ජනාධිපතියි විපක්ෂ නායකයි එකම පක්ෂයෙන් පත් වූ අවස්ථා හතරක්

අජිත් පැරකුම් ජයසිංහ (Read in English)
ජනාධිපතිත් විපක්ෂ නායකත් එක ම පක්ෂයෙන් පත් වීමේ පදනමින් හිටපු විපක්ෂ නායක සම්බන්ධන් වත්මන් විපක්ෂ නායක පත් වූ අවස්ථාවේදී විරෝධය පළ කළා. දැන් එය විසඳී අවසන් වුණත්, මෙය විශේෂ තත්වයක්. මීට කලින් ද ඉතිහාසයේ මෙය සිදු වී තිබුණත්, එය මේ අන්දමින් ප්‍රශ්න කෙරුණේ නැහැ.
මුලින් ම මෙය සිදු වුණේ 1994දීයි. 1994 අගෝස්තු 12දා පොදු පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැති වන විට රටේ ජනාධිපති වුණේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඩිංගිරි බණ්ඩා විජේතුංගයි.
1994 අගෝස්තු 24දා විපක්ෂ නායක ධුරයට පත් එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී දිසානායක 1994 ඔක්තෝබර් 24දා ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔහු ඝාතනය කරන තෙක් විපක්ෂ නායක ධුරය හෙබවූවා. ඒ අනුව, ඒ වකවානුවේ ජනාධිපතිත්, විපක්ෂ නායකත් දෙදෙනා ම පත් වුණේ එක ම පක්ෂයකින්.
ජනාධිපතිවරණය ජය ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩ භාර ගත්තේ නොවැම්බර් 12දායි. එම වසරේ ඔක්තෝබර් 28දා සිට නොවැම්බර් 12දා දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරය හොබවද්දීත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ම ඩී.බී. විජේතුංගයි.
නැවත වරක් එක ම පක්ෂයෙන් ජනාධිපති හා විපක්ෂ නායක පත් වුණේ 2001 දෙසැම්බර් 18යි. 2002 ජනවාරි 31 දක්වා රත්නසිරි වික්‍රමනායක විපක්ෂ නායක ධුරය හෙබවූයේ තම පක්ෂයේ ම නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධුරය හොබවද්දීයි.
2002 පෙබරවාරි 6දා සිට 2004 පෙබරවාරි 7දා දක්වා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරය දරද්දීත් ජනාධිපති වුණේ ඔහුගේ ම පක්ෂයේ නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.
ඒ නිසා එක ම පක්ෂයේ ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු සිටින එක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. එය මින් පෙර සිව්වතාවක් සිදු වී තිබෙනවා. දින 1100කට වඩා කාලයක්, එනම්, අවුරුදු තුනක පමණ කාලයක් මේ රටේ ජනාධිපති හා අගමැති යන තනතුරු දෙක ම පක්ෂයකින් හොබවා තිබෙනවා.
(කවරයේ ඡායාරූපය: ගාමිණී දිසානායක සිය බිරිය හා දරුවන් සමග. ඔහු ඝාතනය කිරීමෙන් පසු බිරිය ශ්‍රීමා දිසානායක ජනාධිපතිවරණයට තරග කළා ය. මෙහි ඔවුන්ගේ දරුවන් වන අරුණි, නවීන් හා මයන්ත වෙති. පසුව නම් සඳහන් කළ දෙදෙනා පාර්ලිමේන්තුව නියෝජනය කරති.)
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- Ranjith Thilakasiri on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
- Sarath warnakulasuriya on මානව සංවර්ධනයේ ඇන්ත්‍රොපසීන අවධිය
- Sarath warnakulasuriya on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
- Sarath warnakulasuriya on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- ජගත් පතිරණ on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018