාවේ ජිහාඩ් කණ්ඩායමක් නිර්මාණය කරන්නට උත්සාහ කරද්දී අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනයෙන් පසු නිදහස් කරන ලද අහමඩ්ගේ කතාවයි. අප එය ඔබ සමග බෙදාගන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ පසුබිම ද බොහෝ දුරට මෙවැනි ආකාර නිසාය. දැන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්Continue Reading

oil palm cultivation in Matugama

අජිත් පැරකුම් ජයසිංහ රජය ආර්ථිකය මැනැවින් නියාමනය කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු. නියාමනය යනු විද්‍යාත්මක කාර්යයකි. එහිදී තීරණ ගතයුත්තේ දැනුම මත පදනම් වී මිස ඕපාදූප මත පදනම් වී නොවේ. අපට කටුපොල් සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් හෝ විරෝධයක් හෝ නැත. කෙසේ වෙතත්, 1960 දශකයේ පමණ සිට ලංකාවේ කටුපොල් වගාව ව්‍යාප්ත වෙමින්Continue Reading

Covid-19 and sex

කෝවිඩ්-19ට මුහුණදීමේදී දේශපාලකයන් හා නිලධාරීන් විශ්වාස නොකරන්න. මේ වන විට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැත. දේශපාලකයන් හා නිලධාරීන් මේ වනවිටත් උන්ට දෙවෙනි මාත්‍රාව ලබාගෙන තිබිය හැකිය. ජනාධිපති, අගමැති වැනි සියල්ල සංදර්ශනාත්මකව කරන දේශපාලකයන් පළමු මාත්‍රාව ගත් බව හෝ තවම ප්‍රසිද්ධ කළේ නැත. දේශපාලකයන් හා නිලධාරින් ඒ තරම් වංචනිකයෝය. ඔවුන් පිටුපසින් වෙළඳපොළවල්, ලාභය, දේශපාලනය, උන්නතිකාමය ආදී පටු අරමුණු රැසක් තිබේ. වයිරස්වලට එහෙම දේවල් නැත. වයිරසය විශ්වාස කරන්න. එය අව්‍යාජය.Continue Reading

Gotabaya on wall

ශ්‍රී ලංකාවේ අවාසනාවට ප්‍රධාන හේතුව රජයයි. දැනටත් රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 14ක් පිරිස් සිටින අතර, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ හයහමාරක් පමණ වේ. ඒ අතරින් දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් මහජන මුදලින් භුක්ති වින්දද රාජ්‍ය යාන්ත්‍රණය පවතින්නේ ඉතා අකාර්යක්ෂම තත්වයකය. කෝවිඩ්-19 හේතුවෙන් හා දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට රජය ඇත්තේ ඉතාම අකාර්යක්ෂම තත්වයකය. Continue Reading

අගරදගුරුවරයකු ලෙස ඔහු විසින් කරන ලද දෙවන ප්‍රකාශය ද ඉතා වැදගත්ය. මුලින් “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි,” යි කියූ ඔහු දෙවනුව ජාත්‍යන්තර වහබ්වාදයක් ගැන කියයි. වහබ්වාදය ආගමික අන්තවාදයක් නොවේද? “එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිස” ඔහු කියන පරිදි අන්තර්ජාතික දේශපාලනික බලවේගයකි. ඔච්චර දන්නවා නම් ඒ බලවේගය මොකක්දැයි ඔහු නොකියන්නේ ඇයි? ඒ ඇමරිකාවද? ඉන්දියාවද? චීනයද? වෙනත් රටක්ද? නැතිනම් යුරෝපා සංගමයද? මොකක්ද? කියන්න අගරදගුරුතුමනි. Continue Reading