ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

ලෝක සිනමා ඉතිහාසයේ නවකතා ඇසුරින් බිහි වූ සිනමා කෘති ඕනෑ තරම්. නමුත් නවකතාවකින් සිනමා කෘතියක් බිහි කිරීම හැමවිටම අභියෝගයක්. වෙනත් සිනමා කෘතියක් සේ නොවෙයි. ප්‍රේක්ෂකයා යන්නේ තමන් දැනටමත් දන්නා කතාව සිනමාකරුවා කෙසේ සිනමාවට නගා ඇද්දැයි බැලීමටයි. අනෙක් අතට නවකතාවකින් සිනමා කෘතියක් බිහි වූ පසු එයින් නවකතාව සෙවීම ද අනුවන කමක්. නමුත් සිනමා කෘතිය නවකතාව අභිබවා ගිය සිනමා භාවිතාවකින් පෝෂණය වී ඇත්නම් කාටත් සතුටු විය හැකිය.

අසන්ධිමිත්තා සමන් වික්‍රමාරච්චි විසින් ලියන ලද කෙටි නවකතාවකි. මේ නවකතාව බටහිර සිනමා හා සාහිත්‍යාදියෙහි අභාෂයෙන් ලියැවුණු නවකතාවක් බවයි මගේ වැටහීම.

කොහොම වුනත් අසන්ධිමිත්තා නවකතාව මෙන්ම එය අමුද්‍රව්‍ය කරගෙන අසෝක හදගම විසින් හදන සිනමා කෘතිය ද ආකෘතික හා අන්තර්ගතමය වශයෙන් අසන්ධිමිත්තා නවකතාවට සමානකම් දක්වනවා.

අසන්ධිමිත්තා සිනමා කෘතිය උසස් සිනමා කෘතියක් ලෙස සැලකිය නොහැකිය යන්න මගේ අදහසයි.

අසන්ධිමිත්තා රාත්තල් 300 කට වඩා බර කසාද දෙකක් කැඩිච්ච අවුරුදු 38 ක ගැහැනියකි (නිල්මිණි සිගේරා). ශාරීරිකව තරබාරු නිසාම ඇයට සැබෑ ලෝකයේ පිරිමියෙක් මුණගැහෙන්නේ නෑ. ඒ නිසා ඇය බස් එකේදී හමුවන පිරිමියෙක් මනෝමය වශයෙන් තමන් ජීවත්වන කුලී නිවසට කැදවාගෙන එනවා. ඔහු හා ජීවත් වෙනවා. ඔහු අඩි 5 අගල් 3 ක් උස රාත්තල් 150 ක් බර පවුල් බරක් නැති තනි වූ හදවතක් හොයන වරදට සමාව දෙන්න සූදානම් තනිකඩ පිරිමියෙක් (ධර්මප්‍රිය ඩයස්).

අසන්ධිමිත්තා චිත්‍රපටයේ දර්ශනයක්

සිනමා පටය ආරම්භයේදීම මේ ප්‍රධාන චරිත දෙක චරිත නිරූපනයකට වඩා අමු අමුවේම තමන්ගේ ජීව දත්ත ප්‍රේක්ෂකයාට වචනයෙන් කියනවා.

අසන්ධිමිත්තා කියන තරබාරු ගැහැනියගේ මනෝලෝකය තුළ ජීවත්වන ද්විත්ව පිරිමියාගෙන් එකෙක් ඉතා ගොරහැඩි සැරපරුෂ වැඩිහිටි පිරිමියෙක් (ඩබ්. ජයසිරි), අනිකා රෙදි හෝදන, මිදුල් අතුගාන, ගැහැනුන්ගෙන් යැපෙන්නට උත්සාහ කරන, රැකියාවක් කරන්නට අකමැති, නෝන්ජල් කපටි එකෙක්. (ධර්මප්‍රිය ඩයස්).

සිනමාපටය පුරා කථකයා විටින් විට මාරු වෙනවා. විටෙක සිනමා තිරපිටපත් ලියන්නෙක් ප්‍රේක්ෂකයාට කතාව කියනවා, විටෙක අසන්ධිමිත්තා ප්‍රේක්ෂකයාට කතාව කියනවා, තවත් විටෙක අධ්‍යක්ෂක වරයා ප්‍රේක්ෂකයාට කතාව කියනවා.

ගැහැනියගේ රැකියාව අහිමි වීමෙන් අනතුරුව ඇයත් ඇයගේ මනෝමය ද්විත්ව පිරිමියාත් ජීවත් වීමට නොයෙක් උත්සාහයන්වල යෙදෙනවා. වරක දේවාලයක් පවත්වාගෙන යමින් මිනිසුන් රවටන්නට ගොස් අමාරුවේ වැටෙනවා.

ඉන්පසු පුද්ගලයින්ගේ අතිශය පෞද්ගලික ප්‍රශ්න විසදන ආයතනයක් පටන් ගන්නවා. පුවත්පෙත් දැන්වීම් ළෙ කර සේව‍ෙදායකයන් සොයාගැනීමයි ඔවුන්ගේ අරමුණ.

පසුව පුද්ගලික ප්‍රශ්නයක් පිළිබද ලිපියක් එවූ තරුණියක් සොයායන ඇයත් ඇයගේ මනෝමය ද්විත්ව පිරිමියාත්, ස්වාමියා හැරගිය තරුණ කාන්තාවකුත්, ඇගේ නැගෙනියත්, රෝද පුටුවක සිටින ඔවුන්ගේ මවත් සිටින නිවසක රාත්‍රියක් ගත කිරීමට අවස්වථා ලැඛෙනවා. එහිදී අසන්ධිමිත්තාගේ මනෝමය ද්විත්ව පිරිමියා, ඒ නිවසේ සිටින ස්වාමියා හැරගිය තරුණ කාන්තාව සමග ක්ෂණික හාදකමක් ආරම්භ කරනවා.

මේ ආකාරයෙන් චිත්‍රපටයේ කතාව ඉදිරියට යනවා.

සිනමාපටය පුරා විශාල ආකෘතික හරඹයක යෙදෙන අධ්‍යක්ෂකවරයා කියන්නේ කුණු වූ ගඳගහන ධනවාදී සමාජයේ මානව බැදීම් පිළිබද ඛේදවාචකයයි.

සාමාන්‍යයෙන් මනෝ විශ්ලේශණ න්‍යායානුකූලව ගොඩනැගුණු ඇල්ෆ්‍ර‍ඩ් හිච්කොක්, ඩේවිඩ් ලින්ච් වැනි අයගේ සිනමා කෘති සහ තවත් බොහෝ එවැනි සිනමාපටවල දකින්නට ලැඛෙන සිනමා භාවිතාවන් බැලූවහම අසන්ධිමිත්තා අධ්‍යක්ෂකවරයාගේ උත්සාහය අසාර්ථකයි.

භෞතික ලෝකය හා මනෝලෝකය කියන කාරණා දෙක ගත්තහම මනෝලෝකයට බර අසන්ධිමිත්තා කියන තරබාරු ගැහැනියගේ චරිතයේ අභ්‍යන්තරය නිරූපණය කිරීමට සිනමා මාධ්‍ය තුළ ඇති ශක්‍යතාවන් කිසිවක් ඇය වෙනුවෙන් භාවිතා කරන්නට ඉතා කණගාටුදායක ලෙස අධ්‍යක්ෂකවරයා අසමත් වී තිඛෙනවා. ඒ වෙනුවට ඔහු ඉතා සාම්ප්‍රදායික ටෙලිනාට්‍යවල එන භෞතික රූප රාමු ඔසේ තරබාරු ගැහැනියගේ මනෝලෝකය ගොඩනගන්නට නිරර්ථක උත්සාහයක නිරත වී තිඛෙනවා.

ඒ පමණක් නෙවෙයි. සිනමාපටයකින් ගැහැණියකගේ මනෝලෝකය සියුම්ව ප්‍රකාශ කිරීම වැනි කාරණයකදී සිනමා මාධ්‍ය තුළ තිඛෙන්නා වූ අවස්ථාවන් අධ්‍යක්ෂකවරයාට මගහැරී තිඛෙනවා. වර්ණ, හැඩතල සහ සංගීතය වැනි අංශවලින් ලබාගත හැකිව තිබූ ආලෝකයත් ට මගහැරී තිඛෙනවා.

නවකතාවේ සිටම ආනයනික බවක් පෙන්වන මේ කතා ශානරය සිනමාවෙන් ප්‍රතිනිර්මාණය කිරීම සදහා ආනයනික සිනමා භාවිතාවක් ම අසන්ධිමිත්තා එළඹෙන හෑම රූප රාමුවක් තුලින්ම කෑ ගසා ඉල්ලා සිටියද ඇයට එය අධ්‍යක්ෂකවරයාගෙන් නොලැඛෙන බව දැනෙන තැන නම් ප්‍රේක්ෂකයා වන අප දැඩි කම්පනයකට පත් වෙනවා.

මෙම ලිපියත් කියවන්න: ස්ලිම් ප්‍රබන්ධය තුළ රාත්තල් තුන්සීයේ යථාර්ථය; අසන්ධිමිත්තා

Leave comment

Your email address will not be published. Required fields are marked with *.