Power

මේ පාර මැච් එක තියෙන්නෙ ඇෆ්ගනිස්තානෙත් එක්ක. ඔව්, අපි මාලදිවයිනට, බංග්ලාදේශයට පවා පරාජය වෙලා ඉවරයි. තලේබාන්ලගෙ ඇෆ්ගනිස්තානය පවා අප ඉස්සර කරන්නට ඉඩ තියෙනවා. ආයෝජකයන් රටට ආකර්ශනය කරගන්නට මේ තිබෙන අවස්ථාව කොයි තරම් වැදගත් ද කියන එක හිතන්න.Continue Reading

kanchana wijesekara

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි.Continue Reading

Gotabaya-Rajapaksa-and-Ranil-Wickremesinghe

කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය.Continue Reading

ආර්ථික විද්‍යාඥයන් මේ අවස්ථාවේ විසඳුම ලෙස පෙන්නන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන තෙක් Bridging Finance හෙවත් අන්තර්කාලීන ආධාර ලබාගැනීම යථාර්ථයක් නොවන බව පෙනේ. Bridging Finance ලෙස හැඳින්වූයේ ආර්ථික අර්බුදය සමනය වනතුරු අපට තෙල්, ගෑස්, ආහාර ආදිය ආනයනය කරන්නට විදේශ රටවලින් ආධාර ලබාගැනීමයි.Continue Reading

hell

පළමුව අප කඩාවැටීම නවත්වාගත යුතුය. තවමත් එය නතර වී නැත. දේශපාලන ඇරියස් පියවාගැනීම කෙසේ වෙතත්, මේ කඩාවැටීමේ පතුල කිසිවෙකුට සිතාගැනීම පවා දුෂ්කර අපායකි. Continue Reading

President Gotabaya at public office Narahenpita

2021 වන විට රාජ්‍ය ආදායමෙන් 81%ක් වැයවුණේ දේශීය හා විදේශීය ණය හා පොළී ආපසු ගෙවීමටයි. රජයේ සේවයේ වැටුප් ගෙවීම සඳහා ක් වැයවෙනවා. මෙහෙම ආර්ථිකයක් පවත්වාගෙන යාහැකිද? ඒ හා සමාන ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් හා වෙනත් එවැනි වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.7%යි.Continue Reading

Kaputa

මයිනන්, කපුටන් පමණක් නොව, අනුන්ගේ කූඩුවල බිත්තර දමන කෝකිලයන් ද වැදගත්ය. සිංදු ලස්සන වුව ද උන්ගේ හිත් අවලස්සනය. Continue Reading

school building in Sri Lanka

පාසල් අධ්‍යාපනය වෙනස් කරනකොට අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු දෙයක් තමයි පන්ති කාමරය. නවීන පංති කාමරයක් මොන වගේ විය යුතුද හිතන්න. එතකොට තේරෙයි අපේ පාසල් අධ්‍යාපනය වගේම ටියුෂන් ව්‍යාපාරයත් තියෙන්නෙ කොයිතරම් පසුපසින්ද කියන කාරණය.Continue Reading

News creating

සමාජ මාධ්‍ය යුගයේ ප්‍රවෘත්ති, ඕපාදූප, අතේරෝල්, ප්‍රබන්ධ, දුස්තොරතුරු, ද්වේෂ සහගත තොරතුරු, ප්‍රොපගැන්ඩා වෙන්කර හඳුනාගැනීම ලේසි නැහැ. ඒ සඳහා අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව ලබාගන්නට නම්, පූර්ණ පිටස්තරයකු ලෙස ඒ දිහා බලන්නට වෙනවා.

Continue Reading

50 days Gotagohome

– අජිත් පැරකුම් ජයසිංහ ගෝඨා පැන්නීමේ අරගලයට දින 50කි. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැර සෙසු රාජපක්ෂවරු ආණ්ඩුවේ ඉදිරිපෙළෙහි නැත. අජිත් නිවාඩ් කබ්රාල් වැනි ආර්ථික අපරාධකරුවන් ඉවත්කිරීමට හැකි වී තිබේ. අරගලය විසින් පිළිනොගත්ත ද, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව පත්වූයේ ද අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවContinue Reading