Papaoutai

මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල (විශේෂයෙන්ම ටික්ටොක් ඇතුළු වේදිකාවල ජනප්‍රිය වූ Afro Soul සංගීත මුසුව හරහා) අතිශය ජනප්‍රිය වූ ප්‍රංශ ගීතයක් ලෙස ස්ට්‍රෝමේ (Stromae) විසින් ගායනා කරන ‘Papaoutai’ හැඳින්විය හැකිය. බැලූ බැල්මට මෙය නර්තනයට සුදුසු, වේගවත් රිද්මයක් සහිත විනෝදාත්මක ගීතයක් සේ පෙනුණද, එහි පද මාලාව තුළ ගැබ්ව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ අතිශය ඛේදනීය සහ ගැඹුරු සමාජීය කතිකාවකි.Continue Reading

house of fashions

ඉන්වොයිස් වංචාකරුවන් නීතියේ රැහැනට හසු කර ගත යුතු බවට අපට කිසිදු විවාදයක් නැත. එහෙත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මූලික පරමාර්ථය විය යුත්තේ නිසි විමර්ශනයක් හරහා රටට අහිමි වූ බදු මුදල් සහ ප්‍රාග්ධනය යළි අය කර ගැනීම මිස, පුද්ගලයන් රිමාන්ඩ් කූඩුවල සිර කරමින්, වධහිංසනයට සහ අසීමිත මානසික/ශාරීරික පීඩාවන්ට ලක් කිරීමේ ‘පොලිස් මානසිකත්වයක්’ රේගුව හරහා මුදා හැරීම නොවේ.Continue Reading

ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ලබා දෙන්නේ ලංකාවේ රාජ්‍යයට දරා ගත හැකි ප්‍රමාණයට බවත්, එය මදි නම්, රාජ්‍ය සේවයට නො පැමිණිය යුතු බවත් පසුගිය දවසක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබිණි. මෙය රාජ්‍ය සේවකයන්ටත්, වෘත්තීය සමිතිවලටත් කියන්නට බොහෝ දේශපාලකයෝ බිය වෙති. මන්ද, රජයෙන් යැපෙන මෙම මධ්‍යම පන්තිය ලංකාවේ දේශපාලන පන්තිය වීමය. මහජන මතය හසුරුවන්නේ ඔවුහුය.Continue Reading

Maariya

සාගරය යනු හුදෙකලාවේ සහ අභිරහසේ සංකේතයකි. නිමක් නැති ජල කඳක් මැද දිවි ගෙවන ධීවරයන්ගේ ජීවිත ද ඒ සාගරය තරමටම රළු ය; ගැඹුරු ය. “මාරියා” චිත්‍රපටය, මේ රළු මිනිසුන් අතරට අහම්බෙන් කඩා වැටෙන කෘත්‍රිම කාන්තා අනුරුවක් (Sex Doll) කේන්ද්‍ර කරගනිමින්, මිනිස් මනසේ පවතින අතිශය සංකීර්ණ සහ මානුෂීය පැතිකඩක් මනා ලෙස විවරණය කරන අති සියුම් සිනමා වියමනකි.Continue Reading

Logu Thrasthawadaya

හිරු කණ්ඩායමේ වැඩ කරන සමයේ පවා ඇතැමෙක් මා හඳුන්වනු ලැබුවේ ‘ජාතිවාදියකු’ ලෙසිනි. එහෙත්, එදාත් මගේ දේශපාලන කියවීම වූයේ අතිශය පැහැදිලි එකකි. එනම්, සිංහලයන් වන අප දේශපාලනිකව වැඩ කළ යුත්තේ ‘දෙමළ විමුක්ති අරගලය’ වෙනුවෙන් නො ව, එකී දෙමළ විමුක්ති අරගලය හමුවේ ‘සිංහලයන්ගේ වගකීම’ කුමක් ද යන්න සම්බන්ධයෙන් බවය. මේ දයලෙක්තික (Dialectical) දැක්ම මත පිහිටා, නව සිංහල ජාතිකවාදයක් පිළිබඳ කතිකාවතක් ගොඩනැඟීම සඳහා මම හිරු පුවත්පතට ‘නව සිංහලය’ නමින් කොලමක් ද රචනා කළෙමි.Continue Reading

රාජ්‍ය නො වන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම) පිළිබඳ නව පනත් කෙටුම්පත (L.D.-O. 6/2026) ජනතාවට කියවීමට නිකුත් කිරීම අගය කළ යුතු දෙයකි. ඒ හරහා, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සැමට මෙම ලේඛනය හොඳින් කියවා බලා එයින් අපේ සමාජයට විය හැකි බලපෑම තේරුම් ගැනීමට අවස්ථාව ලැබේ.Continue Reading

Thushara Upuldeniya

මෙම සිදුවීමත් සමඟ එවකට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර, 2025 ජුනි 09 දින කැබිනට් මණ්ඩලය විසින් ඔහුගේ වැඩ තහනම් කරන ලදී.Continue Reading

In The Name Of The Father

මෙසේ වධහිංසනයට ලක් වන, ඝාතනයට ලක් වන සිරකරුවන් අතර මත්ද්‍රව්‍ය අපරාධ ජාලයේ සාමාජිකයන් සිටින බව මේ මොහොතේ බන්ධනාගාර නිලධාරීන්ට මතක් වන්නේ නැත. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු ඉතා ඉක්මනින් විදේශ රටවල සිටින අපරාධ කල්ලි නායකයන් අතට ලැබේ. බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් පිටින් අනාරක්ෂිත තත්වයට පත් වේ. සිරකරුවන්ට මෙන් ම බන්ධනාගාර නිලධාරීන්ට ද ආරක්ෂාව සැපයීමට ආණ්ඩුව අසමත් ය.Continue Reading

බන්ධනාගාරවල අධික තදබදය ඇති වීමට බල පෑ කරුණක් වන්නේ 2022දී : විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ ආඥාපනතට හඳුන්වා දුන් සංශෝධනය හා රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදය බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.Continue Reading

Sri Lanka prison

“ඒ වෙලාවෙ ඕඅයිසී මහත්තයා මගේ බිරිඳව බිම දමා පයින් පාගමින් ඉතා අමානුෂික අයුරින් පහර දුන්නා. මටත්, මගේ අයියාටත් විතරක් නෙමෙයි, 74 හැවිරිදි තාත්තාටත් පහර දුන්නා,” යැයි එම කාන්තාවගේ සැමියා පවසයි. පහර දීමෙන් රෝගාතුර වූ පියා රෝහල්ගත කිරීමට පැමිණි 1990 ගිලන් රථය පවා හරවා යැවූ පොලිසිය, පවුලේ සිව්දෙනකු ම අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී පිරිමි පාර්ශ්වයට රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ඇප හිමි වුව ද, කාන්තාවට හෙරොයින් ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 200ක් ළඟ තබා ගත් බවට ව්‍යාජ චෝදනා ගොනු කර 54 වගන්තිය යටතේ රිමාන්ඩ් කෙරිණි. ඇයට මෙවැනි අසාධාරණයක් කළේ මන් දැයි ඇසූ විට ස්ථානාධිපතිවරයා ලබා දී තිබුණේ අතිශය සාහසික පිළිතුරකි: “උඹේ ගෑනිගෙ කට ටිකක් වැඩියි, ඔහොම අවුරුද්දක් විතර ඉදල ආවම හරි යාවි.”Continue Reading