බාබකියු නිසා මිනිසුන් මැරෙන්නෙ ඇයි?

සීතල මකා ගන්නට බාබකිව් උදුන කාමරයේ තබා ගත් හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක හිමිකරු වන, 60 හැවිරිදි ලෝගනාදන් බාලචන්ද්‍රන් මිය ගියා. ඔහුගේ බිරිඳ සහ සේවිකාවක අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වුණා.
මෙම මරණයට හේතුව විෂ වායුවක් බව වාර්තා කර තිබුණත්, බොහෝ දෙනෙකු මෙම මරණයට සැබෑ හේතුව දන්නේ නැහැ. මෙවැනි මරණ මීට පෙරත් ලංකාවේ වාර්තා වී තිබෙනවා. ලෝකයේ මෙවැනි මරණ රැසක් වාර්තා වෙනවා. ඒ නිසා මේ කාරණය දැනගැනීම ඔබ කාටත් වැදගත්.
මේ මරණයට හේතුව කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය වීමයි. බාබකියු සඳහා යොදාගන්නා ගල් අඟුරු වැනි ඉන්ධන නිසි පරිදි දහනය වීමට අවශ්‍ය ඔක්සිජන් නොලැබුණු කල එයින් කාබන් මොනොක්සයිඩ් වායුව නිකුත් වෙනවා. මෙම උදුන් කාමරයක් තුළට ගත් විට කාමරයේ ඔක්සිජන් අවසන් වී කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යනවා. එළිමහනේදී ඇති තරම් ඔක්සිජන් ඇති නිසා මෙය සිදු වන්නේ නැහැ.
කාබන් මොනොක්සයිඩ් වායුවේ කිසිම ගන්ධයක්, රසයක්, වර්ණයක් නැහැ. ඒ නිසා එය ආඝ්‍රාණය වන බව දැනෙන්නේත් නැහැ. හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, කරකැවිල්ල, වමනය සහ ඉක්මණින් ම සිහි නැති වීමත් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා බොහෝ විට මරණය නිහඬව ම සිදු වෙනවා.
බාබකියු කිරීම ඉවර වෙලා වුණත්, උදුන කුටියක් තුළට ගන්නට එපා. එය සම්පූර්ණයෙන් ම නිවෙන තෙක් උදුනෙන් කාබන් මොනොක්සයිඩ් නිකුත් වීමේ අවදානම තිබෙනවා.

ඊශා කප්පරගේ
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- Ranjith Thilakasiri on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
- Sarath warnakulasuriya on මානව සංවර්ධනයේ ඇන්ත්‍රොපසීන අවධිය
- Sarath warnakulasuriya on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
- Sarath warnakulasuriya on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- ජගත් පතිරණ on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018