molnupiravir

පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කින් අවම කළ හැකි බව එම සමාගම පවසනවා. Merck සහ Ridgeback Biotherapeutics සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුඛ මාර්ගයෙන් ලබාදෙන molnupiravir නම් ඖෂධයට බ්‍රිතාන්‍යයේ කොන්දේසි සහිත අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ඖෂධ කිසිවකට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, ඒවා දෙසැම්බරය වන විට වෙළඳපොළට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය පවසනවා.Continue Reading

Gotabhaya-with-BBS

‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පය කොහොමත් ක්‍රියාත්මක නොවන තත්වයක් වන්නේ ධනවත්කම හා බලවත්කමයි. උදාහරණයක් ලෙස, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්වී සිටි දුමින්ද සිල්වාට ලැබෙන ජනාධිපති සමාව දිළිඳු සාමාන්‍ය පුරවැසියකුට කිසි කලෙක ලැබෙන්නේ නැත. Continue Reading

Wadduwakal Causeway

ඇත්තටම මෙතන තියෙන්නෙ කෝස්වේ (causeway) කියන වචනය. සාමාන්‍යයෙන් එහි තේරුම තෙත් බිමක් ඉහළින් ඉදිකළ පාර කියන එක. කෝස්වේ එකක් පාලමක් තරම් ආරක්ෂිත නැහැ. ඒක හදලා තියෙන්නෙම වතුර වැඩිවුණොත් ඉහළින් වතුර ගලායන්නටයි. ඒ නිසා බොහෝ කෝස්වේ නිතර වතුරට යටවෙනවා. Continue Reading

gotabaya rajapaksa in organic farm

රසායනික විරෝධයම කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ අදහසක්. ලෝක ජනගහනය වර්ධනය වුණේම රසායනික ද්‍රව්‍ය වන ඖෂධයි, කෘෂි රසායනික භාවිතා කරමින් කරපු ආහාර නිෂ්පාදනයයි නිසා. ජනගහනය වර්ධනය වෙන අතරෙ උපතේදී ආයු අපේක්ෂාවත් වර්ධනය වුණ බව අප අමතක නොකළ යුතුයි. නූතන මිනිසා හා සමාජය කියන්නෙ විද්‍යාවෙ ජයග්‍රහණයක්. සොබාදහමේ පසුබැසීමක්.Continue Reading

Gotabaya on wall

පරිපූර්ණ කාබනික ගොවිතැන ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. දැනටත් රජය පාලනයක් සහිතව කෘෂි රසායනික සඳහා අවසර ලබාදී තිබේ. කෙසේ වෙතත්, ඊනියා රසායනික විරෝධය කෘෂිකර්මාන්තයේ සිදුවන පරිවර්තනයට මනා ආවරණයක් සපයයි. එමගින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රමය මුළුමනින්ම විනාශ කර අලුතින් ප්‍රතිව්‍යූහගත කරනු ඇත. එය අත්‍යවශ්‍ය, විප්ලවීය පියවරකි. එහෙත්, එය අතිශය වේදනාකාරීය. වෙනස කොහොමත් අමාරු දෙයකි. ඇතැම්විට එය දැන් අප සිතන තරම් දුෂ්කර නොවන්නට ද පුළුවන. කෙසේ වෙතත්, අප වෙනසට විරුද්ධ විය යුත්තේ ඇයි? Continue Reading

English letters

බකප් එක දෙනවා කියන එක හැත්තෑගණන්වල තමයි මං මුලින්ම ඇහුවෙ. කාගෙ හරි අදහසකට, ක්‍රියාවකට, එම පුද්ගලයා සතුටට පත්වන ආකාරයෙන් ඉතා හොඳ සහයෝගයක් දෙන එකට තමයි බකප් එක දෙනවාය කිව්වෙ. Continue Reading

school child

අජිත් පැරකුම් ජයසිංහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමග නිර්මාණය වූ කොරෝනා පොකුරුවලින් හා ගුරුවරුන්ගේ දැවැන්ත අරගලයෙන් පසු පාසල් අද සිට හරියට ආරම්භ වේ. මුලින් ආරම්භ වන්නේ ප්‍රාථමික පන්ති පමණි. ගුරු ඉල්ලීම් ලැබුණේ නැතත්, ගුරු අරගලය විසින් ලබාදුන් ජයග්‍රහණ රැසක් තිබේ. පාසල් අධ්‍යාපනය හා ගුරු භූමිකාව පිළිබඳ සමාජ සංවාදය ඒContinue Reading

Sri Lanka police

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා. එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා. Continue Reading

Jaffna farmers

රජය පොහොර තහනම් කිරීමට මුලින් පියවර ගත්තේ පොහොර සහනාධාරය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 60ක් පමණ වන වාර්ෂික වියදම අවම කරගැනීමටයි. ආනයනික පොහොර වෙනුවට දේශීය කාබනික පොහොර භාවිතය මගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිය. එහි තිබුණේ සරල ආර්ථික විද්‍යාවකි. Continue Reading

Ceylon Petroleum Corporation

ඉන්ධනවලට සහනාධාර දෙන්නේ පොදු ප්‍රවාහනයට මුවාවෙමිනි. එහෙත්, ඉන්ධන සහනාධාරයෙන් වැඩිම ලාභයක් ලබන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවතුන්ය. දුප්පතුන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්නට අවශ්‍ය නම්, වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුවම දුප්පතුන් ඉලක්ක කරන පරිදි සිදුවිය යුතුය.Continue Reading