Politics

ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද?

පොහොර සම්බන්ධයෙන් වැරදි තීරණ ගනිමින් කෘෂිකර්ම අර්බුදයක් නිර්මාණය කිරීම හා නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. තවමත් ඔහු තම වැරදි සැබැවින් තේරුම්ගෙන නැත. තවමත් ඔහු කියන්නේ බොරුය. කරන්නේ වැරදිය.

1 Minute
Cartoon

පන්දාහ යනු රාජපක්ෂ පවුලේ ඕමික්‍රෝන් ප්‍රභේදයයි

දැන් ලබාදෙන සහන මගින් ආණ්ඩුවට සිය ගිලිහී ගිය ජනප්‍රියත්වය යළි ග්‍රහණය කරගැනීමට හැකිවේ නම්, එය සති කීපයකට පමණක් වන තරමේ ආර්ථික අර්බුදයක් රට තුළ නිර්මාණය වී තිබේ. ආණ්ඩුව ගන්නා මෙබඳු ක්‍රියාමාර්ග හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරීමේ අවදානමක් ද තිබේ.

1 Minute
People

එක කකුල තුන් තැනකට විකිණූ කෙහෙළිය රඹුක්වැල්ල

කෙහෙළිය රඹුක්වැල්ල සුදුසුකම් ලත් හෝටල් වෘත්තිකයෙක්. ගාමිනී ෆොන්සේකා රඟපෑ, හොඳින් ආදායම් ඉපැයූ සක්විති සුවය චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ ව්‍යාපාරික දිවියේ

0 Minute
Politics

කාදිනල්ට වෙච්ච දේ

පාස්කු ප්‍රහාරය ගැන ආගමික දේශපාලක කාදිනල්වරයා වරින් වර නිකුත් කරන ප්‍රකාශ ගැන අපට කීමට ඇති සියල්ල මේ කාටුනයෙහි කියා තිබේ.

0 Minute
Politics

69 ලක්ෂය තේරුම්ගැනීම

මෙම කාටුනයෙන් අප උත්සාහ කරන්නේ 69 ලක්ෂයේ බලවේගය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. ඔවුන්ට අනන්‍ය ආර්ථික දැක්මක් නැත. ඇත්තේ 1970-77 සමයේ කූටප්‍රාප්තියට පැමිණි ජාතික සමාජවාදී ආර්ථික දැක්මයි. දැන් එය කරතබාගෙන යන්නේ ජවිපෙ හා පෙසපයි. 69 ලක්ෂයේ බලවේගයේ කඳ වනාහි භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදයයි. භික්ෂූන් විසින් සංකේතවත් කරන පරපෝෂිත, අලස, පටු රැඩිකල් ප්‍රචණ්ඩත්වය මෙහි ඇති වැදගත්ම සාධකයයි. තමන් විසින් ගොඩනගන ලද බලවේගයට නායකත්වය දීම දැන් රාජපක්ෂ බලවේගයටම ගැටලුවක් වී තිබේ. එහි නායකත්වය කා අතට හුවමාරු වේද? තරගකරුවන් බොහෝය. ආණ්ඩුව ඇතුළේම විමල් වීරවංශ නායකත්වය දෙන බලවේගය නිදසුනකි.

1 Minute
Politics

රෙදි නැති කළ විස්ස

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත.

0 Minute
Cartoon

පාලකයිනි, ඇඟිලි හතරක් ඔබ දෙසට

ශ්‍රී ලංකාවේ නැවත මතු වී තිබෙන කොරෝනා රැල්ලට වගකිව යුත්තේ ජනතාව යයි අඟවමින් දේශපාලකයෝ ද නිලධාරීහු ද ජනතාවට බනිනු ඇසේ. දේශපාලකයන් මෙයත් මතක තබාගත යුතු ය. ජනතාව වෙත එක ඇඟිල්ලක් දිගු කරන විට ඔවුන් දෙසට ඇඟිලි හතරක් නැතිනම් අඩුගානේ තුනක්වත් දිගු වේ.

0 Minute
Health

‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!’ ප්‍රතිපත්තිය

ලොව සංවර්ධිත රටවල් හා බුද්ධිමත් නායකයන් සිටින වෙනත් රටවල් කටයුතු කරන්නේ කොවිඩ්-19 සමග ජීවත් වන්නට ජනතාව හුරු කිරීමටයි. කොවිඩ්-19 ප්‍රස්ථාරය බිංදුව කරන්නට උත්සාහ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙන්නේ නැත. ඔවුන් උපදෙස් දෙන්නේ ප්‍රස්ථාරයේ වක්‍රය පැතලිව තබාගැනීමටයි. මේ අතර ශ්‍රී ලංකාව තවමත් අනුගමනය කරමින් ඉන්නේ ‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ’ ප්‍රතිපත්තියයි. එහි අරමුණ කොවිඩ්-19 බිංදුව කිරීමයි. කරන්නට පුළුවන් නම් එය නරක යයි කාටවත් කිව නොහැකිය. එහෙත්, එසේ කරන්නට පුළුවන් බවක් පෙනෙන්නේ නම් නැත.

1 Minute