මාර්ග විනය ඇති කිරීමට ට්‍රක් රියදුරන් මෙල්ල කරනු

මාතර කිරින්දේදී මාර්ග වරදක් සම්බන්ධයෙන් දඩ ගැසූ පොලිස් පිරිසක් යට කර එක් පොලිස් නිලධාරියකු මරා දමා තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළ ට්‍රක් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාවත්කාලීන කිරීමයි: මෙම සිද්ධියේදී තුවාල ලද තවත් පොලිස් සාජන්වරයකු මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු 20 දින මිය ගියේ ය. ඔහු 47 හැවිරිදි පුද්ගලයෙකි.

Translations by Creative Content Consultants

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් වර්ගයේ රථ අවධානයට ලක් විය. එම වාහන මිල දී ගෙන පදවන ධනවත් පවුල්වල තරුණයන් අපරීක්ෂාකාරී ලෙස රිය පදවමින් අනතුරු ගණනාවක් සිදු කළ හ.

ශ්‍රී ලංකාවේ මේ අන්දමින් අධික අවදානම් ලෙස රිය පදවන තවත් රියදුරු වර්ගයක් වන්නේ ටිපර් නමින් හැඳින්වෙන විශාල ට්‍රක් රථ පදවන පිරිසයි. මෙම ට්‍රක් රථයක් සමග වෙනත් වාහනයක් හැපුණු විට ට්‍රක් රථයේ රියදුරාට අනතුරු සිදුවන්නේ ඉතා අඩුවෙනි. එහෙත්, අනෙක් වාහනය ත්‍රිරෝද රියක්, කාරයක් වැනි වාහනයක් නම් මරණ අනිවාර්ය ය. එසේම, මෙම ට්‍රක් රථ පාරේ ගමන් කිරීම නිසා විශේෂයෙන් ළමයින් ඇතුළු පදිකයන් ද, පාපැදිකරුවන් හා යතුරු පැදිකරුවන් ද දැඩි අවදානමකට පත්වෙති.

මෙම රියදුරන් බොහෝ දෙනෙකු ට වැටුප් ලැබෙන්නේ දිනකට ධාවනය කරන වාර ගණනට ය. ඒ නිසා ඔවුන් විසින් බොහෝ විට අධි වේගයෙන් ධාවනය කිරීම, මාර්ග නීති නොතකා ධාවනය කිරීම මෙන් ම, එවැනි වාහන ධාවනයට නොසුදුසු කෙටි හා පටු මාර්ගවල ධාවනය කිරීම පවා කරති.

මෙම ට්‍රක් රථ රියදුරන් විනයගත කිරීම ද ශ්‍රී ලංකාවේ මාර්ග විනය ඇති කිරීමේදී ඉතා වැදගත් ය.

Translations