මැයි මාසයේ පිපෙන ලංකාවේ සකුරා මල

මැයි මාසෙට ගස්වල මල් පොකුරු පොකුරු පිපෙනවා. මැයි මාසෙට මැයි ගස්වල මල් පිපෙනවා ද? සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තමයි මැයි ගස්වල මල් පිපෙනවා ය කියන්නේ. මැයි ගසට ඒ නම වැටුණෙ ඒ ගස මේ රටට ආපු රටක භාවිතා කරන ඒ හා සමාන නමකින් වෙන්නට පුළුවන්.
මැයි ගස අඩි 40ක් පමණ උසට වැවී, අතුපතර විහිදී සෙවණ සදන ගසක්. මල් පිපෙන කාලෙට හිස පුරා මල් දරා පරිසරය හැඩ කරමින් පරමල් පෙති සලා පාවඩ එළන සුන්දර යෝධයෙක්. පේරාදෙණිය මැයි මල්වලට විශේෂයි.
මැයි ගසේ උද්භිද විද්‍යා නාමය Tabebuia rosea. එය දකුණු ඇමරිකා මහාද්වීපය නිජබිම කරගත් ගසක්. මෙක්සිකෝ, ඉක්වදෝර්, වෙනිසියුලා වැනි රටවල මේ ගස හොඳින් වැවෙනවා. එල් සැල්වදෝර්වල ජාතික පුෂ්පය මැයි මලයි. ඇතැම් රටවල මේ ගසට ට්‍රම්පට් ට්‍රී කියනවා. ලංකාවේ එය ශ්‍රී ලාංකික සකුරා කියාත් ඇතැමෙකු හඳුන්වනවා.
ශ්‍රී ලංකාවට මැයි ගස සංක්‍රමණය වන්නට ඇත්තේ යටත් විජිත සමයේ විය හැකියි. මැයි ගස් අදත් වැඩිපුර දකින්නට ලැබෙන්නේ උද්‍යාන, වීදි වැනි සෙවණට ගස් වවන තැන්වලයි.
මුල් රූපයේ දැක්වෙන මැයි මල් මා ඡායාරූපගත කළේ කොළඹදීයි. පහත දැක්වෙන ඡායාරූප අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය අසල ධර්මපාල මාවතයි. ඡායාරූප ලබාගත් ලක්මාල් චතුරංග වීරසූරියට ස්තුතියි.



මේ මැයි ගහ යට දවසක්දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ
මැයි මල් පිපී තිබී
අපට සෙවණ දුන්නා
මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන මේ ගීය අනුව නම් මැයි මල් රතු පාට විය යුතුයි. මැයි මල පහත දැක්වෙන රතු මල යයි විශ්වාස කරන අයත් ඉන්නවා. එහි විද්‍යාත්මක නාමකරණය සොයාගන්නට මා තවමත් අසමත් වුණා.

poinciana tree scientific name Delonix regia
Thank you very much. I will write another article about it.
The sakura tree is originally from Japan. The flowers in your first three photos look like sakura. The red flowers in your last photo are what we call mai mal in SL. Milton sang about that.