Ali Sabry

ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකක ජනවරමක් ලැබුණු සෑම ආණ්ඩුවක් විසින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දීමට උත්සාහ කර තිබේ. 1972දී සහ 1978දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දුන් අතර, ඒවා පුළුල් මහජන සංවාදයකට භාජනය කිරීමෙ අවශ්‍යතාවක් තිබුණේ නැත. එම පූර්වාදර්ශය අනුව යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්Continue Reading

Keenie Meenie book

බ්‍රිතාන්‍යයේ කීනි මීනි සර්විස් නම් පෞද්ගලික කුලී හමුදාව විසින් 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ කළ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ලන්ඩන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කීනි මීනි සේවාව 1980 දශකයේ අග භාගයේ ජවිපෙ කැරැල්ල මර්දනයේදීත් යුද අපරාධවල යෙදුණු බවට චෝදනා එල්ල වුණත්, ජවිපෙ සම්බන්ධ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉදිරිපත්Continue Reading

Rohini Kosoglu

ඉහළ ඡායාරූපයේ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානීවරියයි. ඇගේ නම රෝහිණී කොසොග්ලු ය. ඇය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකි. ඇගේ මව්පියන් වන වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවීන්ද්‍රන් සහ ශෝබනා 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ යාපනයෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වූහ. කමලා හැරිස්Continue Reading

Airport of China

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන මගීන් අතර කොවිඩ්-19 රෝගීන් සිටි හේතුව මත චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා පනවා තිබෙන මෙම තහනම පසුගිය සඳුදා සිට සති හතරක කාලයක් සඳහා බලපැවැත්වේ. පිලිපීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද චීනය විසින් මෙම ගුවන්Continue Reading

Harini Amarasuriya

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2020 අගෝස්තු 13 2020 අගෝස්තු මැතිවරණයේදී දිස්ත්‍රික්වලින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති කාන්තා මන්ත්‍රිනියන් සංඛ්‍යාව අටකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන් දෙදෙනෙකු පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය පත් කරන බව ප්‍රසිද්ධContinue Reading

Mahinda and Gotabaya

ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් මතු වන කරුණු රැසක් තිබේ. අපි කැබිනට් ඇමති මණ්ඩලයේ සංයුතිය ගැන කළ විග්‍රහය මෙතැනින් කියවන්න. කැබිනට් මණ්ඩල සමාජ විශ්ලේෂණය ඇමති මණ්ඩලය සම්බන්ධයෙන් තිබෙන තවත් බරපතල ගැටලුවක් නම් කාන්තා නියෝජනයයි. 1997 සිට කැබිනට් අමාත්‍යාංශයක් වූ කාන්තා කටයුතු සඳහා මෙවර ලබා දී තිබෙන්නේ පිරිමියකුContinue Reading

Sri Lanka cabinet

ප්‍රජා පර්යේෂණ කණ්ඩායම අලුතෙන් පත් වූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 26 පිළිබඳ අපි විශ්ලේෂණයක් කළෙමු. එහි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ඇත. ඒ ගෝඨාභය, මහින්ද, චමල් හා නාමල් ය. සිටින්නේ එක් කාන්තාවකි. කාන්තා කටයුතු කැබිනට් අමාත්‍ය ධුරයක් නැත. එක් දෙමළ ජාතිකයෙක් හා එක් මුස්ලිම් ජාතිකයෙක් සිටිති. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආගම් අනුව සැලකූContinue Reading

Ranil meets civil society groups

අජිත් පැරකුම් ජයසිංහ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව කියයි. ඇත්තෙන් ම ඔහුට ඉවත් වන්නට සිදු වන තැනට වැඩ සිද්ධ වී තිබේ. රනිල්ගේ පරාජය යනු ඔහුගේ පමණක් නොව එක්තරා දේශපාලන ධාරාවක ම පරාජයකි. එම දේශපාලන ධාරාවේ ලක්ෂණ කීපයක් මෙසේයි: ලාංකීය ධනේශ්වර දේශපාලනය තුළ ජාතිවාදී නොවීම; ආගමික වශයෙන්Continue Reading

Thieves

අජිත් පැරකුම් ජයසිංහ හැම තැනම හොරු. කඩේකට ගියත්, පෙට්‍රල් ෂෙඩ් එකකට ගියත්, බස් එකේ ගියත්, වෙන කොහේ ගියත්, ඉතුරු සල්ලි ටික හරි මාටියා ගහන හොරු. හරිම පරිස්සමෙන් ජීවත් වෙන්න සිදුවෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නෙ. මං මගේ මෝටර් සයිකලේට ෆුල් රෙපෙයාර් එකක් කරන්න භාර දුන්නා. ටැංකියෙ රු. 200ක විතර තෙල්Continue Reading