භයානකම තත්වය වන්නේ මේ රට පාලනය කරන පිරිස වනාහි ධම්මික බණ්ඩාර වැනි භින්නෝන්මාද තත්වයේ සිටින්නේ යයි සිතිය හැකි පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ප්‍රවර්ධනය කරන, ජාතික චින්තන තර්කනයට යට වූ, වෙනත් සමාන්තර විශ්වයක ජීවත් වන පිරිසක් වීමයි. ඔවුන් කරන කියන කිසිවක් මේ මිහිපිට වෙනත් රාජ්‍ය කරන දේවල් ඇසුරෙන් මුළුමනින්ම වටහාගන්නට බැහැ. ඔවුන් මේ රටට මොකක් කරයිද?Continue Reading

Champika Ranawaka and Sajith Premadasa

ශ්‍රී ලංකාවේ සියලු මහළු දේශපාලකයන් මේ වන විට අසාර්ථකව හමාරය. 2025දී නැවතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ ඉදිරියට ගැනීමට දැන් සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව රාජපක්ෂ බලවේගය පවා කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වීමට හැකියාව තිබෙන කිහිපදෙනා අතර චම්පික ඉදිරියෙන් සිටින අයෙකි. සෙසු අය වන්නේ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඒ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බවක් මේ වන විට කිසි සේත්ම ප්‍රදර්ශනය වන්නේ නැත. පමා වී අවදි වන කුරුල්ලන්ට පෙර වේලාසනින් අවදි වූ කුරුල්ලන් ආහාර සොයාගනු ඇත. Continue Reading

මුස්ලිම් ජනතාව විසින් අවබෝධ කරගත යුතුව තිබෙන කාරණයක් තිබේ. ආගමික අන්තවාදයෙන්, ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් මුස්ලිම් ජනතාවට කිසිවක් දිනාගැනීමට ලැබෙන්නේ නැත. ඒවාට ගොදුරු වීමෙන් ඔවුන් සිංහල ජනතාව අතර සිටින මිතුරන් ද අහිමි කරගනිමින් සිටියි. ඔවුන්ට ලෝකයේ වෙන කොහේවත් සිංහල ජනතාව තරම් සමීප මිතුරන් පිරිසක් නැත.Continue Reading

Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය. Continue Reading

Mahara prison riots

රජයේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් නීතියට පිටින් මරාදැමීම ශිෂ්ට සමාජයන් අනුමත නොකරන අපකීර්තිමත් ක්‍රියාවක්. ඒ බව සමාජයක් ලෙස අප ද පිළිගන්නා නිසායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තියේ මෙහෙම කියවෙන්නෙ: “නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය.”Continue Reading

Recover Better

වසංගත මර්දනයේ මුවාවෙන් හමුදා, පොලිස්, සෞඛ්‍ය හා මාධ්‍ය මෙහෙයුම් හරහා රෝගීන්ගේත්, ආශ්‍රිතයන්ගේත්, පොදු සමාජයේත් මානව හිමිකම් උල්ලංඝනය නැවැත්වීමට මෙවර මානව හිමිකම් දිනයේ තේමාව උපයෝගී කරගත යුතුයි. Continue Reading

Jagath Weerasinghe

මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.Continue Reading

corona syrup

බටහිර ආධිපත්‍යවාදයට යටත් වූ පළියට අපගේ ජීවිත සාර්ථක වුණාද? ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. අපේ වර්තමාන කාලකණ්ණිකමට හේතුව බටහිර විසින් අපට පැටවූ දේ යයි සිතීම ලෙහෙසිය. පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග්‍රීසීන් නොආවා නම් අපට මීට වඩා සාර්ථක ජීවිත අත්පත් වනු ඇතැයි ද එසේ වී නම් මෙසේ වනු ඇතැයි පරිකල්පනය කරගැනීම ද වර්තමාන කටුක යථාර්ථයට මුහුණදීමට වඩා ලෙහෙසිය. අතීතය ගැන මෙම පරිකල්පනයන් තුළ අපට සුන්දර ලෝකයක් හමු වේ. එහි බුද්ධදාස පරපුරේ වෙදකම් ද, අංගම්පොර ද, හාස්කම් ද, යෝධයෝ ද, වීරයෝ ද, ඉසිවරු ද, තවත් බොහෝ විස්මිත, සුන්දර දේ ද අපට හමු වේ. අතීතකාමී ඉතිහාසය ද, ප්‍රබන්ධ සාහිත්‍යය, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා ආදිය ද අතර වෙනසක් නැත. Continue Reading

Gotabaya Rajapaksa

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ආණ්ඩුවේ කයිවාරු කොතරම් වුණත්, රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති බවක් නම් නොපෙනේ. එසේම, රට තුළට ගෙන්වා බෙදාහැරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය තොගවල වටිනාකම රුපියල් බිලියන ගණන්ය. ඒ අසුවෙන ඒවාය. අසු නොවන ඒවා ගැන දන්නේ කවුරුද?Continue Reading

media cameras

ආණ්ඩුවට කළ හැකි දේ අතිශය සීමිතය. එහෙයින් ආණ්ඩුව කරන්නේ බොරු කීමයි. ඒ වෙනුවෙන්, කටේ තොලේ නොගෑවී අල්ලේ පැලවෙන බොරු වීදීමට දක්ෂ අජිත් නිවාඩ් කබ්රාල්, ජී.එල්. පීරිස්, විමල් වීරවංශ වැනි දේශපාලන වෘත්තිකයන් මෙන්ම, වාචාලකමින් ජයගත හැකි මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වාචාල පුද්ගලයන් ද සිටින එක ආණ්ඩුවට වාසියකි. එහෙත්, බොරුව තිරසර නැත. බොරුවෙන් මේ රටේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැත. ඉදිරි වසර කීපය මේ රටේ ජනතාවට ලබාදෙනු ඇත්තේ කාලකණ්ණිකම පමණි. Continue Reading