පාස්කු ඉරිදා බෝම්බ සහ පෝට් සිටි ඉඩම්

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දී ජුනි මාසයෙන් පසු කොළඹ පෝට් සිටියේ ඉඩම් වෙන්දේසි කිරීමට නියමිතව තිබුණු බව ඔබ දන්නවා ද? ඒ ඉඩම් වෙන්දේසියට මේ ඇති වූ තත්වය කෙසේ බලපානු ඇද්ද?

(Article continued after the advertisement)
Media and Social Entrepreneur

කොළඹ වරාය පුරයේ හෙක්ටෙයාර් 269ක් තිබෙනවා. එහි ගොඩකිරීමේ කටයුතු මාස තුනකට කලින් අවසන් වුණා. මුහුද ගොඩ කර හැදූ මේ ඉඩමේ අයිතිය බස්නාහිර පළාතට පැවරීම හා වරාය පුරය තුළ කොළඹ ජාත්‍යන්තර මුල්‍ය පුරය ස්ථාපිත කිරීම ඇතුළු නීතිමය ප්‍රතිපාදන කිහිපයක් ඉදිරි මාසය තුළදී සිදුවීමට නියමිතව තිබුණා. එහිදී ගෝලීය බහුජාතික සමායතන ආකර්ශනය කරගැනීමට විශේෂ සහන නීතිගත කරගැනීමටත් නියමිතව තිබුණා.

ඩොලර් බිලියනයක පමණ ව්‍යාපෘති කෙරෙහි ආයෝජක අවධානය යොමු වී ඇති බව ද, දේශපාලන අස්ථාවරත්වය නිසා ආයෝජකයන් පසුබා සිටියත් ඔවුන් ආපසු හැරී ගොස් නැති බව ද වරාය පුර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු ජනවාරි මාසයේදී පැවසූ බව වරාය පුර වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය යම් දුරකට ආයෝජක උනන්දුව අඩු කිරීමටත්, එසේම, ඉඩම් මිළ පහත හෙළීමටත් හේතු වන්නට පුළුවන්. එසේම, ඇති වන දේශපාලන අස්ථාවරත්වය නිසා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය මෙන් ම ඉඩම් වෙන්දේසියත් කල් යන්නට පුළුවන්.

චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සහ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ CHEC Port City Colombo (Pvt.) Ltd සමාගම විසිනුයි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චීන සමාගම ඩොලර් බිලියන 1.4ක් වැය කරනවා. ශ්‍රී ලංකා රජය ද එහි පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඩොලර් බිලියනයක් පමණ වැය කරනවා. මෙහි වැඩ සම්පූර්ණයෙන් ම නිම වනු ඇත්තේ වසර 2040 පමණ වන විටයි.

කවරයේ ඡායාරූපයේ සහ පහත දැක්වෙන්නේ පෝට් සිටි සම්පූර්ණ කිරීමෙන් පසු එය දර්ශනය විය හැකි ආකාරය පිළිබඳ නිදසුන් කීපයක්.