Environment

මේ පඬු කරඳ ගස හැර වෙනත් පඬු කරඳ ගස් තිබේද?

සංවර්ධනයේදී පරිසරයට හානි සිදු වේ. ලංකාව වර්තමානයේදී මුහුණ දෙන අර්බුදය හමුවේ රුපියල් බිලියන ගණනක් වැය කර අදිවේගී මාර්ගය වෙනස් කරනවාට වඩා පඬු කරඳ ගස වෙනත් ආකාරවලින් සංරක්ෂණය කර පාර හැදීම වැදගත් බව අපගේ අදහසයි.

1 Minute
Environment

මුහුද දිහා බලනකොට පවා මේ වගේ කෑදර විදියට බලන එක වැරදියි

ලංකාව ලෝකෙ වැඩියෙන්ම සමුද්‍ර දූෂණය කරන රටවල් අතරින් එකක්. මුහුදෙ ස්වාභාවික සම්පත් කියන්නෙ ඉතාම පරිස්සමෙන් තිරසර ලෙස භාවිතා කළ යුතු දේ. එහෙම නැතුව හූරාකාල ගොඩයන්න තියෙන ජාති නෙමෙයි. එක්සත් ජාතීන්ගෙ තිරසර සංවර්ධන අරමුණු 17න් 14වෙනි එක ‘දිය යට ජීවිතය.’ ඒ යටතෙ ‘Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development’ කියලයි සඳහන් වෙන්නෙ. ඒ කියන්නෙ ‘තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුද සහ සාගර සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර ලෙස භාවිතා කිරීම’. මේව ලංකාව අනුගමනය කරන්නට එකඟ වෙලා තියෙන කාරණා.

1 Minute
People

සිංහරාජය තුළ සංචාරකයන්ට මගපෙන්වන සුජීවනී

සුජීවනී හෙවත් සුජී අපට හමුවුණේ දෙනියායෙ මෙදේරිපිටියේදී. ඇය දෙනියායේ පිටදෙනියෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම ආසන්නයේ ජීවත්වන තිස්විය ඉක්මවූ කාන්තාවක්. ඇය පිළිබඳ සටහනක් තබන්නට හේතු වුණේ ඇය කරන සුවිශේෂ රැකියාව නිසායි. ඇය සිංහරාජය බලන්නට යන සංචාරකයන්ට මගපෙන්වන්නියක්. විස්සකට වැඩි පිටදෙනියේ සංචාරක මාර්ගෝපදේශකවරුන් අතර සිටින කාන්තාවන් දෙදෙනෙකු අතරින් සුජී කැපීපෙනෙනවා.

1 Minute
Environment

සාගරය රැකගන්න ඉන්දියාවට පිහිනා ආපසු පැමිණ වාර්තා තැබූ රොෂාන් අබේසුන්දර

ගිනස් වාර්තාවක් වෙනුවෙන් පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර අප්‍රේල් 10දා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි දක්වා පිහිනීම ආරම්භ කළා. කිලෝමීටර් 59.3ක් ගෙවමින් දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණීම රොෂාන්ගේ බලාපොරොත්තුවයි. පැය 35ක පමණ කාලයක් ඒ වෙනුවෙන් ගතකිරීමට අපේක්ෂා කරනවා.

1 Minute
Agriculture

ලංකාව ආක්‍රමණය කරන මේ විදේශීය බලවේග ගැන අවධානය මදි

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් 2016 වසරේදී සම්මත කරන ලද ආක්‍රමනික ආගන්තුක ජීවීන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් මේ වන විටත් නව සත්ව සහ ශාක විශේශ ගණනාවක් මෙරටට ගෙන්වා ඉන් ඇතැමෙකු මේ වන විටත්ස්ව භාවික පරිසරයට එක්ව බෝවීමටද පටන් ගෙන තිබෙන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

1 Minute
Media

භාග්‍යා නොඉවසීම

මෙවැනි සුළු සිදුවීම් ඉවසන්නට ආණ්ඩුවට හා එයට සම්බන්ධ අයට බැරිවීම හා සාමාන්‍ය ගැමි තරුණියකට එරෙහිව මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ පොලිසිය මැදිහත්කර බියපත් කිරීම සරල සිදුවීමක් නොවේ. අසාර්ථක පාලකයන්ට විරුද්ධ මත ඉවසාගැනීමට නොහැකිව සිදුකරන ලද ජන ඝාතන, අතුරුදහන් කිරීම් හා වධහිංසනයන් පිළිබඳ උදාහරණ ශ්‍රී ලංකාවේ එමටය. ලංකාව වැනි රටවල බලයට පත්වන ජනප්‍රිය, එහෙත්, බුද්ධියෙන් අඩු පාලකයන් පහසුවෙන් මර්දනයට හා රාජ්‍ය ත්‍රස්තවාදයට යොමුවිය හැකිය.

1 Minute
Environment

දාරලුවේ පඬුකරඳ (හිමි)

මතභේදයට තුඩුදී තිබෙන ගස විද්‍යාත්මකව ඉවත් කර වඩා හොඳ තැනක ප්‍රතිස්ථාපනය කර සංරක්ෂණය කිරීම එතරම් දුෂ්කර කාර්යයක් බව පෙනෙන්නේ නැහැ. විරෝධතාවාදීන් බොහෝදෙනෙකුත් මෙවැනි මෙගා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභවලට ලොල් අය. ඒ කෙසේ වෙතත්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය රට ණය කරමින් දැන් කලක් තිස්සේ ඉදිරියට යන එකක්. එය අතරමග නවත්වා නොදැමිය යුතුයි. පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් කළ යුතුව තිබෙන්නේ මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමට රජයට උපකාර කිරීම මිස රජයෙන් මස් රාත්තලම ඉල්ලා කඩාකප්පල්කාරී ලෙස හැසිරීම නොවෙයි. මෙවැනි මෙගා සංවර්ධන ව්‍යාපෘති මේ රටට අවශ්‍යද යන්නත් ඊළඟට කල්පනා කළ යුතුයි.

1 Minute