Election Commission

ස්වාධීන කොමිෂන් සභාවලට ‘තරුණියන්’ පත්කරනු!

අජිත් පැරකුම් ජයසිංහ

පුද්ගලයෙකුට තනතුරක් දුන්නාම ඒ පුද්ගලයා ඒ තනතුරට අදාළ විදියට රඟපාන එකට තමයි වෘත්තිකභාවය කියන්නෙ. ඒකට තමන්ගෙ හෘදය සාක්ෂිය එහෙමම තියාගෙන තනතුරේ වගකීමට මුල්තැන දෙන්නට ඕනැ. එස්කිමෝවරුන්ට ෆ්‍රිජ්වලින් වැඩක් නැති බව දැන දැනම වුණත්, උන්ට ෆ්‍රිජ්වල වටිනාකම කියල දෙන්න ඕනැ. නැතිනම් ඒ තනතුර නොගෙන ඉන්න ඕනැ. මං කරපු සමහර රස්සාවලදි මං එහෙම රඟපාලා තියෙනවා. ඒ බොරු දිගටම කරන එක තේරුමක් නැතිය කියල හිතුණු නිසා තමයි මං රස්සා කරන එක අතහැර දැම්මෙ. තමන් කැමති දේ විතරක් කරන එක ආර්ථිකවත් හරිම අමාරු වැඩක්.

ස්වාධීන කියන්නෙත් රඟපෑමක්. ස්වාධීන කොමිෂන් සභාවලට හොඳ නළුවන් පත්කරන්න ඕනැ. ස්වාධීන නිසා වෙන අයට අධ්‍යක්ෂණය කරන්නත් බැහැනෙ. ඒ නිසා තමන්ම අධ්‍යක්ෂණය කරගන්නටත් පුළුවන් වෙන්න ඕනැ. බල දේශපාලනය සම්බන්ධයෙන් තමන්ගෙ ආශාවන් පාලනය කරගන්නට බැරි අය ස්වාධීන කොමිෂන් සභාවලට පත් නොකළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා පත්කරන්නෙම පරිපාලනයත් බල දේශපාලනයත් අතර යම් පරතරයක් හදන්නටයි. ඒ දෙක අතර අනිසි සම්බන්ධතාව මගින් දූෂණය ඇතිවිය හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වන වුඩ්රෝ විල්සන් පවසා තිබෙනවා.

පහුගිය වතාවේ ජෝක් වුණ ස්වාධීන කොමිෂන් සභාවලින් අංක එක තමයි මැතිවරණ කොමිෂන් සභාව. පොලිස් කොමිෂන් සභාව ජෝක් වීමේ වැඩිම සම්භාවිතාවක් තියෙද්දි අඩුවෙන් එහෙම වුණ එකක්. සීමා නිර්ණය කොමිෂන් සභාව වගේ ඒවට මහජන මුදල් නාස්ති කිරීමේ තේරුමක් තියෙනවාද මන්දා. දැනටත් ජෝක් වෙමින් තිබෙන කොමිෂන් සභාවක් තමයි තොරතුරු කොමිෂම. ඒක කොච්චර ස්වාධීන කොමිෂන් සභාවක්ද කියන එක පැහැදිලි නැහැ.

ලංකාවෙ ඉහළ පෙළේ වෘත්තිකයන් තමයි ලංකාව හෑවෙ. දේශපාලකයන් කළේ ඒකෙ ගොම්පස් දාන එක. මේ රටේ ජනතාව මේ නෙළාගන්නෙ තමන් වපුරපු දේ පින්වතුනි.

ස්වාධීන කොමිෂන් සභාවලට ‘තරුණියන්’ පත්කරනු!

ස්වාධීන කොමිෂන් සභාවලට තරුණයන් හෝ තමන් තරුණයන් යයි කියන විශ්‍රාම පූර්ව වයස්වල සිටින්නන් පත්කරන්නට බැරි හේතුවක් තිබේ නම් කියන්න.