Parrot: Digital Paint by Ajith Perakum Jayasinghe

ගිරවා The Parrot

අළු පාට අහසින්
සුදු පාට වැහි ගුලි
තද ම තද කොළ පාට
විසල් තුරු කැන්වසේ
නොකඩවා කැඩි ඉරි අඳියි

අකුණු ගුලියක් පුපුරද්දි
දිලිසෙන කොළ පාට
ලස්සන තරුණ ගිරවෙක්
රිංගීය ගස තුළට
අතුපතර අතර තුරු
ඔහු මැකී ගියේ ය

චිත්‍ර‍යක් අඳිනවා ඇති ඌ නම්
උණුසුම් කැදැල්ලක
බලාගෙන නොදැනම පින්සල එබෙයි
දුම් දමන කෝපි කෝප්පෙට

දන්නෙ නැහැ මං වගේ
ඌත් බඩගින්නෙ ද?
ඉන්නවද වැසි තුරල් වෙනකල්
ගස් බෙනේ දරුවන්ට
අහරක් සොයා යන්නට

හීන උණුසුම් කර කර
තටු යට


White pellets of rain
From the grey sky
Repeat broken lines
On the canvass of
Dark green massive tree

As a thunderbolt burst out
A bright green youthful
Beautiful parrot
Crept into the tree
He was deleted
Among tree leaves

He might be painting
In a cozy nest
Be careful buddy
You might dip the brush
In the hot coffee cup
In your artful mood

Do I know
He too is hungry
Like me
Is he waiting
Till rains wean
To fly to fetch food
For the yawning chicks
In the tree burrow

Warming his dreams
Under the feathers

අජිත් පැරකුම් ජයසිංහ

Sinhala Tamil English Translations and Content Writing