Soil on coffin

අජිත් පැරකුම් ජයසිංහ

ඔබත් යන්නට ගියා
තවත් අය ගිය මග ම
අපත් හෙට යන මග ම
යන්න වෙන එකම මග
එහෙත් යාම ම දුකක් වන

නිහඬ ඔහු සැඟව ගිය
දෙන සෙමින්
හෙමි හෙමින්
පොළෝ ගැබ ගිල්වනු
බලා සිටියෙමි නුදුරු
තෙත් පස්ගොඩැල්ලක් මත සිට

පෙට්ටියේ පියන මත
බොල් හඬින්
වැටෙන විට වැස්සට
පෙඟුණ පස් මිට මිට
දැනුණි හදවත මත
පතිත වනු යමක්
කිම එය?

දෙනෝ දාහක් දෙන
උදෙත් හවසත් හමු වුණත්
හදේ තනියකි
සැලෙන සුසුමකි
නැගෙන ඉකියකි

හමු වුණත් නොවුණත්
ඔබ සිටින බව
දැන උනිමි
රැහැනකින් බැඳී හද

ඔබ නිදන මිහි තල
එක ම එක තලයකි
පෑගේ ය දැනුත් එය
මේ මෙතන පා යට
ඔබ මෙන්න මෙතන ය
එහෙත් ඔබ නැත
ඔබ ලෙස

(ඡායාරූපය: දුෂාන්ත කුමාර)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.