Samurdhi

නැතිබැරි ජනයා ගැන අවධානය ඉතා වැදගත්

අජිත් පැරකුම් ජයසිංහ

ආර්ථික අර්බුදය මැද දැඩි ලෙස අවදානමට ලක්වන ජනතාව වෙනුවෙන් මහජන ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි.

දිළිඳු පුද්ගලයන් හා ආබාධ සහිත පුද්ගලයන් වැනි අවදානමට පත්වන ජනයා වෙනුවෙන් දැනට රජය විසින් සහනාධාර ක්‍රම කීපයක්ම ක්‍රියාත්මක කරනමුත් සහනාධාර අත්‍යවශ්‍ය විශාල පිරිසක් මගහැරෙනවා. එම සහනාධාර ක්‍රම පරිපාලනයේ අකාර්යක්ෂමතාව හා දේශපාලනීකරණය හා නිලධාරිවාදය එයට හේතු වෙනවා. සමෘද්ධි සහනාධාර මෙයට හොඳම උදාහරණයයි.

සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙලක් දියත් කරන බව

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/ කොමසාරිස් බී විජයරත්න පවසනවා.

මේ අතර, පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මාධ්‍යවලට ප්‍රකාශ කළා

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හෙට (6) පෙරවරු 10.30 සිට පෙරවරු 10.45 දක්වා කාලය තුළ විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිතයි.

දිළිඳුම ජන කොටස විතරක් නෙමෙයි රැකියා කරන ශ්‍රම බලකායේත් ආදායම්වල මූර්ත වටිනාකම අඩුවෙලා.