Jeevithaye Oil Pallam

මෑතක සිට දූෂිත, අපරාධකාරී, කුමන්ත්‍රණකාර දේශපාලකයකුගේ චරිතය වටි ගොඩනැගෙන කුමන්ත්‍රණ න්‍යාය සමුදාය විශේෂයෙන්ම දකණු ආසියාතික කලා සංදර්භයේ වට්ටෝරුවක් නිර්මාණය කර තිබේ. එහි කිසිදු වරදක් නැත. එහෙත්, දේශපාලකයාගේ මේ ඒකාකෘතික චරිතය සමාජය වෙත සන්නිවේදනය වීමත් සමග එක පැත්තකින් සියලු දේශපාලනඥයන් එසේ යයි සමාජය සිතීම හා එසේ වීම දේශපාලනඥයාගෙන් අපේක්ෂා කිරීම ද, දේශපාලනඥයා ද එසේ වීම ද සිදු වේ. එමගින් එම ආකෘතිය නැවත නැවතත් වැරගැන්වේ. මෙම ඒකාකෘතිය නැවත නැවත ඉදිරිපත් කිරීම ජනප්‍රිය විය හැකි වුවත්, එය සමාජ වෙනස සම්බන්ධයෙන් සාධනීය නැත. කලාකරුවාට එය අදාළ නැති බවට තර්ක කළ හැකිය. එහෙත්, කලාව රසවිඳින අපට ඒ ගැන කතාකිරීමට අයිතියක් නැතැයි කියන්නට හේතුවක් ද නැත. Continue Reading

public service

රජය තවදුරටත් මේ දැවැන්ත රාජ්‍ය සේවයේ බර බදුගෙවන, ඒ අතර සැබැවින්ම වැඩකරන ජනයා මත පටවනවාද? බදු සංශෝධන යෝජනා සමග ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාත් සමාන ජවයකින් යුතුව ඉදිරියට නොගන්නේ ඇයි? සමාජයේ බලවත්ම ස්ථරයක් වන රාජ්‍ය සේවකයන්ට තිබෙන බිය නිසාද? ඉදිරි මැතිවරණයකදී රජයේ සේවකයන් එකතුව ආණ්ඩුව පරදවන නිසාද? ඉතිහාසය පුරාම ලංකාවේ සිදුවුණේ මෙය නොවේද? අපට මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්නට බැරිද?Continue Reading

Marxists

“රුසියාව ධනවාදයෙන් පීඩා විඳිනවාට වඩා ධනවාදය ප්‍රමාණවත් තරම් සංවර්ධනය නොවීමෙන් පීඩා විඳියි” යනුවෙන් වී අයි ලෙනින් (ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක්) කර ඇති සඳහන මේ මොහොතේ ලංකාවට ඉතා වැදගත් වේ.Continue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පරාජයක් නෙමෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් යුද සමයේ සිටි පාලකයන් සහ හමුදා දණ්ඩමුක්තිය අපේක්ෂා කරනවා. ඒ යුද්ධය ඔවුන් කළේ සිංහල සමාජයේ අනුග්‍රහය ඇතුව බව රහසක් නෙමෙයි. වර්තමානයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවන් කරන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම යුද්ධය සඳහා මහින්ද රාජපක්ෂ රජය ඇදදමා යුද්ධයට දිරිදුන්නා පමණක් නොවෙයි. ඔවුන් නිහඬතාව මගින් යුද අපරාධවලටත් දිරි දුන්නා. යුද අපරාධ සම්බන්ධයෙන් වගකීම හමුදාවට පමණක් පවරන්නේ නැතුව ඒ සඳහා දිරි දුන් දේශපාලකයන්ගේ සිට ජනමාධ්‍ය දක්වා සියලු දෙනා භාරගත යුතුයි. යුද අපරාධ කරන්නට ඔවුන්ට දිරි දී දැන් හමුදා සහ දේශපාලන නායකත්වය පමණක් පාවා දෙනවා නම් ඒක ජඩකමක්. අපි නම් ප්‍රභාකරන් මරා මේ රටේ ජනතාව කිරිබත් කන සමයේ පවා යුද්ධයට විරුද්ධව සිටි නිසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක වන එක ගැන අපේ විරෝධයක් නැහැ. Continue Reading

crow

දැන් රාජපක්ෂවාදය තීරණාත්මක කඩඉමකට ඇවිත්. ඒ නිසාම තමයි රාජපක්ෂ පවුලෙන්ම ආපු ගෝඨාභය රාජපක්ෂවාදය අවසන් කරන්නට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම ආරම්භ කළේ. රාජපක්ෂලා විසින්ම රනිල් බලයට ගෙන ඒම තමයි පෙට්ටියේ ඇණගැසීම.Continue Reading

teachers in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ බදු සල්ලි නාස්ති වෙන එක ගැන කතාකරනකොට පාර්ලිමේන්තු කැන්ටිමේ බත්එක වගේ ඒවා තමයි බොහෝ අයට මතක් වෙන්නෙ. ඔය බත්එක එතන සේවකයොත් කනවා. ඔය වගේ කෑම දෙන එක වරායෙත්, ගාමන්ට්වලත් කරනවා. ඒකට හේතු රැසක් තියෙනවා. පාර්ලිමේන්තුව වගේ තැනක නම් කෑම කන්න බත්තරමුල්ලටවත් යන්න වෙනවා. එමගින් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නContinue Reading

maternity hospital

රජය තුළ හොරකම්, වංචා, දූෂණ සිදුවෙනවා. ඒවා වළක්වාගත යුතුයි. පරණ හොරකම් ඇල්ලීමත් වැදගත්. හැබැයි, ඒවා නිසා රජය බිඳදාන එක මූණ එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ වැඩක්. වත්මන් ආණ්ඩුව හොරුන් වීම හා හොරුන් අල්ලන්නේ නැති එක නම් ප්‍රධාන ගැටලුව, කරන්නට තියෙන්නේ ජනරජය රැකගෙන, ඉදිරි මැතිවරණවලින් අලුත් ආණ්ඩුවක් පත්කරගෙන තමන්ගෙ ප්‍රමුඛතාව ඉටුකරගන්න එක. මේ අවස්ථාවෙ නම් ප්‍රමුඛතාව හොරුන් අල්ලන එක නෙමෙයි. ජනරජය රැකගන්නා එකයි ප්‍රමුඛ. Continue Reading

motorcycle

අජිත් පැරකුම් ජයසිංහ රජය ආදායම් වැඩිකරගත්විට රජයේ ණයගැනීම් හා මුදල් මුද්‍රණය අවම වේ. එවිට බැංකු පොළී අනුපාතික පහළ යයි. එය ව්‍යපාරවලට හොඳය. උද්ධමනය අඩු වේ. එය පාරිභෝගිකයන්ට හොඳය. නැතිනම්, බදු වැඩි නොකර මුදල් අච්චු ගැසිය හැකිය. රජයට විදේශ ණය ගත නොහැකි නිසා දේශීය වශයෙන් තව තවත් ණය ගත හැකිය. එයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ 74 අවුරුද්දක් ජනතාව රැවටුණාය කියන එකමත් බොරුවක්. ජනතාව රැවටුණේ නැහැ. ඔය කාලය තුළ මේ රට හැම පැත්තකින්ම සංවර්ධනය වුණා. උපතේදී ආයු අපේක්ෂාව වැඩිවුණා. පෝෂණය වර්ධනය වුණා. සාක්ෂරතාව, අධ්‍යාපනය දියුණු වුණා. අපේ නිවාස, මං මාවත්, යාන වාහන ආදී හැම දෙයක්ම නවීන වුණා. කොටින්ම තිස් බඹේ එළිබැස්ස ග්‍රාමීය සමාජයේContinue Reading