මීගමුව දුම්රියපොළ ළඟ පනස් වසරක් පැරණි පිළිමය

මාකස් ප්‍රියන්ත පෙරේරා
1909 දෙසැම්බර් මස 01 වෙනි බදාදා දින මීගමුව දුම්රිය ස්ථානය ප්‍රථම වරට විවෘත කිරීමෙන් අනතුරුව මීගමුව දුම්රිය ස්ථානය සම්පුර්ණයෙන්ම නවීකරණය කරනු ලැබුවේ 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසිනි. 1978 ජනවාරි 23 දා එවකට ප්‍රවාහන ඇමතිවරයාවූ එම්.එච්. මොහොමඩ් මුල්ගල තබා මෙම දුම්රිය ස්ථානය සම්පුර්ණයෙන් නවීකරණය කර 1980 අප්‍රියල් 29 දා විවෘත කරනු ලැබුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට මාළුවෙකු අත දරා සිටින කාන්තාවක් සහිත අපූරු වතුර මලක් සහිත මූර්තියක් ද සමගිනි. මාළුවාගේ කටින් වතුර ගලා එනලෙස සකස් කර තිබු එම මූර්තිය මීගමුවට අපූර්ව සුන්දරත්වයක් එක් කළේය.
77 ආණ්ඩුව විසින් මීගමුවට ගෙන ඒමට අපේක්ෂා කල මීගමු නවෝදයේ මුල් පියවර මෙය යැයි ඔවුහු උදම් ඇනුහ. මාලුවෙක් අතැති මෙම මුර්තිය මීගමුවේ ප්‍රකට කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය නිරූපණය කිරීමත් නිසා මෙම මූර්තිය මීගමුවේ අනන්‍යතාවයේද කොටසක් බවට පත්වීමට ගතවුයේ ඉතාමත් කෙටිකලකි. අපි කුඩා කාලයේද ක්‍රියාත්මකවූ මේ වතුර මල දෙස් විදෙස් සංචාරකයින්ගේ ජයාරූපයට නැගුණු, පුවත්පත්වල පවා පින්තූර පළවූ, වෙසක් දිනයට පාට පාට ප්ලෑෂ් ලයිට් එළිවලින් පවා ආලෝකවත් කල මනරම් පොකුණක් සහිත ස්ථානයක් විය.
පොකුණේ බැම්මේ මෙන්ම අවට වූ බංකුවලද ජනයා වාඩිවී දුම්රිය පැමිණෙන්න තුරු නිස්කලංකව බලා උන්නේ එහි කිසියම් සුන්දරත්වයක් වූ නිසාමය. යුද්ධය පැවතී සමයේ තඩි යකඩ වැඩක් ගසා කොටුකල මෙම දුම්රිය ස්ථානයේ වතුර මලද ක්‍රියා විරහිත කර දමන ලදී. මාළුවෙකු අතින් ගත් ස්ත්රියගෙන් ගලාහැලෙන වතුර මල පණක් නොව එම මූර්තිය පවා වල්වැදී ගියහ.
නැවත ආණ්ඩු බලය එක්සත් ජාතික පක්ෂය හොබවයි. ප්‍රවාහන අමාතංශයදා ඇත්තේ ඔවුන්ටමය. ඒ ආණ්ඩුව සෑදීමට මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ අති විශාල වැඩි ජන්ද ප්‍රමාණය ලබා දී තිබේ. එහෙත් ඔවුන් මීගමුවට කරන යමක් නැත. සංවිධායකකම බෙදාගැනීමට බැරිව මරාගැනීමට නම් මීගමුවේ එ. ජා. පක්ෂ නායකයෝ ඕනෑ තරම් සිටිති. එහෙත් ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ දැනෙන වෙනසක් කිරීමට කිසිවෙක් නැත. වෙන මොකවත් නොව අඩුම තරමින් මීගමුව දුම්රිය ඉදිරිපිට ඇති මේ මුර්තිය එළිපෙහෙලිකර වතුර මලවත් නැවත ක්‍රියාත්මක කර මීගමුවට කුඩා හෝ එළියක් ගෙන දීමට ඔවුන්ට හැකියාවක් නැද්ද?

Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? - TOPnews.LK on ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018