myths about locally produced Sri Lankan flag

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.Continue Reading

Rohan Samarajiva

රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි. Continue Reading

leprosy

ලාදුරු රෝගය සඳහා අදාළ ⁣ඖෂධ ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රජය විසින් පමණයි. කිසිම ඖෂධහලක මේ ⁣ බෙහෙත් අලෙවියට නැහැ. රෝගය මුල් අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත්, විකෘතිතා රැසක් ඇතිවෙනවා. ඖෂධ මගින් ඒවා යථා තත්ත්වයට පත්කරන්නට බැහැ. භෞත චිකිත්සාව (Physiotherapy) මගින් යම් සහනයක් ඇති වුවත් පුද්ගලයාට සමාජගත වීමට වන්නේ යම් යම් විකෘතිතා සමඟයි. මේ නිසා ඔවුන් සමාජයේදී කොන් කිරීමට, වෙන් කොට සැලකීමට ලක්වෙනවා. ඔවුන් සඳහා නිසි උපදේශන සේවාවක් පැවතීම කාලීන අවශ්‍යතාවයක්. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට ඉඩ තිබේ. ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත. Continue Reading

Arjuna Ranathunga

මෙය හරියට ලංකාව ගොඩනගනවා වැනි වැඩකි. එය තමන්ට කළ හැකි බව කී පුද්ගලයන් කිසිවකුට එය කරන්නට බැරි විය. හේතුව අන් කිසිවක් නොව, තනි පුද්ගලයතුට එය කළ නොහැකිය. ලංකාව නම් භූ දේශපාලනික හා සමාජ පද්ධතිය ගොඩගැනීමට පණගැන්විය යුතු යන්ත්‍රය අතිවිශාල එකකි. ජනාධිපති එහි ස්ටාටර් මෝටරය වැනිය. එය වැඩ කළ පළියට එන්ජිම දුවන්නේ නැත. ලංකාවේ අර්බුදය ද ක්‍රිකට් අර්බුදය ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය.Continue Reading

COVID-19-vaccine

මිනිස් ඉතිහාසය කියන්නේම වසංගත සමග සටන් කළ ඉතිහාසයක්. ඇසට නොපෙනෙන මේ සතුරාට එරෙහිව මේ තරම් සියුම් විදියට සටන් කරන්නට අපට හැකි වුණේ මිනිස් බුද්ධියේ තිබෙන විශිෂ්ටත්වය හා විද්‍යාව නිසායි. එහෙම බුද්ධියක් ඇයි අපි අවභාවිතා කරන්නෙ? මෝඩකම අයිතිවාසිකමක් නෙමෙයි.Continue Reading

East Terminal of Colombo Port

වර්තමානයේ ලෝකය තුළ පවතින්නේ ගෝලීය ආර්ථික මූලෝපාය හා ජාතිකවාදය අතර ගැටුමක් ඔස්සේ ඉදිරියට යන ගමනකි. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරන්නේ ඒ අනුව කටයුතු කිරීමටයි. එම ආර්ථික මූලෝපායෙහි රාමුව තුළ ජාතික දේපල, රටේ සම්පත් වැනි සංකල්පවල අර්ථය නැවත විග්‍රහ කරගත යුතුය. ජාතික සම්පත් විකුණනවා වැනි සටන් පාඨ එම කාර්ය රාමුව තුළ ඒ අර්ථයෙන් පවතින්නේ නැත. Continue Reading

Pavithra drinking COVID syrup

මේ මිථ්‍යාවන් හරහා අවදානම වැඩිවෙන්නෙ දිළින්දන්ටම තමයි. ෂෝ එකට ධම්මික පැණිය බීපු පවිත්‍රාට, පියල් නිශාන්තට හා ඒවා ප්‍රවර්ධනය කරපු දයාසිරි ජයසේකරට හා වාසුදේවට කොවිඩ් හැදුණාය කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඔවුන්ට උපරිම සෞඛ්‍ය සත්කාර ලබාගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍ය කොවිඩ් රෝගීන්ට නොමැති විශේෂ සත්කාර ඔවුන්ට ලැබෙනවා. ඒ වුණාට ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන මිථ්‍යාවට අහු වී පෝලිම්වල ගොස් අවදානම් සහගත ලෙස පැණි අරන් ආ, ඒ ගැන විශ්වාසය තැබූ දිළිඳු ජනයාට පවිත්‍රලාට ලැබෙන අන්දමින් සෞඛ්‍ය සත්කාර ලැබෙන්නෙ නැහැ. ඔවුන් අතරින් කොටසක් මැරෙනවා. මෙතන තියෙන අසාධාරණේ ඒකයි. Continue Reading

anthropocene

ඇන්ත්‍රොපසීන අවධිය කියන්නේ කුමක්ද? එය නව මානව අවධිය ලෙස සරල ලෙස පරිවර්තනය කළ හැකියි. එය භූගර්භ විද්‍යාත්මක කාල වකවානු සමග සම්බන්ධ සංකල්පයක්. පෘථිවියේ පර්වත ස්ථරවල ෆොසිල තැන්පත් වන ආකාරය අධ්‍යයනය කර පෘථිවියේ භූගර්භ විද්‍යාත්මක යුග හා අවධි ආදිය නම්කිරීමේ බලය සහිත සංවිධානය වන්නේ ජාත්‍යන්තර භූගර්භ විද්‍යා සංගමයයි (IUGS). එම සංවිධානයේ නාමකරණය අනුව නම් පෘථිවිය වර්තමානයේදී ගතකරමින් සිටින්නේ හොලෝසීන අවධියයි. එය අවුරුදු 11,700ක පමණ කාලපරිච්ඡේදයක්. අවසන් අයිස් යුගයේ සිට නූතන අවධිය දක්වා විහිදෙන එම අවධියේ අවසන් කාලයේදී මානවයන් විසින් පෘථිවි භූගර්භය තුළ ස්ථාවර වෙනස්කම් සිදුකර තිබෙන නිසා අලුත් අවධියක් ඇරඹෙන බවට අදහසක් ඉදිරිපත් වුණා. නව මානවයන්ගේ අවධිය හෙවත් ඇන්ත්‍රොපසීන අවධිය ලෙස හඳුන්වනු ලබන්නේ එම අවධියයි. එය සම්පූර්ණයෙන්ම අලුත් භූවිද්‍යාත්මක අවධියක් බවට තර්ක කරනවා. Continue Reading

Shukra Munawwar

මෙවැනි දක්ෂ දරුවන් සෑම සමාජයකම ඉන්නවා. ඒත් ශුක්‍රා මුනවර් අප විස්මයට පත්කළේ ඇයි? එය අපේ ගැටලුවක්. එම ගැටලුව ඇසුරෙන් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඒකාකෘති සංකල්පයයි. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ stereotype කියායි. ඒකාකෘති කියන්නේ මිනිස් කණ්ඩායම්වලට හෝ පුද්ගලයන්ට ඔවුන් අයත් වන ජනවර්ගය, ආගම, ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සමාජය විසින් පවරා දෙනු ලබන ලක්ෂණයි. විවිධ මිනිස් කණ්ඩායම්වලට සම්බන්ධ ඒකාකෘති තිබෙනවා. Continue Reading