Ajith Perakum Jayasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.Continue Reading

Alborada-Rithika

අජිත් පැරකුම් ජයසිංහ මතුගම සක්කිලි ප්‍රජාවසක්කිලි ප්‍රජාවේ අය හැම නගරයකම විසිරිලා හිටියා. එක්දාස් නමසිය හැත්තෑගණන් දක්වා මතුගම සුළු නගර සභා ප්‍රදේශය තුළත් බාල්දි වැසිකිලි පිරිසිදු කළේ ඔවුන්. මං ඉගෙනගත්ත මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රාථමික 3,4,5 පන්ති තිබුණු ශාලාවේ කෙළවරේ ගුරු වැසිකිළිය එවැනි එකක්. ගෑනු ළමයි ගියෙත් ඒ වැසිකිළියට යාබද කැසිකිළියකට. මේContinue Reading

Gota waving

හේතුව සරලයි. ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ වෙලාවෙ විපක්ෂයට ගේම දෙන්න පුළුවන් නියම ආයුදේ. විපක්ෂය මර්දනය කරන්න ගියොත් පොදු අපේක්ෂකයෙක් එන්න පුළුවන්. ඉදිරි මැතිවරණයකදී සජිත්, චම්පික, අනුර, රනිල් වෙනම ඉල්ලුවොත් රාජපක්ෂලා ගොඩ. මේ උපායමාර්ගය ඇතුළෙ ඉදිරි කාලයේදී චම්පිකගෙ නඩු වුණත් විසඳෙන්න පුළුවන්.Continue Reading

Alborada

ඇල්බොරාදා රූප කාව්‍යයකි. කවිය හා කතාව අතර එක් වෙනසක් නම්, කවියට කතාවක් කියන්නට උවමනාවක් නැතිකමයි. කවියේ කතාවක් තිබේ නම්, ඒ කතාව කවිය තුළින් පාදාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. කවියා රසිකයාගේ පරිකල්පනය සඳහා අවකාශ විවර කර තබයි. ඇල්බොරාදාහි ඇති හිස්තැන් සමුදාය ද එවැනිය. උදාහරණයක් ලෙස, සක්කිලි ගැහැණියගේ මනස ගැන අප දන්නේ ඇය දූෂණයට දක්වන ප්‍රතිරෝධය හා දූෂණයෙන් පසු මුහුදේ බැස පවිත්‍ර වන්නට දරන උත්සාහය පමණි. ඇය දැවැන්ත හිස් අවකාශයකි. එම හිස්තැන් පුරවාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. ඒ සඳහා සහෘද පරිකල්පනයක් අවශ්‍යය. කලා කෘතියක් යනු නිර්මාණකරුවාගේ චින්තනයේ නිම්වළලු තුළ රසිකයා සීමා නොකරන, රාමුගත නොකරන ලද විවෘත අවකාශයකි. ඇල්බොරාදා කැන්වසය, පාට හා පිනසල්ය. ඒවා තෝරාගෙන ඇත්තේ හඳගමට ඕනෑ පරිදිය. එහෙත්, එයින් ඔබ කැමති චිත්‍රය නිර්මාණය කරගැනීමට ඔබට නිදහස තිබේ. මිනිස් මනස වඩාත් අව්‍යාජ වන තැනක් වන ලිංගිකත්වය යනු කිසිදු දාර්ශනිකයකුට හෝ විද්‍යාඥයකුට හෝ විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයකි. Continue Reading

blood in hand

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතහි තිබෙන අඩුපාඩු මගහැරීමට යෝජිත සංශෝධන අසමත් බව සිවිල් සංවිධාන පෙන්වා දෙති. ඒ වෙනුවට යෝජනා කරනු ලබන්නේ දැනටත් පවතින, එහෙත්, බොහෝවිට උල්ලංඝනය වන බව පෙනෙන වෙනස්කම්ය. එසේ නැතහොත්, පවත්නා තත්වය ප්‍රමාණවත් අන්දමින් හෝ අර්ථවත් ලෙස හෝ වෙනස් කිරීමට ඉවහල් නොවන නොගැඹුරු වෙනස්කම්ය. ප්‍රචණ්ඩ අන්තවාදී ආගමික මතවාද දරන්නන් ප්‍රතිරැඩිකල්කරණය සඳහා වන රෙගුලාසි නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් පිළිබඳ ගැටලු මතුවේ.Continue Reading

Vijaya Kumarathunga

විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය.Continue Reading

chamuditha Samarawickrama

මාධ්‍යවේදීන්ට අසූචිවලින් පහරදෙන තත්වයක් රටේ තියෙනවා නම්, ඒක ගැන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සංවිධානවලට පැති ගණනාවකින් හිතන්නට සිදුවෙන බවත් මාධ්‍යවේදීන්ට කිව යුතුයි. ප්‍රකාශනයේ නිදහස කියන්නේ වල්බූරු නිදහසක් නොවන බව මාධ්‍යවේදීන් දැනගත යුතුයි. මාධ්‍ය නිසා අගතියට පත්වන පාර්ශ්ව හෝ ආණ්ඩුව හෝ නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වයට යොමුවෙනවා නම්, එතැන ප්‍රකාශනයේ නිදහසට බරපතල අභියෝගයක් තිබෙන බවත් කිව යුතුයි. Continue Reading

media cameras

නියාමනය මගින් බෙන්ච්මාක් කිරීමක් හෙවත් සංසන්දනය සඳහා ප්‍රමිතියක් නිර්මාණය කළ හැකියි. උදාහරණයක් විදියට රජයට පුළුවන් තමන්ගේ මාධ්‍ය ආයතනවලින් මේ සැසඳුම් නියාමනය ආරම්භ කරන්නට. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නියාමනය කිරීමට නීති සම්පාදනය කිරීමත් එක්කම, දැන්වීම් පළකිරීම නියාමනය කිරීමටත් ඒ නීති අදාළ කරනවා නම්, මාධ්‍ය නියාමනයට එය උත්ප්‍රේරකයක් විය හැකියි. Continue Reading

red rose

අජිත් පැරකුම් ජයසිංහ අපි කොල්ලන් කාලෙ කෙල්ලෙකුගෙන් ඇහුවෙ කොච්චර බයෙන්ද? උන් හරියට කිසිදාක උන්ගෙ ඇඟට මැස්සෙකු වහන්නවත් නොදෙන්න ඉන්නවා වගේ ‘පල වලත්ත කොල්ලා, හිටපන් කියන්න අම්මත් එක්ක, ඉඳපන් කියන්න බොලෑ තාත්තත් එක්ක, අයියෙ මෙන්න මූ…’ අරව මේවා කිව්ව විතරක් නෙමෙයි, සමහර වෙලාවට උන්ගෙ අයියලට, උන් කැමති වෙන කොල්ලන්ට කියලා නෙළෙව්වා.Continue Reading

Kalido beach, Kalutara

කැලිඩෝ වෙරළ කියන්නෙ කළුතර උතුරේ අතීතයේ තිබුණු සුන්දර වෙරළ තීරයක්. දැන් ඒක එහෙම නැහැ. මේ පිංතූරෙ තියෙන්නෙ, ඉස්සර දවසක මඟුල් ගෙදරක ගිහින් එන ගමන් මගේ දියණියන් දෙදෙනා කැලිඩෝ වෙරළේ සෙල්ලම් කරනවා. Continue Reading